මැතිවරණයට කලින් පොරොන්දු වුණු දේවල්වලටත් වැඩියෙන් අපි කරමින් ඉන්නේ – මාලිමා මන්ත්‍රී මාපලගම

ජාතික ජන බලවේගය ජනාධිපතිවරණයට සහ මහමැතිවරණයට පෙර පොරොන්දු වුණු දේවල්වලටත් වඩා වැඩියෙන් දේවල් ඉටු කරමින් සිටින බව ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් මාපලගම පවසයි.

“අපි එයාලාට ඒ ස්වයං වින්දනය ලබාගන්න ඉඩදෙමු. අපි වැඩකරමින් ඉන්නවා. අපි මැතිවරණයට පෙර කියූ දේවල් ඒ ලෙසම කරමින් ඉන්නවා, ඊටත් වැඩියෙන් කරමින් ඉන්නවා. මැයි 06 වෙනිදා පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලවලින් පස්සේ ඒ ගොබෙල්ස් න්‍යාය දාන අයට බලාගන්න පුළුවන් ජනතාව කොතැනද ඉන්නේ කියන එක”

රුවන් මාපලගම මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ (29) දිනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.