Update : නාභිය නොදක්වා – සළු ඇඳ බොලට දක්වා : පුත්තලමේ නීතීඥවරිය රිමාන්ඩ් වුණු හේතුව ?

Date:

අධිකරණයට අපහාස වන අයුරින් හැසිරීම සහ අසත්‍ය කරුණු අධිකරණයට ඉදිරිපත් කිරීම යන චෝදනා මත පුත්තලම මහාධිකරණය හමුවේ පෙනී සිටි නීතීඥවරියක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට පුත්තලම මහාධිකරණ විනිසුරු නදී අපර්ණා සුවන්දුරුගොඩ මහත්මිය පසුගියදා (28) නියෝග කර තිබිණි.

අදාළ නීතීඥවරියට මෙම චෝදනා එල්ල කරමින් නඩුවක් ගොනුකර ඇත්තේ පුත්තලම මහාධිකරණයේ ලේකඛාධිකාරීවරිය විසිනි. ඒ අනුව ඇප කොන්දේසි සම්පූර්ණ කරන තෙක් එම නීතීඥවරියව රිමාන්ඩ් භාරයේ තබන ලෙස මහාධිකරණ විනිසුරුවරිය නියෝග කර තිබූ බව සඳහන්.

මේ සම්බන්ධයෙන් සොයා බැලීමේදී පුත්තලම මහාධිකරණ ආරංචිමාර්ග සඳහන් කළේ අදාළ නීතීඥවරියට අධිකරණයට අපහාස වන පරිදි හැසිරීම පිළිබඳ චෝදනා එල්ල වී ඇත්තේ ඇය නාභිය පෙනෙන ආකාරයෙන් සාරිය ඇඳීම නිසා බවයි. නාභිය පෙනෙන ලෙස සාරිය නොඅඳින්නැයි මීට පෙර විනිසුරුවරිය අදාළ නීතීඥවරිය කැඳවා අවවාද කර තිබුණු බවත් ආරංචිමාර්ග පැවසීය.

කෙසේවෙතත් ඇයට ගොනුකර ඇති චෝදනා පත්‍රය අප වෙත මේ වනවිට ලැබී ඇති අතර එහි දැක්වෙන්නේ ඇය අධිකරණ ශාලාවට ඇතුළුවීමේදී හිස නමා ආචාර නොකිරීම සහ මීට අදාළ නඩුවේ ඇප අයැදීමේදී මහාධිකරණ විනිසුරුවරියට ගෞරවාන්විතව ඇමතීම චේතනාන්විතව පැහැර හැරීම යන වැරදි තුළින් අධිකරණයට අපහාස කර ඇතැයි චෝදනා කර ඇති බවකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Operation Sindoor ගැන අයිශ්, අගමැති මෝදි ගෙන් ප්‍රශ්න කරයි!

සටහන – පුලී නොවැම්බර් 20, කොළඹ (LNW): බොලිවුඩයේ සුප්‍රසිද්ධ රංඟනවේදිනී අයිශ්වර්යා...

මත්ද්‍රව්‍යට එරෙහි අපේ මෙහෙයුම කඩාකප්පල් කරන්න උද්ඝෝෂණ, පෙළපාලි එනවා. අපි ඒවාත් පරාජය කරනවා – ජනපති

මත්ද්‍රව්‍ය ව්‍යසනයෙන් රට ගලවා ගැනීම සඳහා වත්මන් රජය ජාතික...

මාලිමාව කළුතර ප්‍රාදේශීය සභාවේ අයවැයත් පරදී !

ජාතික ජන බලවේගයට බලය හිමි කළුතර ප්‍රාදේශීය සභාවේ මංගල...