විපක්ෂය සටන පාවාදුන්නා – රංජිත් සියඹලාපිටිය

Date:

විපක්ෂයේ එකමුතු බලවේගයක් නිර්මාණය කිරීම තම කණ්ඩායමේ අරමුණ වුවත් විපක්ෂය එම අවස්ථාවෙන් ප්‍රයෝජන නොගැනීම තම බලවත් කණගාටුවට කරුණක් බව නියෝජ්‍ය කථානායක රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

මෙය අර්බුදය මධ්‍යයේ සටන පාවාදීමක් බවයි ඒ මහතා ප්‍රකාශ කළේ.

ඊයේ උදෑසන වනවිටත් තිබුණේ විපක්ෂය විසින් තමන්ගේ නම නියෝජ්‍ය කථානායක වශයෙන් යෝජනා කරන තත්වයක් බව පැවසූ ඒ මහතා එම ඡන්ද විමසීමේදී ඇතිවූ තත්වය නිසා තමන් විපක්ෂයට යෑමේ තත්වය කිසිසේත්ම වෙනස් නොවන බවත් සඳහන් කළේය.

රංජිත් සියඹලාපිටිය මහතා මේ බව පැවසුවේ ඊයේ (05) නියෝජ්‍ය කථානායක ඡන්ද විමසීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක වශයෙන් කටයුතු කළ ඒ මහතා ජනාධිපතිවරයාට සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට විරෝධය පළ කරමින් අප්‍රේල් 30 වනදා සිට තනතුරෙන් ඉල්ලා අස්වූ අතර මැයි 05 වනදා යළිත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේම සහාය ලබමින් එම තනතුරටම පත්වූයේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලයනල් මෙසීගේ වම් පාදය ඩොලර් මිලියන 900ක් වටින බව ඔබ දන්නවාද ?

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ආජන්ටිනාවේ...

ශ්‍රී ලංකාවේ එකම සහ පළමු ටෙස්ට් නායිකාව ක්‍රිකට් තේරීම් කමිටුවට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 17, කොළඹ LNW: ක්‍රීඩා අමාත්‍යවරයා විසින් නම්...

D.S.

  නිශ්මං රණසිංහ දෙසැම්බර් 17, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ටෙස්ට් ක්‍රිකට්...