නීති විරෝධී ලෙස මෙරට රැදී සිටි බංගලදේශ ජාතිකයන් 10 දෙනෙකු අත්අඩංගුවට!

Date:

රෂිකා හෙන්නායක මාර්තු 25, කොළඹ (LNW):

කටුනායක ආඩිඅම්බලම ප්‍රදේශයේදී, නීති විරෝධී ලෙස මෙරට රැදී සිටි බංගලදේශ ජාතිකයන් 10 දෙනෙකු ආගමන විගමන දෙපාර්තමේන්තු විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 20ත් 30ත් අතර පසුවන බංග්ලදේශ ජාතික පිරිමි පුද්ගලයන් වන බව වැඩිදුරටත් වාර්තා වේ. ආගමන විගමන දෙපාර්තමේන්තු විමර්ශන අංශයේ නිලධාරීන් සිදුකල විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ, ඔවුන් යුරෝපයට පළා යාමේ අදහසින් මෙරට රැඳී සිට ඇති බවයි .

අත්අඩංගුවට පත්වන අවස්ථාව වන විටත් එම විදේශිකයන්ට මෙරට රැදී සිටීමට හිමිව තිබූ වීසා කාලය ද ඉක්මවා ගොස් ඇති බවත්, එම බංග්ලාදේශ ජාතිකයන් ශ්‍රී ලංකාවේ සිට ඩුබායි වෙත ගොස්, එතැන් සිට ඊජිප්තුව වෙත ඇතුළු වී ඉන්පසුව මධ්‍යධරණී මුහුද තරණය කර, යුරෝපය වෙත පිවිසීමට සැලසුම් කර ඇති බවයි විමර්ශනවලදී අනාවරණය වී ඇත.

මෙම අත්අඩංගුවට ගත් බංග්ලදේශ ජාතිකයන් පිරිස එරටට පිටුවහල් කරන තෙක් වැලිසර රැඳවුම් මධ්‍යස්ථානයේ රදවා තැබීමට ආගමන විගමන නිලධාරීන් පියවර ගෙන තිබෙන බව සඳහන් වේ.     

                 

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මධ්‍යම පළාතේ පාසල් වෙත යළි නිවාඩු!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:මධ්‍යම කඳුකරයේ පවතින අයහපත්...

නාමල්ගේ මාලිමා දමනය !

ග්‍රවුන්ඩ් එකේ නැත්නම් බිමේ වැඩකරනවා කියන එක වමට අයිති...

වනඅලියෙකු පිලිස්සීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරුවන් රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 18, කොළඹ LNW : ඉකුත් දා සීප්පුකුලම...

ආණ්ඩුව ජාතික ආපදා කළමනාකරණ සැලැස්ම ක්‍රියාත්මක නොකළ බවට විපක්ෂයෙන් චෝදනා!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ ආපදා තත්ත්වයේදී...