ආර්ථිකය යථාතත්ත්වයට පත්වෙමින් තිබෙන්නේ. ප්‍රතිපත්ති පොළී අනුපාතිකයේ වෙනසක් නැහැ – මහ බැංකුව

Date:

කොළඹ LNW:ප්‍රතිපත්ති පොළී අනුපාතිකයේ වෙනසක් සිදු නොකිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබේ.

ඒ අනුව එම පොළී අනුපාතය 8% මට්ටමේ ඉදිරියටත් පවත්වාගෙන යන බවයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කරන්නේ.

වත්මන් සහ අපේක්ෂිත දේශීය සහ ගෝලීය සාර්ව ආර්ථික ප්‍රවණතා පිළිබඳව මනාව සලකා බැලීමෙන් අනතුරුව මුදල් මණ්ඩලයේ පුරෝකථනය අනුව උක්ත තීරණය ගෙන තිබේ.

මැදිකාලීනව උද්ධමනය සියයට 5ක මට්ටමේ ඉලක්කය කරා ක්‍රමයෙන් ළඟාවීම සහතික කරමින් ආර්ථිකයට එහි උපරිම ධාරිතා මට්ටමට ළඟා වීමට සහායවීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇති බවද ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරයි.

වසරේ අවසාන කාර්තුව වන විට අවධානම් තත්ත්වය පහවී අපේක්ෂිත ඉලක්කය කර ළඟා වීමට හැකිවනු ඇති බවද මහ බැංකුව කියාසිටියි.

ඉදිරියේදී පුරෝකථනයේ වෙනසක් වෙන බව පෙනුනහොත් අලුත් දත්ත මත පදනම් වූ තීරණයක් ගැනීමට හැකිවනු ඇති බවද මහ බැංකුව පවසයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂයේ බිල්ලන්ට සොරිම තමයි. කන්ටේනර් සිද්ධිය ගැන ජනාධිපතිතුමා තීරණයක් ගනී – බිමල්

කොළඹ LNW:ආන්දෝලනයට තුඩු දුන් බහාලුම් නිදහස් කිරීමේ සිද්ධියට අදාළව...

“Squid Game- season 3” ත්‍රාසජනක ගේමෙහි අවසානය!

සටහන – පුලී ජූලි 01, කොළඹ (LNW): ජුනි 27 වන...

හිටපු ආගමන විගමන පාලක වරද පිළිගනී. දඬුවම් නියම කිරීමට දින දෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය විදේශීය...

ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක්

මාසික ගෑස් මිල සංශෝධනය සම්බන්ධයෙන් ලිට්‍රෝ ගෑස් සමාගම නිවේදනයක්...