*
Sunday, September 29, 2024
spot_img

Latest Posts

සාරාට ඇත්තටම මොකද වුණේ?

නිලන්ත ඉලංගමුව

සාරා කියන්නේ කවුද? ඇත්තටම ඇය ඉස්ලාම් අන්තවාදයෙන් මොළසෝදනය කළ මරාගෙන මැරෙන බෝම්බකාරියක්ද? නැතිනම් අහිංසක මිනිසුන් තුන්සියයකට ආසන්න පිරිසක් මිය ගිය සහ තවත් විශාල පිරිසකට තුවාල සිදු කළ පාස්කු ප්‍රහාරයට නායකත්වය දුන් ඉස්ලාමීය අන්තවාදීන්ගේ හැසිරීම සොයා බැලීමට ඔත්තු ඒජන්සියක් විසින් රෝපණය කරන ලද තොරතුරු කාරියක්ද? මෙම අද්භූත කාන්තාව කුමන්ත්‍රණ න්‍යායවේදීන්ට අවස්ථා ගොන්නක් ලබා දෙමින් පුවත් සිරස්තලවල දිගටම ආධිපත්‍යය දරන්නේ ඇයි? 2019 පාස්කු සංහාරයේදී ඇගේ ජීවිතය වටා ඇති සිදුවීම් දෙස සමීපව බැලීම වැදගත් වන්නේ ඇයි?

සහරාන් ඇතුළු ඉස්ලාමීය අන්තවාදයෙන් මුසපත් වී සිටි කණ්ඩායමේ අටදෙනෙකු විසින් දියත් කරනු ලැබූ මරාගෙන මැරෙන ප්‍රහාරයට දින දෙකකට පෙර එනම් 2019 අප්‍රේල් 19 වැනිදින සහරාන් හෂීම්ගේ බිරිඳ හාදියා හෙවත් සිත්තියා, මුහම්මදු හස්තුන්ගේ බිරිඳ සාරා හෙවත් පුලස්තිනි මහේන්ද්‍රන්, මොහොමඩ් අසාද්ගේ බිරිඳ අබ්දුල් රහීම් ෆෙරෝසා තවත් කිහිප දෙනෙකු සමඟ කාන්තන්කුඩි බලා පිටත්ව ගියේ ඉදිරි ප්‍රහාර මාලාවක් සඳහා කාලය ලබා ගැනීමට හැකි පරිදි ආරක්‍ෂිත නිවසක් සොයා ගැනීමටය. ඔවුන් රැගෙන යාමට කාත්තන්කුඩියෙන් වාහනයක් රැගෙනවිත් තිබුණි. වෑන් රථය පැදවූයේ සහරාන් සහ ඔහුගේ පවුලේ සමීපතමයෙකු වූ රියාස් විසිනි.

එසේ ඔවුන් කාත්තන්කුඩි බලා යන අතරමගදී ගිරිඋල්ල ප්‍රදේශයේ පිහිටි ජයසුන්දර ටෙක්ස්ටයිල්ස් වෙළෙඳසැලෙන් සුදු පැහැති ඇඳුම් මිලදී ගැනීමට අමතක නොකළහ. ෆෙරෝසා හාදියාගේ දුවත් වඩාගෙන රෙදි කඩයට ඇතුළු වූවේ හාදියා සහ සාරා පසුපසිනි. සාරා සුදු ඇඳුම් හතරක්, ෆෙරෝසා තුනක් සහ හාදියා ඇඳුම් දෙකක් මිලදී ගෙන ඇති බව තහවුරු වී ඇත. ඔවුන් තම ස්වාමිපුරුෂයන්ගේ මරණයෙන් පසු ඉද්දා සමයේදී භාවිතා කිරීමට සුදු ඇඳුම් මිලදී ගෙන ඇති බව පිළිගත හැකි මූලාශ්‍ර යළි යළිත් තහවුරු කළේය. ඉස්ලාම් ආගමට අනුව, ඉද්දාහ් හෙවත් ඉදාත් යනු අරාබි පදයක් වන අතර එහි අර්ථය වන්නේ බලා සිටීමේ කාලය වන අතර මුස්ලිම් කාන්තාවන් විසින් එය අනුගමනය කරනු ලබති. එය මුස්ලිම් කාන්තාවක් තම ස්වාමිපුරුෂයාගේ මරණය හෝ දික්කසාද වීම හේතුවෙන් විවාහය විසුරුවා හැරීමෙන් පසුව නීත්‍යානුකූලව නැවත විවාහ වීමට පෙර පිළිපැදීමට බැඳී සිටින නිර්මල අවධියකි.

කුරානයේ විස්තර කර ඇති පරිදි වැන්දඹුවක් විසින් ගතකළ යුතු කාලය නිරීක්ෂණ කාලය මාස හතරයි දින දහයකි. එහෙත් සනාථ කිරීමට ප්‍රමාණවත් සාක්ෂි නොමැති වුවද ඇතැම් මූලාශ්‍ර සැක කරන්නේ ඔවුන් සුදු ඇඳුම් මිලදී ගෙන ඇත්තේ ඉලක්කගත ස්ථානවල බෝම්බ පුපුරවා හැරීමටය. කෙසේ වෙතත්, පාස්කු ප්‍රහාරයෙන් පසු ඔවුන් සුදු ඇඳුමින් සැරසී සිටි බවට සනාථ කිරීමට හැකි සාක්ෂි විමර්ශන නිලධාරීන් විසින් සොයාගෙන තිබේ.

අප්‍රේල් 18 වෙනිදා පස්වරුවේ කොළඹදී සහරාන් හාදියාට ප්‍රථම වරට පැවසුවේ තමන් ඇතුළු පිරිස මහා විගමනය ලෙස හඳුන්වන හිජ්රා වෙත යාමට සැලසුම් කර ඇති බවත්, ඔහු ආපසු නොඑන්නේ නම් තම දෙමාපියන් සමඟ ජීවත් වන ලෙස ඇය සහ දරුවන්ගෙන් ඉල්ලා සිටින බවත්ය. . “ඉස්ලාමීය සම්ප්‍රදායට අනුව, හිජ්රා යනු ක්‍රිස්තු වර්ෂ 622 දී මුහම්මද් නබිතුමා මක්කාවේ සිට මදීනාවට සිදු කළ මහා සංක්‍රමණය වීමයි. කෙසේ වෙතත්, ඉස්ලාමීය රාජ්‍යය (අයිඑස්) විසින් මුස්ලිම් අනුගාමිකයින් තම දේශසීමා වෙත ආකර්ෂණය කර ගැනීම සඳහා මෙම යෙදුම විකෘති කර තිබේ. සහරාන් එහිදී හාදියා හමුවේ සපථ කළේ සියලු වගකීම් ඔහුගේ සොහොයුරා වන රිල්වාන් හෙවත් අබු කිතාල් විසින් ඉටු කරන බවයි. ඉන් පසු සහරාන් රිල්වාන්ගෙන් ඉල්ලා සිටියේ තම බිරිඳ සහ දරුවන් දෙදෙනා ඇතුළු කණ්ඩායමේ අනෙක් අය වහාම කාත්තන්කුඩියට රැගෙන යන ලෙසයි.

සැලසුම් කළ පරිදි අප්‍රේල් 19 වැනිදා උදෑසන කොළඹින් පානදුර හරහා නැඟෙනහිර පළාත බලා පිටත් වූ පිරිස අප්‍රේල් 20 වැනිදා අලුයම 2.30ට පමණ කාතන්කුඩියේ නින්දවූර් හි ආරක්‍ෂිත නිවසකට ළඟා වූහ. එම පිරිසට හාදියා, ඇගේ දරුවන් දෙදෙනා, සාරා, රිල්වාන්, ෆෙරෝසා, සහ වෑන් රථය පැදවූ රියාස් ඇතුලත් වූහ. මාස ගනනාවකට පසු සහරාන්ගේ මාපියන් ඇතුළු පවුලේ සාමාජිකයන් හමුවූ පළමු අවස්ථාව එය විය. 2019 අපේ‍්‍රල් 20 වැනිදා සිට 26 වැනිදා දක්වා මෙම පිරිස ආරක්‍ෂක අංශවලින් සැඟවීමට විවිධ උපක‍්‍රම භාවිත කළහ. මෙම කෙටි කාලය තුළ ඔවුන් එම ප්‍රදේශයේ නිවාස කිහිපයක් ආරක්‍ෂිත නිවාස ලෙස භාවිත කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ. අවසානයේ ඔවුන්ගේ අවසන් නවාතැන වූයේ සයින්දමරදු ප්‍රදේශයේ බොලිවාරියන් ගම්මානයේ පිහිටි තනි මහල් නිවසකි.

ඒ 2019 අප්‍රේල් 26 වැනි දින සවස් භාගය වූ අතර, ඉතිහාසයේ බිහිසුණුම සම්බන්ධීකරණ ත්‍රස්තවාදී ප්‍රහාර හේතුවෙන් රටේ අනෙකුත් බොහෝ ස්ථාන මෙන්ම සයින්දමරදු ප්‍රදේශයද භීතියෙන් ගිලී තිබුණි. එදින දහවල් ප්‍රදේශයේ හන්දියේ පිහිටි ජුම්මා පල්ලියට යාඥා කිරීමට ගිය පුද්ගලයන් දෙදෙනකුගේ සැක කටයුතු හැසිරීම නිසා පල්ලියේ සිටි භාණ්ඩාගාරික ඇතුළු කිහිප දෙනෙකුගේ අවධානය යොමු විය. එම සැකය ගම පුරා පැතිරීමට වැඩි වේලාවක් ගත නොවීය; බොහෝ අය තම ගමට අලුතින් පැමිණි අය ගැන සැක පහළ කළහ.

මෙම පිරිස සයින්දමරදු ප්‍රදේශයේ බොලිවාරියන් ගම්මානයේ නිවසක් සැඟවීමට තෝරා ගත් අතර කිසිවකු තමන් කෙරෙහි අවධානය යොමු නොකරනු ඇතැයි සිතන්නට ඇත. නමුත් ඔවුන්ගේ උපකල්පනය ඉතාම කෙටි කාලයක් තුළදී වැරදි බව ඔප්පු විය. බොලිවේරියන් ගම්මානය යනු සුනාමියෙන් විපතට පත් වූවන් සඳහා වෙනිසියුලානු අරමුදල් යටතේ ඉදිකරනු ලැබූ නිවාස ව්‍යාපෘතියකි. මෙම ව්‍යාපෘතිය සඳහා තෝරා ගත් ඉඩම මීට පෙර වී වගාව සඳහා යොදා ගත් නමුත් එහි පැවති පාරිසරික දුෂ්කරතා හේතුවෙන් මෙම ව්‍යාපෘතිය සඳහා යොදා ගැනීමට තීරණය විය. මෙම ව්‍යාපෘතියේ ප්‍රතිඵලයක් ලෙස එම ප්‍රදේශය බොලිවාරියන් ගම්මානය ලෙස නම් කරන ලදී.

සහරාන්ගේ පවුලේ සමාජිකයින් ඇතුළු පිරිස ඇතුළුවීමට හෝ පිටවීමට එක් ගේට්ටුවක් පමණක් ඇති ඇස්බැස්ටෝස් තහඩු සහිත තනි තට්ටුවක් සහිත නිවසක සැඟවීම සඳහා ගත්තේය. එහි අඩි හතක් පමණ උස දොර දෙකේ කළු පැහැති ගේට්ටුවකි. ගෙදර වටා ඇති උස් තාප්පයකින් වට වූ මෙම නිවස තරමක් විශාල විසිත්ත කාමරයකින් සහ කුඩා වැරන්ඩාවකින්, නිදන කාමර දෙකකින්, මුළුතැන්ගෙයකින් සහ කුඩා නාන කාමරයක් සහිත වැසිකිලියකින් සමන්විත විය. කුස්සියේ බිත්තියේ සිට අඩි තුනක් පමණ ඈතින් උස් තාප්පයකට මායිම්ව කුස්සිය අසල වැසිකිළිය පිහිටා තිබුණි. නිවසේ කුස්සියේ සිට මිදුලට පිවිසීමට සහ වැසිකිළියට ඇතුළු වීමට ඉඩ සලසන පිටුපස දොරක් ඇත. ඒ දොර පාවිච්චි කළද ගෙදරින් පිටත්වීමට අවශ්‍යය කෙනෙකුට භෛව්තා කිරීමට ඇත්තේ එහි ප්‍රධාන ගේට්ටුව පමණි.

2019 අප්‍රේල් 26 වන දින වන විට සහරාන්ගේ පවුලේ සාමාජිකයින් ඇතුළු පුද්ගලයින් දහනව දෙනෙකු නිවසේ රැඳී සිටියහ.  පුපුරණ ද්‍රව්‍ය, මුදල් නෝට්ටු ඇතුළු විවිධ ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් ඔවුහු රැස්කරගෙන සිටියෝය. මූලාශ්‍රවලට අනුව සහරාන්ගේ පියා හයාතු මොහොමඩ්, මව සින්ති, බිරිඳ හැඩියා සහ ඇගේ පුතා වසීත් සහ දියණිය රුදයිනා, රිල්වාන්, ඔහුගේ බිරිඳ ෆාතිමා නෆ්නා, ඔවුන්ගේ දරුවන් වන ම්හ්රා සහ සහීඩ්, ෂෙයිනි, ඔහුගේ බිරිඳ ෆාතිමා අෆ්රින්, ඔවුන්ගේ දරුවන් හමාමා සහ උමර්, සහරාන්ගේ සහෝදරිය වූ හිදායා, ඇගේ සැමියා රිෂාඩ් සහ ඔවුන්ගේ දියණිය රුබෙයිදා, සහරාන්ගේ දෙවන සහෝදරියගේ සැමියා නියාස්, සාරා සහ ෆෙරෝසා එහි රැඳී සිටියහ.

මේ අතර ගමේ වෙසෙන ජනතාව සහ ජුම්මා පල්ලියේ භාරකරු ලබාදුන් තොරතුරකට අනුව අප්‍රේල් 26 වැනිදා සවස 4 ට පමණ එම නිවසේ සැක කටයුතු පිරිසක් රැඳී සිටින බවට ආරක්‍ෂක අංශ වෙත පණිවිඩයක් ලැබිණි. ඒ අනුව නිවස සෝදිසි කිරීමට ප්‍රදේශය භාර ආරක්ෂක අංශ සාමාජිකයෝ තීරණය කළෝය. නිවස සෝදිසි කිරීමට පෙර යුද හමුදාව වහා ආරක්‍ෂක අංශ යොදවා නිවසට ඇතුළු හෝ පිටවන ස්ථානය ඇතුළු නිවස සම්පූර්ණයෙන්ම වටලනු ලැබීය. ඒ අතර රිල්වාන්  “බල්ලන්”  විසින් නිවස වට කර ඇති බවත් තමන් ඇතුළු කණ්ඩායම අල්ලාහ්ගේ නාමයෙන් තම සැලැස්ම ක්‍රියාත්මක කරන බවත් පවසමින් වීඩියෝ පණිවිඩය නිකුත් කළේය. ඔහු බල්ලන් ලෙස හැඳින්වූයේ ආරක්ෂක අංශ සාමාජිකයින්ය.

“අල්ලාහ්ගේ කරුණාවෙන්, අල්ලාහ්ගේ දයාවෙන්, අපි කිරීමට සැලසුම් කළ දේට අපි සූදානම් වෙමු. අපි මේ රට බල්ලන්ගෙන් සහ මුස්ලිම් නොවන අයට තැනක් නැති නිසා ඔවුන්ගෙන් ඉවත් කරමු. ඔවුන් සිටින තුරු අපි අපගේ උත්සාහය දිගටම කරගෙන යන්නෙමු. දඬුවම් ලැබේවා, අල්ලාහ් අප සමඟ වේවා.අපි මැරුණත් අපි දිවි පිදූවන් ලෙස මියයන්නෙමු, අපි කිරීමට සැලසුම් කරන දේ සෑම ස්ථානයකම සිදුවනු ඇත. අප සමඟ සිටින්න, ශක්තිමත්ව සිටින්න, අපගේ වචනය විශ්වාස කරන්න. අල්ලාහ් කිසි විටෙකත් ඇදහිලිවන්තයන්ගේ යාච්ඤාවලට පිළිතුරු දීමට අසමත් නොවේ.අපට වැරදි කරන මේ මිනිසුන්ට දෙවියන්ගේ පළිගැනීම් තුන් ගුණයකට මුහුණ දීමට සිදුවනු ඇත. මෙය අපගේ ජිහාඩයයි. අපි මෙය ඉල්ලා සිටින්නේ සෑම යාච්ඤාවකටම පිළිතුරු දෙන සහ සෑම කන්නලව්වක්ම අල්ලාහ්ට අසන යමූල් කියමාහා දිනයේදීය. අල්ලාහ් එම යාච්ඤාවලට පිළිතුරු දීමට කිසිදා අසාර්ථක නොවේ, ” රිල්වාන්, ඔහුගේ පියා සහ තම පුතා වූ උමර්ව උකුලේ තබාගෙන සිටි ෂයිනි විසින් සමාජ මාධ්‍යවල ඒකාබද්ධ වීඩියෝවක් නිකුත් කරමින් තම ප්‍රචණ්ඩකාරී අරමුණු වල ගැඹුරු යථාර්තය  පැහැදිළි කළේය.

නිවෙසේ සිටින අයවලුන්ට කොන්දේසි රහිතව යටත්වන ලෙස ආරක්ෂක අංශ නියෝග කළේය. එහෙත් ඔවුන් යටත් වීම ප්‍රතික්ෂේප කිරීමත් සමඟ හමුදා මෙහෙයුම දියත් කිරීමට තීරණය කළේය. හමුදාව නිවසට ඇතුළු වීම වැළැක්වීමට ෂයිනි සහ නියාස් දැඩි උත්සාහයක නිරත වූ අතර හමුදාව දෙස වෙඩි තැබූහ. නියාස් ගේට්ටුවෙන් පිටතට ගොස් හමුදාවට වෙඩි තැබීමට උත්සාහ කළ නමුත් එයට ප්‍රතිචාර වශයෙන් ඔහු හමුදා ප්‍රතිප්‍රහාර වලින්  මිය ගියේය. නිවසට ඇතුළු වන ගේට්ටුවේ සිට මීටර් දහයක් පමණ දුරින් ඔහුගේ සිරුර වැටී තිබුණි. ශයිනිගේ සිරුරද නිවසේ මිදුලේ වැටී තිබී හමුවිය. සහරාන්ගේ බිරිඳ හාදියා සහ ඇගේ දියණිය පමණක් බරපතළ තුවාල සහිතව දිවි ගලවා ගත්හ. නිවසේ සිටි අනෙක් සියල්ලෝම පිපිරීම්වලින් මිය ගියහ. එනම් නිවසේ සිටි අනෙකුත් සාමාජිකයන් වූ හයාතු මොහොමඩ්, සින්ති, රිල්වාන්, ෆාතිමා නෆ්නා, මිහ්රා, සහීඩ්, ෆාතිමා අෆ්රින්, හමාමා, උමර්, හිදායා, රිෂාඩ්, රෙබෙයිඩා, සාරා, ෆෙරෝසා සහ සහරාන්ගේ පුත් වසීත් යන අයවලුන් පිපිරීම් මාලාවකින් මිය ගිය බවට පළමුව විශ්වාස කරනු ලැබීය.

මෙහි දී දෛවයේ හාස්කමකින් මෙන්  හාදියා සහ ඇගේ දියණිය දිවි ගලවා ගත් ආකාරය පිළිබඳ විමර්ශනයේ පළමු අවධානය යොමු විය. ඒ අනුව සිද්ධිය පිළිබඳ වැදගත් දත්ත රැසක් අනාවරණය විය. ආරක්‍ෂක අංශ සාමාජිකයන් නිවස වටකර ඇති බව වටහාගත් ඔවුන් සියල්ලෝම හැකි ඉක්මනින් අත් පා සෝදා පිරිසිදු කරන්නට වූහ. මේ අතර රිල්වාන් නිවසේ තිබූ ගෑස් සිලින්ඩරය සහ සාලයේ නවතා තිබූ යතුරුපැදියේ ඉන්ධන ටැංකිය පුපුරුවා හැරීමට අවශ්‍යය කටයුතු වහා වහාම සූදානම් කළේය.

අනතුරුව රිල්වාන් තම මරාගෙන මැරෙන ඇඳුම් කට්ටලය ගැටගසා ගැනීමෙන් පසු නිවසේ තිබු මරාගෙන මැරෙන ඇඳුම් කට්ටල ගැටගැසීමට අනෙක් අයට සහාය විය. ඒ අනුව  සාරාට සහ ෆෙරෝසාට මරාගෙන මැරෙන ඇඳුම් කට්ටල ගටගසනු ලැබීය. ඔවුන් දෙදෙනා මරාගෙන මැරෙන ඇඳුම් කට්ටල පැළඳ සිටිනු තමා දුටු බව හාදියා ප්‍රකාශ කර ඇති අතර, සාරා හාදියාට ස්වර්ගයට යාමට වහාම ඔවුන් හා එක්වන ලෙස ආරාධනා කළාය. ඒ මොහොතේ හාදියා තම දියණිය සමඟ සාලයේ සිට පළමුව වැසිකිළියට ගොස් ඊළඟ නිදන කාමරයට ගොස් ඇත. බෝම්බ පිපිරීම සිදුවූයේ ඒ අවස්ථාවේදීය. පිපිරීමෙන් පසු හාදියා සිහිසුන් වී ඇද වැටුණි. පැය කිහිපයකට පසු ආරක්ෂක අංශ විසින් ඇය සහ ඇගේ දියණිය රෝහල වෙත රැගෙන ගිය අතර, නිවසේ තිබු මළ සිරුරු පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා රැගෙන යන ලදී. පහසුවෙන් හඳුනාගත හැකි මළ සිරුරු කිහිපයක් පමණක් හමුවිය. නිවසේ රැඳී සිටි අනෙක් සියල්ලන්ගේම සිරුරු කැබලිවලට කැඩී ගොස් තිබුණි.

2019 අප්‍රේල් 28 සහ 29 දෙදින තුළ ප්‍රදේශය භාර අධිකරණ වෛද්‍ය විශේෂඥවරයා විසින් සිරුරු සහ ශරීර කොටස් පශ්චාත් මරණ පරීක්‍ෂණය සඳහා යවා DNA පරීක්‍ෂණය සඳහා අවශ්‍යය ජෛවපටක නියැදි ලබා ගන්නා ලදී. අධිකරණයේ අනුමැතිය ලබා ගැනීමෙන් පසු සාම්පල රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කෙරිණි. අවාසනාවන්ත ලෙස එම ජීව පටක නියැදි (සාම්පල) තුනක් කල් ඉකුත් වී ඇති බව රස පරීක්ෂකවරයා අධිකරණයට දන්වා සිටියේ 2019 මැයි 15 වැනිදාය.ඉන්පසු පොලිස්පතිවරයා සිද්ධිය වැඩිදුර විමර්ශන සඳහා රහස් පොලිසියට යොමු කළේය.

පළමු අවස්ථාවේ ලබාගත් ජීවපටක නියැදි වලින් තුනක් කල් ඉකුත් වී තිබු බැවින් අදාළ ශරීර කොටස්වලින් නැවත DNA පරීක්‍ෂණය සඳහා ජීවපටක නියැදි ලබා ගැනීමට 2019 ජුනි 7 වැනිදා අධිකරණයෙන් අවසර ඉල්ලා සිටියේය. ඒ සඳහා වැඩිහිටි පුද්ගලයින් දස දෙනෙකුගේ සහ එක් දරුවෙකුගේ සිරුරු පමණක් ගොඩගෙන ඇති අතර DNA පරීක්ෂණය සඳහා අවශ්‍යය නියැදි ලබාගෙන ඇත. අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් ඒ සඳහා පැමිණ සිටි නමුත් කුමන හේතුවක් නිසා හෝ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පැමිණ සිටියේ නැත. කෙසේ වෙතත්, දෙවන වරටත් ලබාගත් DNA සාම්පල වහාම ආරක්ෂිතව පරීක්ෂණ සඳහා යවන ලදී.

එම පරීක්‍ෂණවල ප්‍රතිඵල මාස තුනකට පසුව 2019 සැප්තැම්බර් 19 වැනිදා අධිකරණයට වාර්තා කළේය.අදාළ පරීක්‍ෂණ වාර්තාවට අනුව ඩීඑන්ඒ පරීක්‍ෂණවලින් නිවසේ සිටි සියලු දෙනාම තහවුරු කර ගැනීමට නොහැකි විය. පිළිතුරු වලට වඩා බොහෝ ප්‍රශ්න මතු විය. ඒ DNA පරීක්ෂණ සඳහා අවශ්‍යය නියැදි ලබා ගැනීමේදී ඇතැම් කොටස් කෙරෙහි අවධානය යොමු කිරීමට නොහැකි වූ නිසාද? එසේ නොමැති නම් සහරාන්ගේ බිරිඳ සඳහන් කළ පිපිරීම් සිදුවන විට නිවසේ සිටි සංඛ්‍යාව වැරදිද? පිපිරීමට පෙර හෝ හමුදා මෙහෙයුම සිදුවන අවස්ථාවේ නිවසේ සිටි කිසිවකු පැන ගියේද? මේ ප්‍රශ්නවලින් සිද්ධිය වඩාත් ආන්දෝලනාත්මක විය. පසුගිය අප්‍රේල් 19 වැනිදා හාදියා ඇතුළු පිරිස සමඟ කොළඹ සිට පැමිණි සාරා ජැස්මින් වෙත බොහෝ දෙනාගේ අවධානය යොමු විය. මන්ද ඩීඑන්ඒ පරීක්‍ෂණවලින් ඇයගේ සිරුර හැර අනෙක් සියල්ල තහවුරු කර ගැනීමට නොහැකි වූ බැවිනි.

මීගමුව කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයට බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ අබු මුහම්මද් නොහොත් මොහොමඩ් හෂ්තුන්ගේ බිරිඳ සාරා ජැස්මින්ට සිදුවූයේ කුමක්ද? ඇය ගැන සමහර පුවත් තනන්නන් සහ කුමන්ත්‍රණ න්‍යායවාදීන් බොහෝ කථා ඉදිරිපත් කළහ. ඔත්තු බැලීමේ ආයතනයක තොරතුරුකාරියක වූ ඇය පොලිස් නිලධාරියකුගේ ද සහාය ඇතිව මන්නාරම හරහා ඉන්දියාවට පැනගොස් ඇති බව සමාජය පුරා පැතිරී ගිය එවැනි කතාවකි. නමුත් එවැනි බොහෝ කතන්දර පදනම් වී ඇත්තේ හුදු කල්පිත සහ සමාජය පුරා පැතිර යන පදනමක් නැති කටකතා මත වුවද එවැනි කතා විමර්ශන තවදුරටත් සංකීර්ණ කර ඇත. ඒ නිසා මේ සම්බන්ධයෙන් රටේ නීතිය ක්‍රියාත්මක කරන ආයතනවල නිලධාරීන් ගන්නා ක්‍රියාමාර්ග දෙස හොඳින් සොයා බැලීම වැදගත්.

මෙහිදී අපට යළිත් තහවුරු කළ හැහැකි කාරණා කිහිපයක් තිබේ. පළමුවැන්න, සයින්දමරුදු බොලිවේරියන් ගම්මානයේ සිදුවූ පිපිරීම්වලට ගොදුරු වූවන්ගේ ප්‍රථම ඩීඑන්ඒ පරීක්‍ෂණයට වගකිව යුතු නිලධාරීන් ජීව පටක සාම්පල ලබා ගැනීමේදී  දැඩි අවධානයකින් සහ උනන්දුවකින් එය නොකළ බවයි. දෙවැන්න, DNA පරීක්ෂණවල දෙවන වටයේදී තෝරාගත් සිරුරු කිහිපයකින් පමණක් අදාළ නියැදි ලබාගෙන ඇති බවයි. තෙවැන්න, එම නිවසේ රැඳී සිටින පුද්ගලයන් සංඛ්‍යාව සහ පිපිරීම්වලින් පසු ඩීඑන්ඒ පරීක්‍ෂණවලින් තහවුරු වූ සිරුරු සංඛ්‍යාව අතර වෙනසක් ඇති බවට තහවුරු වී ඇත.

මෙම විෂමතාවය පුළුල් සමාජ මතභේදයකට තුඩු දුන් අතර සත්‍යය කුමක්ද යන්න විවිධ පාර්ශ්වයන් විසින් ප්‍රශ්න කරන ලදී. එහිදී මෙම ප්‍රහාරය පිටුපස දේශපාලන කුමන්ත්‍රණයක් තිබූ බවත්, ප්‍රහාරය පිටුපස සිටි අය සාරාට පැන යාමට උදව් කළ බවත් ආදී කතා නිර්මාණය විය. නමුත් මේ සිද්ධි දාමයේ සිද්ධි සියල්ල එකිනෙක ගැටගැසෙන විට මෙය පිටුපස දේශපාලන කුමන්ත‍්‍රණයක් හෝ සාරාට පැන යාමට උදව් කළ කිසිවකු හෝ ඇතැයි සනාථ කිරීමට සාධනීය තොරතුරු හෝ සාක්ෂි නොමැති බව ඉතා පැහැදිලිය. අසත්‍යය පියාසර කරයි, සත්‍යය එය පසුපස කොර ගසමින් හඹා යෑමට උත්සහ කරන්නේය, යන අදහස සනාථ කරමින් එම කතා වලින් බොහෝ දෙනෙකු මංමුලාවට පත්වූහ.

කෙසේ වෙතත් නිවසේ පිපිරීම් සිදුවන අවස්ථාවේ සාරා ජැස්මින් එහි සිටි බව හාදියා අවස්ථා කිහිපයකදීම යළි යළිත් තහවුරු කර තිබේ.සාරා රිල්වාන් ලබාදුන් මරාගෙන මැරෙන ඇඳුම් කට්ටලයක් ඇඳ සිටි බවද ඇය තහවුරු කළාය. ෂයිනි සහ රියාස් නිවසින් පිටතට පැමිණ ආරක්ෂක අංශ වෙත වෙඩි තබා ඇති අතර නිවස තුළ ප්‍රබල පිපිරීම් තුනක් සිදුව ඇති බව වාර්තා වේ. පිපිරීම්වලින් පසු කිසිවකු නිවසින් පිටව ගිය බවට පිළිගත හැකි සාක්ෂි නොමැත. ඉහත සඳහන් කළ පරිදි අඩි හතකට වඩා උස තාප්ප වලින් වට වූ නිවසට ඇතුළුවීමට සහ පිටවීමට ඇත්තේ එක් ගේට්ටුවක් පමණි. මෙම මෙහෙයුම දෙස විශාල පිරිසක් බලා සිටි බවද වාර්තා වේ. කෙසේ වෙතත් මෙහෙයුම සියැසින් දුටු විශාල පිරිසෙන් කී දෙනකුගේ සාක්‍ෂි සටහන් කරගත්තේද යන්න පැහැදිළි නැත.  එවැනි තත්ත්වයක් යටතේ පිපිරුම් සිදු වූ අවස්ථාවේදී හෝ ඉන් පසුව කිසිවෙකු නිවසින් පිටව යා හැකිද? 2019 අපේ‍්‍රල් 26 වැනිදා සවස 6.00 සිට යුද හමුදාව නිවස වටකළ පසු කිසිවකුට පැන යාමට නොහැකි වූ බව මෙහෙයුමේදී යුද හමුදාවට අණ දුන් මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ ඉතා පැහැදිලිව කියා සිටියේය.

කෙසේ වෙතත්, සාරා පිළිබඳ නිර්මාණය කරන ලද කතාව ඇය මිය ගිය බව සනාථ කිරීමට කිසිදු විද්‍යාත්මක සාක්ෂියක් ලෙස නොමැති නිසා ශක්තිමත් වී ඇත. එය සමාජය පුරා විවිධ ස්වරූපයෙන් පැතිරී ඇති කාලයකදී කොළඹ අපරාධ කොට්ඨාශයට අනුයුක්ත ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු පාස්කු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති විමර්ශන කොමිසමට අනුයුක්ත කර තිබේ. ඒ 2019 නොවැම්බර් 27 වැනිදාය.  සිද්ධිය ඇසින් දුටු සාක්ෂිකරුවෙකු ලෙස ඔහුගේ තොරතුරුකරුවෙකු ලබා දුන් සාක්ෂියක් කොමිසම හමුවේ ඉදිරිපත් කරමින් සාරා ජැස්මින් පැන ගොස් ඇති බව ඔහු වාර්තා කළේය. ඔහු එම චෝදනාව සනාථ කිරීම සඳහා කිසිදු හරවත් තොරතුරු නොමැතිව අදාළ ඔත්තුකරුගේ තනි ප්‍රකාශයක් භාවිතා කළ බව වාර්තා පෙන්වා දෙයි. සාක්ෂි ඉදිරිපත් කිරීමට පෙර තොරතුරු සපයන්නා පිළිබඳ සවිස්තරාත්මක පසුබිම් අධ්‍යයනයක් හෝ ජංගම දුරකථන විශ්ලේෂණයක් සිදු කර නොමැති බව ද පැහැදිලිය. ඉතින් මේ ඊනියා තොරතුරුකරුවා අවස්ථා කිහිපයකදී වරින් වර ඔහුගේ ප්‍රකාශ වෙනස් කර තිබුණි.

කල්මුණේ මහේස්ත‍්‍රාත් අධිකරණයේ ඉදිරිපත් වූ සාක්ෂිවලට අනුව ජනාධිපති කොමිසමේ සේවය කළ පොලිස් නිලධාරියාගේ තොරතුරු ඔහුගේ රියදුරු වන සිවලිංගම් රවීන්ද්‍රන්ගෙන් නමැත්තකුගෙන් තොරතුරු ලබාගෙන ඇත. ඔහුගේ ප්‍රකාශය මත කොළඹ අපරාධ කොට්ඨාශය විසින් කලවංචිකුඩි ප්‍රදේශයේ පදිංචි සෙල්වරාජා දේවකුමාර් සහ ප්‍රධාන පොලිස් පරීක්ෂක අබුබකර් අත්අඩංගුවට ගත්තේය. පොලිස් නිලධාරියාගේ තොරතුරුකරුගේ රියදුරාගේ තොරතුරු වලට අනුව සාරා ජස්මින්ට පැන යාමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් දෙදෙනාටම චෝදනා එල්ල විය. කෙසේ වෙතත්, පොලිස් නිලධාරියාගේ තොරතුරු කරුට තොරතුරු සැපයූ බව කියන පුද්ගලයා අවස්ථා කිහිපයකදී පරස්පර ප්‍රකාශ කර ඇති අතර පසුව තමන් අසත්‍ය තොරතුරු ලබාදුන් බව කල්මුණේ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පිළිගෙන ඇත. මුදල් ත්‍යාගයක් බලාපොරොත්තුවෙන් එම කාන්තාව පලා යන අයුරු තමා දුටු බව පවසන ලෙස පොලිස් නිලධාරියාගේ තොරතුරු කරු තමාගෙන් ඉල්ලා සිටි බවද ඔහු විමර්ෂණ නිලධාරීන් හමුවේ පසුව පවසා ඇත.

මේ වන විට සිදු කර ඇති පරීක්ෂණවලින් හෙළි වූ කරුණු අනුව මූලික කරුණු දෙකක් අනුමාන කළ හැකිය. පළමු වැන්න නම් ඔහුගේ තොරතුරුකරුවා යම් යම් පෞද්ගලික අමනාපකම් සමථයකට පත් කර ගැනීම සඳහා ජනාධිපති විමර්ශන කොමිෂම භාරව සිටි පොලිස් නිලධාරියා නොමග යවා ඇත. දෙවනුව, සාරා ජස්මින් කිසියම් හේතුවක් නිසා ඉන්දියාවට පලා යාම පොලිස් නිලධාරියා ඇතුළු සම්බන්ධ වූ සියල්ලන් විසින් හැකි ප්‍රතිලාභ ලබා ගැනීමේ ගූඪ අරමුණින් හිතාමතා ගොතන ලද දෙයක් විය හැකිය.

කෙසේ වෙතත්, සාරා ජස්මින් නිවසේ බෝම්බ ප්‍රහාරයකින් මිය ගිය බවට තවමත් තහවුරු කළහැකි විද්‍යාත්මක සාක්ෂි නොමැත. එමෙන්ම පිපිරීම් සිදුවන අවස්ථාවේ ඇය නිවසින් පලා ගිය බවට පිළිගත හැකි සාක්ෂිද නොමැත. නමුත් මීට පෙර පවත්වනු ලැබූ ඩීඑන්ඒ පරීක්‍ෂණ වට දෙක සඳහා ජෛවපටක සාම්පල එකතු කිරීමේ ස්වභාවයේ බරපතළ දෝෂ තිතිබුණු බව පමණක් මේවන විට පැහැදිළිය.

මෙම සන්දර්භය තුළ, තොරතුරු සපයන්නන් යැයි කියා ගන්නා පුද්ගලයින් විසින් ලබා දුන් බව කියන අදහස් කිහිපයක් පමණක් ඇති අතර සාරා ගැන සමාජය පුරා පැතිරී ඇති උපකල්පනයන් එම අදහස් මත පදනම් වේ.

නමුත් මෙහිදී මතක තබා ගත යුතු මූලික කරුණු කිහිපයක් තිබේ. පළමුව, සාරා ජස්මින් පොලිස් නිලධාරියකුගේ සහය ඇතිව පලා ගිය බවට තොරතුරු සපයන්නන් විසින් කරන ලද චෝදනා අසත්‍ය බව අධිකරණය ඉදිරියේ තොරතුරු ලබාදුන් අයවලුන් විසින්ම පිළිගෙන ඇත. දෙවනුව සහරාන්ගේ බිරිඳ හාදියා පුන පුනා ප්‍රකාශ කර ඇත්තේ පිපිරුම් සිදුවන අවස්ථාවේ සාරා ජස්මින් මරාගෙන මැරෙන ඇඳුම් කට්ටලයක් පැළඳ සිටිනු තමා දුටු බවයි. බුද්ධි තොරතුරු මත අත්අඩංගුවට ගත් කල්මුණේ ප්‍රදේශයේ පදිංචි ශ්‍යාම් නැමැත්තාද සාරා ජැස්මින් මෙම නිවසේ නවාතැන් ගෙන සිටි බව සියැසින් දැක ඇති බවද තහවුරු කොට ඇත. ඒ බව තහවුරු කරමින් රිල්වාන් ද සිය අවසන් වීඩියෝ පණිවිඩයෙන් කියා සිටියේ තමා සමඟ දින කිහිපයකට පෙර ස්වර්ගයට ගිය තිදෙනකුගේ භාර්යාවන් තිදෙනකු තමා සමඟ සිටි බවත් ඔවුන් ද ළඟදීම ස්වර්ගයට යන බවත්ය. මේ කරුණු අනුව නිවස තුළ පිපිරීම් සිදුවන අවස්ථාවේ සාරා ජස්මින් එහි සිටි බව අනුමාන කිරීම වරදක් නොවේ.

මහේන්ද්‍රන් පුලස්තිනී හෙවත් සාරා ජස්මින් උපත ලැබුවේ 1996 මාර්තු 7 වැනිදා කලවංචිකුඩි රෝහලේදීය. එදින පෙරවරු 08.30 ට රෝහලේදී මවක විසින් දියණියක් ප්‍රසූත කර ඇති බව රෝහල් වාර්තා තහවුරු කොට ඇත. හින්දු පවුලක ඉපිද, පසුව ප්‍රේම සම්බන්ධයක් නිසා ඉස්ලාම් ආගම වැළඳගත්, ආන්දෝලනාත්මක සිදුවීම් රැසකින් සමන්විත සාරාගේ ජීවිතය පාස්කු ප්‍රහාරයේ විවිධ මානයන් සහ අනාගතයේදී එල්ල විය හැකි තර්ජනවල ස්වභාවය තේරුම් ගැනීමට ඉතා වැදගත් වේ. වැදගත්ම දෙය නම් වෛද්‍යවරියක් වීමට සිහින මැවූ නමුත් 2019 පාස්කු ප්‍රහාරය එල්ල කළ ඉස්ලාමීය අන්තවාදීන් සමග සිටිමින් මරාගෙන මැරෙන බෝම්බකාරියක් බවට පත් වූයේ යැයි කියන මෙම කාන්තාවට සැබවින්ම සිදු වූයේ කුමක්ද? ඇය ජීවතුන් අතර සිටීද? නැතහොත් බොලිවේරියන් ගම්මානයේ සිදුවූ පිපිරීම්වලින් මිය ගියාද යන්න සොයා බැලීම ඉතා වැදගත්ය.

මේ පසුබිම මැද, පිපිරුම්වලින් මියගිය අයගේ සිරුරු වලින් ජෛවපටක ලබාගෙන DNA පරීක්‍ෂණයක් පවත්වන ලෙස ආරක්‍ෂක මණ්‌ඩලය වෙත තුන්වැනි නිල ඉල්ලීමක්‌ ද ඉදිරිපත් විය. ඒ මීට වසර දෙකකට පෙර එනම් 2020 පෙබරවාරි මස දෙවැනි දිනයේදීය. එම ඉල්ලීම කළේ රාජ්‍ය බුද්ධි සේවාවේ අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් සුරේෂ් සලෙයි විසිනි. ඔහු එම ඉල්ලීම කළේ ඉතා වැදගත් කරුණු කිහිපයක් කෙරෙහි අවධානය යොමු කරමිනි.

රාජ්‍ය බුද්ධි සේවාවේ ප්‍රධානියා, වසර දෙකකට පෙර, සාරා ජස්මින්ගේ තත්ත්වය තහවුරු කිරීම වැදගත් බවත්, එසේ කිරීමට අපොහොසත් වීම අනාගතයේදී බරපතළ ආරක්ෂක, නීතිමය සහ සමාජීය ගැටලු වලට තුඩු දිය හැකි බවත් ඔහුගේ නිරීක්ෂණය විය. කෙසේ වෙතත්, වසංගතය ඇතුළු විවිධ හේතු නිසා, තුන්වන වටයේ DNA පරීක්ෂණ බලාපොරොත්තු වූවාට වඩා දිගු කාලයක් ගත විය.

අවසානයේදී මෙම සිදුවීම මූලික කරගෙන  සමාජය පුරා මතුවෙමින් තිබූ ආන්දෝලනාත්මක තත්ත්වය සමථයකට පත් කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු 2021 මැයි 07 වැනි දින රජයේ රස පරීක්ෂකවරයා සමඟ ස්ථාන පරීක්ෂාවකට ගියහ. ඊට පිපිරීම සිදුවූ අවස්ථාව යළි තහවුරු කිරීම සඳහා සහරාන්ගේ බිරිඳ අබ්දුල් කාදර් ෆාතිමා හාදියා රැගෙන යාමටද ඔවුහු අමතක නොකළහ. ස්ථාන පරීක්ෂාවෙන් පසුව, 2021 අගෝස්තු 16 වන දින, රජයේ රස පරීක්ෂකවරයා විසින් මෙම කාරණය සම්බන්ධයෙන් නිර්දේශ සහ නිරීක්ෂණ ඉදිරිපත් කරමින් වාර්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කරන ලදී. එම නිර්දේශ වහා ක්‍රියාත්මක කිරීම සඳහා නව ඩීඑන්ඒ පරීක්‍ෂණයක් සඳහා අවශ්‍යය නියැදි ලබා ගන්නා ලෙස පොලිසියේ ප්‍රධාන විමර්ශන නිලධාරි සමන් වීරසිංහ මහතාට උපදෙස් දෙන ලදී. අවාසනාවන්ත ලෙස වීරසිංහ මහතා රෝගාතුරව මිය ගිය අතර, අදාළ නියැදි එකතු කිරීම සඳහා අවශ්‍ය අධිකරණ නියෝගය ලබා ගැනීමට සැලකිය යුතු කාලයක් ගත විය.

මෙම නඩුව 2022 මාර්තු 21 වැනිදා අධිකරණයට කැඳවූ අවස්ථාවේදී අදාළ අධිකරණ නියෝගය ලබා ගැනීමට පොලිසියට හැකි වූ අතර අදාළ නියැදි ලබාගැනීමට පසුගිය මස එනම් අප්‍රේල් 08 වැනිදා සිට අප්‍රේල් 12 වැනිදා අතර කාලය අධිකරණය විසින් ලබා දී ඇත. කෙසේ වෙතත්, ප්‍රදේශය භාර අධිකරණ වෛද්‍යවරයා දන්වා සිටියේ ඔහුට කලින් පැවරී තිබූ හදිසි රාජකාරි හේතුවෙන් එම අවස්ථාවට සහභාගී විය නොහැකි බවයි. එබැවින් වගකිව යුතු සියලු පාර්ශ්වයන්ට සහභාගී විය හැකි දිනය වූයේ අප්‍රේල් 27 වෙනිදාය. ඒ අනුව සිරුරු කොටස් ගොඩගෙන තෙවැනි ඩීඑන්ඒ පරීක්ෂණය සඳහා අවශ්‍යය නියැදි ලබා ගත්තේය. මෙවර අදාළ සිදුවීමට අදාළ සියලුම ශරීර කොටස්වල සාම්පල ලබා ගැනීමට අධිකරණ වෛද්‍ය නිලධාරී, රජයේ රස පරීක්ෂක සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කළ බව ඊට සභාගී වූ නිලධාරීන් සනාථ කළේය. එබැවින් මෙවර පරීක්ෂණය තීරණාත්මක එකක් වනු ඇත. එහි ප්‍රතිඵලය සාරා ජස්මින් සම්බන්ධයෙන් පැතිර යන කටකතාවලට පැහැදිලි විද්‍යාත්මක පිළිතුරක් ලැබෙනු ඇතැයි බලාපොරොත්තු විය හැකිය.

කෙසේ වෙතත් මෙම සිද්ධියෙන් සාරා ජැස්මින් මිය ගියාද යන්න සම්පූර්ණ විමර්ශනයකින් තහවුරු වන තුරු නිශ්චිතව කීමට කිසිවෙකුට අයිතියක් නැත. ඇයගේ ජීවිතයේ දන්නා සිදුවීම් මෙන්ම ඇගේ වර්තමාන තත්ත්වය වඩාත් මතභේදාත්මක බලපෑමක් ඇති කර ඇත. සමාජය පුරා පැතිර ඇති වැරදි තොරතුරුවලින් වට වී ඇති සිද්ධියක සත්‍යය හඳුනා ගැනීම ඉතා අපහසු සහ වෙහෙසකර බව මෙම සිදුවීම අපට උගන්වයි.

අවසන් වරට සාරා හමුවූ සාක්ෂිකරුට  අනුව, 23 හැවිරිදි සාරා ජැස්මින් හින්දු පවුලක උපත ලබා පසුව ඉස්ලාම් ආගමට හැරී සදාකාලික විමුක්තිය සඳහා ඇති එකම මාර්ගය ලෙස ප්‍රචණ්ඩ අන්තවාදය ලෙස පිළිගෙන ජීවත් වූ අයෙකි. මෙහිදී, එල්.ටී.ටී.ඊ.ය විසින් නිර්මාණය කරන ලද මරාගෙන මැරෙන බෝම්බකරුවන් සහ ඉස්ලාමීය අන්තවාදය විසින් නිෂ්පාදනය කරන ලද මරාගෙන මැරෙන බෝම්බකරුවන් අප දැකීමට අකමැති වූ නව සමාජ මානයක් විවෘත කර ඇත. පුද්ගලයකු හෝ මතවාදයක් වෙනුවෙන් ජීවිතය කැප කරන කෙනෙකු තුළ සිදුවන මෙම සංකීර්ණ පරිවර්තනය අප ජීවත් වන සමාජය පිළිබඳව ගැඹුරින් අධ්‍යනයක අවශ්‍යතාවය ඉස්මතු කරයි. මෙවැනි ප්‍රචණ්ඩකාරී ප්‍රවණතා යළි ඇතිවීම වැළැක්වීම විවිධ කුමන්ත්‍රණවල එල්ලී සිටීමෙන් කළ නොහැක.

සමාජ අර්බුද සෑම විටම මිනිසා සිතන්නට පොළඹවයි.  ඒ පෙළඹවීම්වලට අනුගත වී ඒවා අධ්‍යයනයට යොමු කරන්නේ කීයෙන් කී දෙනාද? අවාසනාවන්ත කාරණය වන්නේ බොහෝ දෙනා සමාජ මෙහෙවරක් කිරීමට අවස්ථාව ලබා ගැනීමට වඩා පටු දේශපාලන අරමුණු ඉටු කර ගැනීම සඳහා ඕනෑම සමාජ සිදුවීමක් ඉතා පහසුවෙන් භාවිතා කිරීමට නැඹුරු වී සිටීමයි. සත්‍ය සෙවීමට යන මාර්ගය අප විසින්ම වසා ගත්විට මෝහය වටා එකතු වීමට අපි හුරු වන්නෙමු. මෝහය අපගේ ජීවිතයේ මූලික ගාමක බලවේගය බවට පත් වූ විට, අපට පුද්ගල නිදහස වෙනුවට වහල්භාවය උරුම වේ. සාරා ජස්මින් පිළිබඳ ප්‍රහේලිකාව විද්‍යාත්මකව හෙළි කළ යුත්තේ එබැවිනි. එය සාමූහික සමාජ වගකීමකි.

( නිලන්ත ඉලංගමුව විසින් රචිත Unfolding the Enigma of Sara Jasmine හිසින් යුතු ලිපියේ සිංහල පරිවර්තනය) 

—–

IMG_8920.jpg

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan