ශ්‍රී ලංකා – කොරියා බැඩිමින්ටන් හවුලක්

Date:

නිශ්මං රණසිංහ මාර්තු 28 කොළඹ LNW :

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් (SLB) හි උප සභාපති සහ එහි කලාපීය සංවර්ධන කමිටුවේ (RDC) සභාපති රොෂාන් ගුණවර්ධන දකුණු කොරියාව සමඟ ඵලදායී සබඳතාවයක් ගොඩ නැඟා ගැනීමට සමත් වී තිබෙනවා. දකුණු කොරියාවේ වත්මන් සභාපති මෙන්ම බැඩ්මින්ටන් ආසියාවේ සභාපති සහ බැඩ්මින්ටන් ලෝක සම්මේලනයේ කවුන්සිල සාමාජික කිම් ජොං සූ හමුවිමෙන් ඉනික්බිතිව පැවති සාකච්ඡාවලින් අනතුරුව මේ සඳහා අවශ්‍යය පසුබිම සකස් වි තිබෙනවා.

දෙරටේ බැඩ්මින්ටන් සබඳතා ශක්තිමත් කිරීම සහ ක්‍රීඩාවේ සහයෝගීතාවය සඳහා ඇති විය හැකි අවස්ථා ගවේෂණය කිරීම කෙරෙහි ඔවුන්ගේ හමුවේදී ඉහළ අවධානයක් යොමු වි ඇත. සාකච්ඡා කරන ලද ප්‍රධාන අංගයක් වූයේ SLB හි කලාපීය සංවර්ධන සංචිත ක්‍රීඩකයින් සහ දකුණු කොරියාවේ වයස අවුරුදු 13 න් පහළ සහ 15 න් පහළ වයස් කාණ්ඩ ක්‍රීඩකයින් අතර මිත්‍රශීලී බැඩ්මින්ටන් තරඟාවලි මාලාවක් ස්ථාපිත කිරීමය. ඒ සඳහා BAC කැමැත්තෙන්ම මෙම අවස්ථාවට පූර්ණ අනුග්‍රහය දැක්වීමට ඉදිරිපත් විය. එසේම නිලධාරීන් විසින් සාකච්ඡා කරන ලද පරිදි එම තරඟාවලි දෙරටේ තරුණ ක්‍රීඩකයින්ගේ ජාත්‍යන්තර නිරාවරණයට පහසුකම් සැපයෙන සහ තරඟකාරී අත්දැකීම් වැඩි දියුණු කරන එකක් වනු ඇත.

දකුණු කොරියානු නිෂ්පාදකයින්ගේ විශේෂඥතාව සහ දියුණු තාක්‍ෂණය උපයෝගී කරගනිමින් ශ්‍රී ලාංකික ක්‍රීඩකයින්ට උසස් තත්ත්වයේ බැඩ්මින්ටන් රැකට් සැපයීම සඳහා විභව හවුල්කාරිත්වයක් පිළිබඳ සාකච්ඡාවක් ද දෙපාර්ශ්වය අතර සිඳු වූහ. දකුණු කොරියාවේ ඔවුන්ගේ විශේෂඥ බැඩ්මින්ටන් පුහුණුකරුවන් විසින් පවත්වනු ලබන ඉදිරි පුහුණු කඳවුරු සඳහා අවශ්‍ය සම්පත් සැපයීම සඳහා කොරියානු සභාපතිවරයා සිය උපරිම සහාය ලබා දෙන බවට ද පොරොන්දු විය.

දිගුකාලීන දැක්මක් සහිතව නුදුරු අනාගතයේ දී බැඩ්මින්ටන් සංගම් දෙකම ගිවිසුමක් අත්සන් කිරීම සඳහා අවශ්‍යය වන එකඟතාවයන් සහතික කර ගත් අතර, SLB සහ BAC අතර සහයෝගීතාවය දිගුකාලීන සබඳතා වර්ධනය කරමින් සහ අන්‍යෝන්‍ය දැක්මක් සහිතව තරුණ සංවර්ධනය සහ සම්පත් බෙදා ගැනීමේ තීරණාත්මක සංධිස්තාණයක් හැටියට,විශේෂයෙන් ශ්‍රී ලංකා බැඩිමින්ටන් සමාජය වෙත එකතු වනු ඇත.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“ව්‍යාපාර විශිෂ්ඨත්වය සඳහා ඵලදායිතාව” තුළින් තිරසාර අපනයන වෙළඳපලක් බිහිකරමු!

රෂිකා හෙන්නායක නොවැම්බර් 20, කොළඹ LNW : කර්මාන්ත සහ ව්‍යවසායකත්ව...

පොලිස් මාධ්‍ය කොට්ඨාසයෙන් ඉල්ලීමක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 20, කොළඹ LNW : පොලිස් මාධ්‍ය කොට්ඨාසය...

මාලිමාවට සහය දුන් ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ට පක්ෂ තහනමක්!

කොළඹ LNW:පක්ෂයේ තීරණයට එරෙහිව යමින් කටයුතු කිරීම හේතුවෙන් ශ්‍රී...

ඩොනල්ඩ් ට්‍රම්ප් එප්ස්ටයින් ලිපිගොනු නිදහස් කිරීමේ පනතට අත්සන් තබයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : අපකීර්තියට පත්...