IMF සහ ලෝක බැංකු ප්‍රධානින් හමු වූ අග්‍රාමාත්‍ය ලේකම්!

Date:

රෂිකා හෙන්නායක මාර්තු 22, කොළඹ (LNW):

අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා අමෙරිකාවේ නිව්යෝක් නුවරදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ ප්‍රධානින් හමුවී සාකච්ඡා කර අති බව වාර්තා වේ.

ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා එහිදී  IMFහි නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ කෙන්ජි ඔකාමුරා, IMF හි විධායක අධ්‍යක්ෂ ආචාර්ය ක්‍රිෂ්ණමූර්ති සුබ්‍රමනියන්, IMF හි ආසියා සහ පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ආචාර්ය ක්‍රිෂ්ණ ශ්‍රීනිවාසන් සහ IMF හි විකල්ප විධායක අධ්‍යක්ෂ ආචාර්ය පී.කේ.ජී. හරිස්චන්ද්‍ර යන මහත්වරුන් හමුවි සාකච්ඡා කළ බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.

ශ්‍රී ලංකාවේ දීර්ඝ කළ අරමුදල් පහසුකමේ ප්‍රගතිය පිළිබඳ එහිදී අවධානය යොමුව ඇති අතර, ඉදිරියේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකාවේ දීර්ඝ කළ අරමුදල් පහසුකමේ  සමාලෝචන සන්ධිස්ථාන සපුරාලීමට ශ්‍රී ලංකා රජය සහය ලබා දෙන බවද ප්‍රදීප් සපුතන්ත්‍රී මහතා ඔවුන් හමුවේ පවසා ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලය වැඩිදුර සඳහන් කරයි.

අවදානමට ලක්විය හැකි ප්‍රජාවන්ට සහාය වීම, බදු ක්‍රමයේ කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම සහ සමස්ත ආර්ථික ඵලදායිතාව වැඩි දියුණු කිරීම අරමුණු කරගත් රජයේ අඛණ්ඩ ඩිජිටල්කරණ ප්‍රයත්නයන් කෙරෙහිද මෙහිදී  අවධානයට ලක්ව ඇති අතර, ශ්‍රී ලංකාවේ ආර්ථිකය යතා තත්වයට පත්කිරීම  සහ සංවර්ධනයට සහාය වීම සඳහා ලෝක බැංකුවේ තිරසර සහයෝගය ලබා දෙන බව ලෝක බැංකුවේ දකුණු ආසියා කලාපයේ උප සභාපති මාර්ටින් රයිසර් මහතා පවසා ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ ප්‍රධානින් අතර පැවැති සාකච්ඡාවේදී, රටේ දිගුකාලීන ස්ථාවරත්වය සහ වර්ධනය සඳහා අඛණ්ඩ මූල්‍ය හා තාක්ෂණික සහාය සහතික කිරීම සඳහා ඉදිරියේදී අවශ්‍ය සහය  පිළිබඳව ද අවධානය යොමුව ඇත.

ලෝක බැංකුවේ ගෝලීය ඩිජිටල් සමුළුව පසුගිය 17 සිට 20 දක්වා වොෂිංටන් නුවරදි පැවැත්ණු අතර, මෙරට නියෝජනය කරමින් අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා ඊට සහභාගිවූයේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Update:අම්බලන්ගොඩ වෙඩි තැබීමෙන් තුවාල ලද ව්‍යාපාරිකයා ජීවිතක්ෂයට!

කොළඹ LNW:අම්බලන්ගොඩ නගර සභා පරිශ්‍රයේ සිදු වූ වෙඩි තැබීමෙන්...

Update : අම්බලන්ගොඩ නගර සභාව අසල වෙඩිතැබීමෙන් ව්‍යාපාරිකයකුට තුවාල !

සටහන - රුවන් නෙළුගොල්ල අම්බලන්ගොඩ නගර සභාව ආසන්නයේ (04) උදෑසන...

මහපොළ ශිෂ්‍යාධාරය තවත් වැඩි වෙන ලකුණු!

කොළඹ LNW:වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත...

අම්බලන්ගොඩ නගර සභාව අසල වෙඩිතැබීමක් !

සටහන - රුවන් නෙළුගොල්ල අම්බලන්ගොඩ නගර සභාව ආසන්නයේ අද (04)...