ඩීල් දේශපාලනය තිත්ත වෙලා තියෙන්නෙ – රොෂාන් රණසිංහ

Date:

රටේම ජනතාව පාරට බැස ඉල්ලන්නේ කුමක්දැයි ආණ්ඩුව මෙන්ම විපක්ෂයද නිවැරදිව අවබෝධ කරගෙන නොමැති බව පොදුජන පෙරමුණේ පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා පවසනවා. අද පාර්ලිමේන්තු විවාදයට සහභාගිවෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

ආණ්ඩුව අසාර්ථක බව මේ වනවිට තහවුරු වී ඇති බවත්, තවදුරටත් කල්මැරීමෙන් සිදුවන්නේ රට තව තවත් අගාධයට යෑම පමණක් බවත් රොෂාන් රණසිංහ මහතා ප්‍රකාශ කරනවා.

ඩීල් දැමීම හේතුවෙන් ජනතාවට දේශපාලනය සම්පූර්ණයෙන් එපා වී ඇති බව පෙන්වා දෙන මන්ත්‍රීවරයා පවසන්නේ මැතිවරණයකට ගියහොත් ඡන්ද ලබා ගැනීම කෙසේ වෙතත් ඡන්දදායකයන්ගෙන් ගුටි කෑමට දේශපාලනඥයන්ට සිදුවන බවයි.

දේශපාලනය පමණක් නොව ව්‍යාපාර ලෝකයද ඩීල්වලින් පිරුණු එකක් බවත් ව්‍යාපාරිකයන් කෝටිපතියන් වී තිබෙන්නේ ඩීල් දමා ගැනීම හරහා රාජ්‍ය දේපළ මංකොල්ල කෑම නිසා බවත් ඔහු පවසනවා. ඇතැම් ව්‍යාපාරිකයන් පාර්ලිමේන්තුවටද රිංගා ඇති බව පෙන්වා දෙන රොෂාන් රණසිංහ මහතා පවසන්නේ රාජ්‍ය දේපළ මංකොල්ල කන ව්‍යාපාරිකයන්ගේ නම් හෙළි කිරීමට තමා සූදානම් බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාම කපුටන් ලෙස ජනතාව විසින් හඳුන්වන බවත්, ඉන් එක් කපුටෙකු වීම සම්බන්ධයෙන් තමා ලැජ්ජාවට පත්වන බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇමරිකාව නිදහස සමරණ දිනය අදයි

සටහන: සශිකලා මධුෂාණිජුලි 04; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත් ජනපදයේ...

ආහාර පාලන ගැසට්ටු ප්‍රමාදයෙන් මහජන සනීපාරක්ෂාව අනතුරේ – විශේෂඥ වෛද්‍ය චමල් සංජීව

▪️රෝහල් ආපනශාලා බෝ නොවන රෝග බෝ කරන මධ්‍යස්ථාන වෙලා.. දිවයින...

කථානායකට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW: කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව අද...

ට්‍රම්ප්ගේ නව බදු පනතට කොංග්‍රස් මණ්ඩලයේ අනුමැතිය!

කොළඹ LNW:ගෝලීය ප්‍රජාවේ දැඩි අවදානයට ලක් වූ ඇමෙරිකා ජනාධිපති...