ඊර්ශයාවෙන්,කුහකකමෙන්,වෛරයෙන් දේශපාලනය කරන්න එපා.සෙතක් නැහැ.නාමල් ආණ්ඩුවට කියයි!

Date:

කොළඹ LNW:ඊර්ශයාවෙන්,කුහකකමෙන්,වෛරයෙන් දේශපාලනය කරලා මේ රටට, ජනතාවට සාධාරණයක් නොවන බව වර්තමාන ආණ්ඩුව තේරුම් ගත යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

වර්තමාන ආණ්ඩුව බලයට ආවේ ඊර්ශයාව,කුහකකම,වෛරය පතුරා ඇති නැති පරතරයක් නිර්මාණය කිරීමට කරන ලද උත්සහයකින් බවත් එමඟින් 225ටම මඩ ගැසූ බවයි රාජපක්ෂ මහතා සඳහන් කරන්නේ.

මේ අතර ආණ්ඩුවේ ඩුපාඩු පෙන්වමින්,රාජ්‍ය පාලනය ගැන උපදෙස් දුන් පාර්ලිමේන්තුවේ හඩක් නැගූ චාමර සම්පත් මහතාව ටික කාලයකට රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට ද කටයුතු කර තිබෙන බවයි නාමල් රාජපක්ෂ මහතා පවසන්නේ.

” චාමර සම්පත් මහත්තයා කියන්නේ ගමෙන් ආපු පොඩි තැනින් දේශපාලනය පටන් ගත්තු බිම් මට්ටමේ දේශපාලඥයෙක්. ඔය JVP ය කියනවා වගේ තමන්ගේ පන්තියේ එක්කෙනෙක්. ගමේ මහපොළවේ පය ගහල බිමින් ආපු කෙනෙක්. එයා පාර්ලිමේන්තුවට ඇවිල්ල JVP එකට උපදෙස් දෙනකොට රාජ්‍ය පාලනය පිළිබඳව වැරදි පෙන්වනකොට පාර්ලිමේන්තුවේ හඬක් නගුවම ඊට පහුවදාට ටික කාලයක් යනකන් රක්ෂිත බන්ධනාගාරගත කරලා. මාව දාන්න ගියා හරිගියේ නැහැ. මල්ලිවයි ආච්චිවයි දැම්ම. හැබැයි මාව දාන්න තාම උත්සහ කරනවා. ඒක ප්‍රශ්නයක් නැහැ. අපි බය නැහැ. අපි අභියෝගවලට බයේ දේශපාලනය කරන අය නෙවෙයි. අපි අභියෝගවලට ආදරය කරනවා. අපිට හිර ගෙදරත් එකයි රජ ගෙදරත් එකයි. අපි ඊර්ශ්යාවෙන් දේශපාලනය කරන්නේ නැහැ. අපිට ප්‍රතිපත්තියක් තියෙනවා අපිට වැඩපිළිවෙලක් තියෙනවා. අපිට ඕනේ මේ රටේ දරුවන්ට රැකියා ටික උත්පාදනය කරන්න. කර්මාන්ත වහන්න නෙවෙයි. අලුතෙන් කර්මාන්තශාලා අරින්න. අසීමිත බදු ගහල ව්‍යාපාරිකයෝ වට්ටන්න නෙවෙයි. අලුත් තරුණ පරම්පාරව අලුත් ව්‍යාපාරිකයෝ බවට පත්කරන්න.” යනුවෙන් මන්ත්‍රීවරයා ප්‍රකාශ කරයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Celebrity Buzz: පන් පසිඳුවන්ගේ වීර කතාවන්ට පණ දුන් බ්ලයිටන් ගේ උපන් දිනය අදයි!

සෑම සඳුදා දිනකම “Celebrity Buzz” තුළින් ඔබට සෙලිබ්‍රිටි ගොසිප්ස්,...

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබද කොමිෂන් සභාවේ සභාපති ධුරයට නව මුහුණක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 11, කොළඹ LNW: ප්‍රකට වෘත්තීය ජනමාධ්‍යවේදියෙකු හා...