නෙත්මි සහ නිපුනි පොර අල්ලන්නට ජොර්දානයට

Date:

නිශ්මං රණසිංහ

කොළඹ මාර්තු 26, LNW:

මාර්තු 15 වන දා සිට මාර්තු 30 දා දක්වා ජෝර්දානයේ අග නගරය වන අම්මාන් හී පැවත්වෙන ආසියානු ජ්‍යෙෂ්ඨ මල්ලව පොර තරගාවලිය නියෝජනය කරන්නට හ්‍රී ලංකාවෙන් නෙත්මි අහිංසා සහ නිපුනි වාසනා සහභාගි වෙනවා.මේ වන යිට නෙත්මි සහ නිපුනි ඔවුන්ගේ පුහුණුකරු සමග ජෝර්දානය වෙත පිටත්ව ගොස් තිබෙනවා.

පොදු රාජ්‍ය මණ්ඩලීය මට්ටමෙන් මෙන්ම ආසියාතික මට්ටමෙන් ද හ්‍රී ලංකාවට මල්ලව පොර ක්‍රීඩාවෙන් පදක්කම් දිනා දී ඇති එකම ක්‍රීඩිකාව වන නෙත්මි,මෙම තරගාවලියට පෙර ඇමෙරිකාවේ දී විශේෂ පුහුණුවක් ලබා ගැනීමෙන් අනතුරුව මෙම තරගාවලියට එක් වන නිසා ඇය ගැන ආසියාවේම අවධානය වැඩියෙන් යොමුව තිබෙනවා. මේ තරගාවලියේ කිලෝ ග්‍රෑම් 57 බර පංතියෙන් තරග වඳින නෙත්මි අහිංසා සමඟ එම බර පංතියෙන් තරග වැදීමට ඉන්දියාව,උතුරු කොරියාව,දකුණු කොරියාව,ජපානය,කසකස්තානය,චීන තායිපේ,සිංගප්පූරුව,වියට්නාමය සහ චීනය නියෝජනය කරමින් තරගකාරියන් සහභාගි වෙනවා.

නිපුනි වාසනා සිය ජයග්‍රාහී වාසනාව සොයමින් තරග වඳින්න කිලෝ ග්‍රෑම් 50 බර පංතිය සඳහායි.නෙත්මිට වඩා බාල ක්‍රීඩිකාවක් වන නිපුනි,සිය දක්ෂතාවල නිපුනතා වර්ධනය කර ගනිමින් ඉදිරියට යා හැකි ක්‍රීඩිකාවක් බව දිනෙන් දින ඔප්පු කරමින් සිටිනවා.චීනය,ඉන්දියාව,කොරියාව,ජපානය,මොන්ගෝලියාව,පිලිපීනය,උතුරු කොරියාව,ටර්කිමෙනිස්තානයථඋස්බෙකිස්තානය,කසකස්තානය,වියට්නාමය,චයිනීස් තායිපේ යන රටවල ක්‍රීඩිකාවන්ගේ අභියෝගවලට එම බර කාණ්ඩය තුළ නිපුනිට මුහුණ දෙන්නට වෙනවා.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තවත් ධීවර යාත්‍රාවක් අනතුරක. දෙදෙනෙක් අතුරුදන් !

සටහන - රුවන් නෙළුගොල්ල තංගල්ල පරවිවැල්ල වරායෙන් මුහුදු ගිය බහුදින...

ලංකාවේ බැංකු කොයි තරම් ලාබ ලබනවාද ?

ලංකාවේ බැංකු වල ලාබ පිළිබඳව විවිධ දුර්මත ප්‍රචලිතව තිබෙනු...

අද (29) දවසේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන ප්‍රදේශ මෙන්න

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජුනි 29) දිනයේදී බස්නාහිර, සබරගමුව...

ජාතික ආරක්ෂාවට වැදගත් වන ජීවත් වීමේ අයිතිය තහවුරු කරන්න වත්මන් රජය අපොහොසත් වෙලා – සජිත් (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල මිද්දෙනිය ප්‍රදේශයේ තරුණයන් දෙදෙනකු ඝාතනය කිරීමත්...