ආහාර හිඟයක් අනිවාර්යයි – අල ලූණු ගන්නත් බන්දුල ණය ඉල්ලයි

Date:

ඉදිරියේදී ආහාර හිඟයක් ඇතිවීම අනිවාර්ය බවත්, මාස් කන්නයේ අස්වැන්න තුනෙන් එකකින් පමණ අඩුවිය හැකි බවට පුරෝකතනය කළ හැකි බවත් පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ කෘෂිවිද්‍යා පීඨයේ ජ්‍යෙෂ්ට මහාචාර්ය බුද්ධි මාරඹේ මහතා පවසනවා.

එක් පැත්තකින් ඩොලර් අර්බුදය හේතුවෙන් ආනයනික ආහාර ද්‍රව්‍ය හිඟයක් ඇතිව තිබෙන බවත්, අනෙක් පැත්තෙන් රටතුළ නිපදවන ආහාර ද්‍රව්‍ය තුනෙන් එකකින් අඩුවන බවත් පෙන්වා දෙන මාරඹේ මහතා පවසන්නේ ආහාර හිඟයකට මුහුණදීමට ජනතාව සූදානම් වියයුතු බවයි.

ආහාර නිෂ්පාදනය සඳහා අවශ්‍ය වන ප්‍රභාසංශ්ලේෂන ක්‍රියාවලියට අතිශයින්ම වැදගත් වන නයිට්‍රජන් පෝෂකය ප්‍රමාණවත් පරිදි නොලැබීම නිසා වගා කරන බෝග කහ පැහැයට හැරී අස්වැන්න අවම වන බවයි මහාචාර්යවරයා පෙන්වා දෙන්නේ.

මේ අතර අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා ඉන්දියාවෙන් සහ පකිස්තානයෙන් ණය සහන ඉල්ලා තිබෙනවා. වෙළඳ අමාත්‍යංශය විසින් මෙම ණය ඉල්ලීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඉන්දු – පකිස්තාන් වෙළඳ අමාත්‍යවරුන් සමග මේ වනවිටත් සාකච්ඡා ආරම්භ කර තිබෙනවා.

සහල්, බී ලූණු, අර්තාපල් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වැඩි ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට ආනයනය කරන්නේ ඉන්දියාව සහ පකිස්තානය යන රටවලිනි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නේපාලයේ හිම කඳු කඩා වැටීමෙන් කඳු නගින්නන් හත් දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඊසානදිග නේපාලයේ...

මම්දානි ජයග්‍රහණය කළහොත් නිව්යෝර්ක් නගරයට ෆෙඩරල් අරමුදල් සැපයීම නවතා දමන බව ජනාධිපති ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපදයේ...

විදෙස් ගමන් තහනමක් සමඟ රත්වත්තේ ඇප මත නිදහස්!

කොළඹ LNW: අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින්...

හිටපු ඇමරිකානු උප ජනාධිපති ඩික් චෙනී මිය යයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපදයේ...