*
Wednesday, April 2, 2025
spot_img

Latest Posts

නාමල් සහ රගර්වලට පසුව එන ක්‍රිශ්

නිශ්මං රණසිංහ මාර්තු 28 කොළඹ LNW :

නාමල් රාජපක්ෂගේ ක්‍රිෂ් ගණුදෙනුව සම්බන්ධ නඩු විභාගයද ගැටගැහෙන්නේ රගර්වලටමය. රගර් ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීම සඳහා ඉන්දීය සමාගමක් විසින් ලබාදුන් රුපියල් මිලියන 70ක් සම්බන්ධයෙන් සාවද්‍ය සාපරාධී විශ්වාසය කඩ කිරීම ඇතුළු චෝදනා යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා ඇත.එහි විනිසුරු කටයුතුවලින් මේ වන විට විනිසුරුවන් දෙදෙනෙකු පෞද්ගලික හේතු මත ඉවත්ව ඇත.


එහිදී පළමුවැනි විනිසුරුවරයා එම කාර්යෙන් ඉවත් වන්නට පෝද්දල ජයන්ත සහ සනත් බාලසූරිය නම් වූ විප්‍රවාසි ජනමාධ්‍යවේදීන් විසින් ඉදිරිපත් කළ ලැබැඳියාවන් සම්බන්ධ සැකය බලපෑවේය.මේ සියලු සැකයන් දැග හැරෙන්නේ රාජපක්ෂමය දේශපාලනයේ දිගු ලෙසය.දේශපාලන හයියෙන් කළ දේ කී දේ සහ බලපෑම් කිරීමට තිබුණු හැකියාව හේතුවෙන්ය.


දැන් ක්‍රිශ් ගණුදෙනුව සම්බන්ධ කාරණාවන් අධිකරණය විසින් විනිශ්චය කිරීමෙන් පසුව ඒවා සනාත කිරීමට ප්‍රමාණවත් සාක්ෂි නැතැයි යනාකාරයේ තීරණයක් ආවද වැදගත්ම කාරණය මේ සියල්ල සම්බන්ධයෙන් සිඳුවීම් සම්බන්ධ වන්නේ රාජපක්ෂලා සතුව තිබූ දේශපාලන හයිය නිසාය.රගර්වලට සම්බන්ධ වූ පමණින් මිලියන 70 ක් ආධාර ලබන්නට ක්‍රීඩාවේ ඇති ප්‍රවනතාවයන්ම හේතුවක් වන්නේනම් නාමල්ට වඩා වැඩි අවධානයක් දිනා ගත හැකි රගර් ප්‍රවීනයන් මෙරට ඇත්තේය.


රාජපක්ෂලාගේ දේපළක් වන තරමට ඔවුන් සහ රගර් අතර ඇති සම්බන්ධය තදින් බැඳි තිබිණ.ලංකාවේ දේශපාලන සංස්කෘතිය ඇතුළේ ගොඩ නැඟෙන දේශපාලන බලයේ එක් කොටසක් වූයේ රගර් ය.පුතාලා තිදෙනාම ජාතික කණ්ඩායමට ක්‍රීඩා කිරීමේ යම් අශෝභනකමක් හෝ අසාධාරණකමක් ඇති බව කිසිවිටෙක ජනාධිපති තාත්තා ද නොසිතූ අතර ඔහු ඒ වරප්‍රසාදය විඳින පුතුන් ක්‍රීඩා කරන හැටි මහත් ආඩම්බරයෙන් බලා සිටියේය.


මේ තිදෙනාගේ දායකත්වය ඇතුව රටට ඉහළම දේ රගර්වලින් ලැබෙනු දැකීම පුතාලගේ උවමනාව වී,තාත්තාගේ ආසාව වූ කලී ඒ දේශපාලන අදහස යට සුවච කීකරුව හැසිරුණු පිරිස් විසින් සිඳු කළ එක කොන්ත්‍රාත්තුවක් වූයේ විදේශිය ක්‍රීඩකයන්ගේ ශක්තිය හෝ භාවිතයට ගෙන රටට කිසිදා ගෙන ආ නොහැකි ජයග්‍රහණ රාජපක්ෂලාගේ නායකත්වයෙන් සහ දායකත්වයෙන් ගෙනා බව ඉතිහාසයේ ලියා තැබීමය.යුද ජයග්‍රහණයටත් අයිතිය කියන්න සාධක වරින්වර එකිනෙකා මතු කරද්දී,රගර්වලින් අර්බූදයක් නැතුව එය අත්පත් කර ගැනීමට ඉඩක් හදා ගැනීමත් එහි අරමුණක් විය.


එහෙත් රගර් ඉලක්කය හැම අත්නිම වැරදිණ.අවසානයේ පවුම් 50000 ක දඩයකට ලංකාව යටත් විය.ඊට වගකිව යුතු පිරිස රටේ නීතිය හමුවට යාමේ ඉඩ රාජපක්ෂලාගෙන් වැසිණ.අනතුරුව පැමිණි ඇමතිවරුන් ද කයිවාරු ගැසුවාට ඒ වැරදි කළ නිලධාරීන්ට දඩුවමක් දීම තබා අවවාද දී ලිපියක් නිකුත් කර පරීක්ෂණයකට හෝ කැදවීම ද සිඳු නොවීය.ඒ ඉතිහාසයට බලපාන වැරදිකරුවන්ට මේ රජය යටතේ දඬුවම් ලැබෙනු ඇතැයි සිතුවද හොඳටම කළේ මේ අමාත්‍යවරයා ය.අදාල වරද කළ පරිපාලනයේ ප්‍රධාන විධායකයාම තමන්ට උපදෙස් දෙන සභාවේ සභාපති කර ගැනීමට හා එය පෙන්වා දුන් විට ගණනකට නොගෙන සිටින්නට තරම් උඩඟු විය.මං ඇමති මං කරන්නෙ මට ඒනි දේ මම සියල්ල දන්නවා න්‍යායයේ අදහස්වලින් පෝෂිත අමාත්‍යවරයෙකු වන ඔහු පැරීන වැරදි ගැන නාමල් රාජපක්ෂ එල්ල කර චෝදනාත්මක ප්‍රකාශ කර ගැලරියට පිනවනවා හැරෙන්නට ඇත්තට දඩුවමක් තබා විවේචනයක් හෝ එල්ල කරන්නේ නැත.


දැන් ඒ වරදට වැසී තිබෙන දොරවල්,ඊට වගකිව යුතු පුද්ගලයන්ට නැවත රගර් වගකීම් වෙත යොමු වෙන්න ඇති බාධාව ගොඬ නැඟී ඇත්තේම දැන් පවතින ව්‍යවස්ථාවේය.මේ අමාත්‍යවරයා දැන් ප්‍රමුඛතාවය දී කටයුතු කරන්නේ ඒ බාධාව ඉවත් කර දීම සම්බන්ධයෙන්ය.දැනටත් වරද කළ පරිපාලනයේ ප්‍රධාන විධායක ඔහුගේ ජාතික ක්‍රීඩා සභාවේ සභාපතිය.දැනටත් ලංකාවෙන් තහනමක්,දඩුවමක් නොලද එවකට සභාපති ආසියානු රගර් පරිපාලනයේ වගකීමක් දරන්නෙක්ය.එහි ලේකම් ද එසේමය.ලේකම්නම් ඊට අමතරව පවතින තාවකාලික පාලනය යටතේ රට නියෝජනය කරන වගකීම්වලට මේ අමාත්‍යවරයා ද නිරන්තරෙන් පත් කරන වත්මන් අමාත්‍යවරයාට විශ්වාස,පුද්ගලයෙකි.


මේ සියල්ල අධිකරණය හමුවේ පවතින ක්‍රිශ් ගණු දෙනුව වැනිම එහි චෝදනාලාභි නාමල් රාජපක්ෂගේ බලපුළුවන්කාරකම මත සිඳු වූ දේවල්ය.නාමල්ට එසේ කරන්නට හැකි වූයේ ඒ බලයට හිස නමන මිනිසුන් අතවැසියන් සේ හැසිරුණ නිසාය.එකල එසේ අතවැසි නොවී නීත්‍යානුකූලව වැඩ කරන්නට ගිය විට දේශපාලන බලපුළුවන්කාරකමට යටත් නොවන අයට දේශපාලන බලයෙන් පහර දීම සාමාන්‍ය තත්ත්වයය.නාමල් අමාත්‍යවරයාව සිටියදී පැවති රගර් පරිපාලනයට කළේ, එසේ වැරදි තිරණවලට හීලෑ නොවීම නිසා තහනමක් පැනවීමය.ඒ වන විට රගර් ව්‍යවස්ථානුකූලව කෙළින් සිට කටයුතු කර ඇමතිගේ රගර් ක්‍රීඩාවක් නොකිරීම ගැන කිපුණු නාමල් ඒ සඳහා ශ්‍රී ලංකාවේ රගර් ක්‍රීඩාවේ අනුග්‍රාහකයා ආසියානු සංගමයට පංගාර්තු කර ලංකාවෙ පරිපාලනය බෙලහීන කරන්නට උත්සාහ කළ ද,එයින් ද ශ්‍රී ලංකාවේ රගර්වල ක්‍රියාකාරීත්වය නැවතිය නොහැකි තැන සිඳු වූයේ රාජපක්ෂමය රගර් ජයග්‍රහණයක් ඉතිහාසයට එකතු කිරීමට දායක වෙමින් ලෝකය ඉදිරියේ ශ්‍රී ලංකාව අපතීර්තියට පත් කළ රගර් පරිපාලනයේ සභාපතිවරයා උපදේශක කමිටුවකට දමා ආසියානු සභාපතිගේ සහය ද ගෙන ලංකාවේ රගර් පරිපාලනය මෙල්ල කිරීමට උත්සාහ කිරීමය.එය ද නොකළ හැකි තැන ඔහු විසින් කරන තහනම අධිකරණයෙන් විදාගෙන ඉදිරියට ගිය ද ආසියාව ද,ලංකාවේ ඉනික්බිති පත් වූ සියළු ක්‍රීඩා ඇමතිවරුද සිඳු කළේ නාමල්ගේ ක්‍රීඩා ඇමතිකමේ බලපෑම්වලට අඩංගු නොවුණු පුද්ගලයින් බාධා කිරීමය.


දැන් එම බාධා කිරීම කළ හැකිව තිබූ ව්‍යහුයම හකුලා උඹලා රගර් ගහපල්ලා ගමේ උන් බම්බු ගහගනිල්ලා කියන අන්දමේ තීරණයකට නාමල් රාජපක්ෂගේ බල ඇණියට සහ මලික් සමරවික්‍රමලාගේ බල ඇණියට අවශ්‍යය විදිහට රගර් රට පුරා යා හැකිව තිබුණ ඉඩ හකුලා නාගරික ක්‍රිඩා සමාජ කිහිපයක උරුමයට යටත් කිරීමට අවධානය යොමු කරන්නට වත්මන් අමාත්‍යවරයාගේ ආශිර්වාදය හිමිව ඇත.මෙහි නරකම තත්ත්වය ජනාධිපතිතුමා මේ දෙස නෑසූ කන්ව සිටීමය.පාර්ලිමේන්තුවේ විපක්ෂ මන්ත්‍රීන් මලික් සහ ජනපතිගේ දීර්ඝකාලීන සම්බන්ධතා කිව්ව ද ඒවා රගර්මය වී ඇද්ද නැද්ද යන්න ගැන සැක කිරීම ගැන ඔවුන් හොයන්නේ ද නැත.හැබැයි වැරදිකාර පරිපාලනයේ හිටපු විධායකයාට ජාතික ක්‍රීඩා සභාවේ සභාපති ධූරය දීමට ජනාධිපතිවරයා ද එකඟ වී ඇති බවත්,වත්මන් අමාත්‍යවරයා යටතේ පත්වීම් පමා වෙද්දී ඒ ගැන ප්‍රසිද්ධ ස්ථානයක ජනාධිපතිවරයා විමසා ඇති බවත් අපි දනිමු.
කෙසේ වුව ක්‍රිශ් ගණු දෙනුවට වඩා රටේ රගර් ව්‍යාප්තියට නාමල්ලාගේ ජාත්‍යන්තර අශුද්ධ බලවේගවල බලපෑම ද යොදා ගෙන රගර් ව්‍යවස්ථාව වෙනස් වීම රැදී ඇත්තේ ද නීතිය හමුවේය.මේ දක්වාම නීතිය නොවන්නට රගර්වල පිණුම්. බඩ පිණුම් ගසන නාමල්ලාගේ සහ මලික්ලාගේ පංති උවමනාවන් සියල්ල සිඳු වි අවසන් වන්නට තිබිණ.එහෙත් ඒවාවලට නිහඬව අනුබල දුන් ආණ්ඩු සහ ක්‍රීඩා ඇමතිවරුන්ගේ ස්වභායටම වත්මන් ආණ්ඩුව සහ ක්‍රීඩා ඇමති ද හැසිරීම සිතා ගන්නට නොහැකිය.අඩුම තරමේ පවතින ව්‍යස්ථාව වෙනස් කිරීමට දේශපාලන බලය යොදා ක්‍රියා නොකර,අවශ්‍යය සංශෝධන කිරීමට ඒ ව්‍යවස්ථාව සමඟ පත්වන කණ්ඩායම සමඟ ගණු දෙනු කරන ලෙස හෝ යෝජනා කරන්නට අමාත්‍යවරයා සූදානම් නැත.එතුමා පිටුපස සිටින ජාතික ක්‍රිඩා සභාවේ සභාපතිවරයා සමහර විට ඒ සඳහා යාමට අමාත්‍යවරයාට බාධා කරනවා ද විය හැකිය.


ඒ නිසා රගර් හා සැබඳි ක්‍රිශ් ගනුදෙනුවට පමණක් නොව, දැන් රජය ආශිර්වාද කරමින් සිටින්නේ ද නාමල්ලාට සහ ඔවුන්ට ඇවසි පරිදි රටේ ඕනෑම නීතියක් බිඳ දමන්නට සූදානමින් පෙළ ගැසී සිටි අශුද්ධ සංධානයන්ටමය.මෙහිදී ආණ්ඩුවේ වැරදි සහගත කියුම් කෙරුම් සම්බන්ධයෙන් අමාත්‍ය නලින්ද ජයතිස්සට සදාචාරසම්පන්නව පාර්ලිමේන්තුවේදී සමාව ඉල්ලන්නට ද සිඳු වී ඇතත්,ජනාධිපතිවරයා පවසන්නේ තම සගයන්ගේ හැසිරීම් සම්බන්ධයෙන් පිනා ගොස් සිටින බවය.ඒ නිසා මේ නාමල්මය සහ ඊට අනුපාන එකතු කරන රගර්මය උවමනාව වෙනුවෙන් සින්නක්කරව රගර් ලියා දීමේ උවමනාව ක්‍රියාත්මකවීම නොනැවතී ක්‍රියාත්මක වෙමින් තිබෙන්නේ අමාත්‍යවරයාට මේ ප්‍රශ්නය ගැන තියෙන නොදැනුවත්භාවයට සාපේක්ෂව නොවේය.ආණ්ඩුව දැන කරන වරදක්ය.එය ඉතිහාසයේ නැවත දුප්පත් ප්‍රජාවට සහ විශේෂයෙන් කොළඹින් බැහැරට ගොස් ඉතිහාසයේ රගර් වලට ඌව,නුවරඑළිය,තල්දූව වැනි ප්‍රදේශවල තිබුණු කීර්තිය යළි නොනැගිටින්නට වල දැමීමක් විය හැකිය.
ක්‍රිශ්වල වග උත්තරකරුවාව පෙළන්න පහර දෙන්න උත්සාහ කරන කිසිවෙක් ඒ රගර් ගණු දෙනුව ගැන කතා කරන තරමට රටේම රගර්වලට අත්වන ඉරණම සමඟ රුපියල් එකතු වී නැති නිසා නිහඩව සිටිනවා විය යුතුය.එහෙත් එය මිල කළ නොහැකි අපරාධයකි.ඒ වෙනුවෙන් රටට අහිමි වූ අනුග්‍රාහක මුදල් ඇත.සමහර විට මේ ව්‍යාපෘතියට ආසියාව අතර විරසක බවක් සකසා ආසියාවේ උවමනාවක් බවට පත් කරමින් ඉපැයූ අයද සිටිනවා විය හැකිය.අප එය වැළක්විම උදෙසා හැකි තරම් ලියන්නෙමු.නීතිය පිළිබඳව විශ්වාසය තබන්නෙමු.

http://www.sportwaynews.com/

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan