ආසියානු මල්ලව පොර පිටියේ පිරිමි බලාපොරොත්තුත් හැකිලෙයි

Date:

නිශ්මං රණසිංහ අප්‍රේල් 01 , කොළඹ LNW :

ජෝර්දානයේ අම්මාන් නුවර දී ක්‍රියාත්මක වූ ආසියානු ජ්‍යෙෂ්ඨ මල්ලව පොර සූරතාවලියේ පිරිමි අංශයෙන් තරග වැදුණු චතුරංග ඒකනායක සහ ලක්මාල් විජේසූරියට ද ජයග්‍රාහී අවසානයකට යාමට නොහැකි වුණා.චතුරංග තරග දෙකට මුහුණදීමේ භාග්‍ය්‍ය උදා කර ගත්තද ලක්මාල්ට එක් අවස්ථාවකින් තරග බලාපොරොත්තු ඉවත් කර ගන්නට සිදු වුණා.


කාන්තා ක්‍රීඩිකාවන් ලෙස සහභාගි වූ නෙත්මි අහිංසා සම ලකුණු ලබා ගත්ත ද ජයග්‍රහණය ප්‍රතිවාදි ක්‍රීඩිකාවට හිමි වූ පසුව තවත් තරගය තුළට එන්නට අවස්ථාවක් නොලැබම ඉවතට ගියා.නිපුනි වාසනා සිය බර පංතියේ විශාල අත්දැකීමක් ලබමින් තරග තුනකට සහභාගි වෙමින් දස්කම් දැක් වූවා.


පිරිමි කිග්‍රෑම් 74 බර පංතියෙන් තරග වැදුණු ලක්මාල් විජේසූරිය තමන් සහභාගි වූ පළමු තරගයේදී ඩීගිල් හැන් අතින් ලකුණු 10 – 0 ක් ලෙස පරාජයට පත් වුණා.කිග්‍රෑම් 57 පංතියෙන් තරග වැදුණු ගයාන් රන්දන මුල් තරගයේදී පරාජයට පත් වුණේ එම ඉසව්වේ රිදී පදක්කම දිනූ ඉරානයේ මිලාඩ් ජහන්ගීර් වෙතින් නිසා ජහන්ගීර් ගේ පෙරමුණට ඒම අනුව ගයාන්ට තවත් අවස්ථාවක් හිමි වුණා.එහිදී ඉරාකයේ හුසෙයින් කුඳූර් වෙතින් 5-0 ක පරාජයක් ලැබුවා.රිදී පදක්කම්ලාභී ජහන්ගීර්ට එරෙහිව චතුරංගගේ පරාජය තීරණය වුණේ ලකුණු 10 – 0 ක් ලෙසයි.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජාතික උද්‍යාන බොහොමයක් නැවත දැනුම් දෙන තුරු වැසේ!

රෂිකා හෙන්නායක නොවැම්බර් 27, කොළඹ LNW : අධික වැසි සහිත...

පාසල් නිවාඩුව දීර්ඝ වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 27,කොළඹ LNW : කලින් සැලසුම් කළ...

උසස් පෙළ උත්තර ගුවනින්

නිශ්මං රණසිංහ නොවැම්බර් 27, කොළඹ LNW: ජිවිතයේ අති විශේෂ අධ්‍යාපනික...

සුමාත්‍රා හි භූ කම්පනයක්: ශ්‍රී ලංකාවේ වෙරළබඩ ප්‍රදේශවලටත් අනතුරු ඇඟවීමක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 27, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): උදෑසන 10.26ට පම...