මෝදි එක්ක ගිවිසුම් ගහලා රට විකුණුවේ විපක්ෂයේ අය. ආපු වෙලේ ඉඳන් මුං අඬනවා, අප්පිරියයි ඈ – මාලිමා දිනිඳු

Date:

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සමග ගිවිසුම් ගසා රට විකුණුවේ වර්තමානයේ විපක්ෂයේ සිටින දේශපාලනඥයින් බලයේ සිටි යුගයේදී බවත් පසුගිය ආණ්ඩුව ඉන්දියාවෙන් ගත් ණයක් පවා ආධාරයක් බවට පරිවර්තනය කිරීමට වත්මන් ආණ්ඩු සමයේදී ඉන්දියාව එකඟ වී ඇති බවත් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිනිඳු සමන් හෙන්නායක පවසයි.

“ආපු වෙලේ ඉඳන් විපක්ෂයේ අඳෝනාව ඇහෙන් නැද්ද ? පටන් ගත්තු වෙලේ ඉඳන් මුං අඬනවානෙ, කෑගහනවානෙ. අප්පිරියයි ඈ. මෝදි ආවා, මේ රට විකුණන්න යනවා, අර ගිවිසුම් ගහන්න යනවා. ඒ ගිවිසුම් ගැහුවේ රට විකුණුවේ ඒගොල්ලො. ඉන්දියාව දැන් එකඟවෙලා තියෙනවා මොකක්ද, අර ඕමන්ත දුම්රිය පොලට දීපු ණය, ආධාරයක් බවට පරිවර්තනය කරලා දෙන්න. වික්‍රමසිංහලා ගත්තු ණය, ආධාරයක් බවට පරිවර්තනය කරලා තියෙන්නෙ”

දිනිඳු සමන් හෙන්නායක මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් බදුල්ල ප්‍රදේශයේ පැවති ප්‍රචාරක රැස්වීමක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මන්නාරම දූපත රැකගැනීම වෙනුවෙන් අද කොළඹදී මහජන විරෝධයක්! (PHOTOS)

කොළඹ LNW:මන්නාරම දූපත රැකගැනීම අරමුණු කරගනිමින් අද (19) කොළඹ...

​තිරය පිටුපස සැඟවුණු වෛරයට බිලිවූ පිය සෙනෙහස: සුරංග වෙල්ලාලගේ අකල් මරණය අපට කියාදෙන පාඩම

​2025 සැප්තැම්බර් 18 වැනිදා, ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රිකට්...

අලි රොෂාන්ට බරපතළ වැඩසහිත දීර්ඝ සිරදඬුවමක්. කෝටි දෙකකට අධික දඩයකුත් නියම වෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල බලපත්‍ර නොමැතිව නීතිවිරෝධී ලෙස අලියකු සන්තකයේ...