මහනුවරට ඔක්කොම

Date:

නිශ්මං රණසිංහ අප්‍රේල් 07 කොළඹ LNW :

මේ වසරේ ප්‍රධාන රගර් සූරතා ද්විත්යම දිනා ගන්නට මහනුවර කණ්ඩායමට හැකි වුණා.මාස්ටර් කාඩ් ලීග් සූරතාවයෙන් පසුව පැවති ප්‍රතිමළුන් පිටු දැකීමේ තරගාවලියේ ජයග්‍රහණය ද සීආර් ඇන්ඩ් එෆ්සී කණ්ඩායමට එරෙහිව ලකුණු 41 – 33 ක් ලෙස තමන් සතු කර ගත් මහනුවර කණ්ඩායම ස්වීය අද්වීතීය බව තහවුරු කරනු ලැබුවා.

සිය මව් ක්‍රීඩා පිටිය වූ නිත්තවෙලටම අවසාන තරගය සඳහා සීආර් කණ්ඩායම කැඳවා ගෙන පැමිණි මහනුවර කණ්ඩායමට තරගයේ පළමු අර්ධයේදී කරට කර සටනකට මුහුණ දෙන්නට සිදු වුණා.පළමු අර්ධය නිමා කිරීමේ සංඥාව ලැබෙන විට මහනුවර කණ්ඩායම ලකුණු 17 ක් සහ සීආර් කණ්ඩායම ලකුණු 14 ක් ද ලබා සිටියා.

තරගයේ දෙවන අර්ධයේදී පළමු අර්ධයට වඩා බලපෑමක් ඇති කරමින් ක්‍රීඩා කළ මහනුවර කණ්ඩායම ලකුණු 24ක් එකතු කර ගන්නට සමත් වුණා.සීආර් කණ්ඩායමට ඊ පිළිතුරු ලෙස ලබා ගැනීමට හැකි වුයේ ලකුණු 19 ක් පමණයි.අවසාන තරගය සඳහා තමන් සුදුසු වූයේ ඇයි ද යන්න මැනවින් පැහැදිළි කළ සීආර් කණ්ඩායම තම කණ්ඩායමට හොඳ තරගයක් මහනුවරට එරෙහිව ලබා දිය හැකි බව සනාත කරනු ලැබුවා.

මහනුවර ලකුණු සටහන උත්සාහක දිණුම් 5 න් සහ එම උත්සාහක දිණුම් පහේ ප්‍රවර්ථනවලින්ද පොහොසත් වී තිබුණා.ඊට අමතරව දඩුවම් පහර දෙකකටම සාර්ථක එල්ලය ලබා ගන්නට නයිජල් රත්වත්ත සමත් වුණා.නයිජල් ප්‍රවර්තන පහෙන් හතරකම හිමිකරු වූ අතර එක් උත්සාහක දිණුමද හිමිකරු වූ නිසා ඔහු මහනුවර කණ්ඩායම ලබා ගත් ලකුණු 41 න් 19 ට ම උරුමකම් කිවා.මහනුවර කණ්ඩායම වෙනුවෙන් දිලුක්ෂ දන්ගේ,කෙනුල හෙට්ටිආරච්චි,ඩිල්ෂාඩ් ෆරීඩ් සහ හේෂාන් ජෙන්සන් උත්සාහක දිණුම් ලබා ගත් අතර සහීඩ් ෂුම්රි එක් ප්‍රවර්ථනයකට හිමිකම් කියන්නට සමත් වුණා.

පරාජිත සීආර් කණ්ඩායම වෙනුවෙන් ලබා ගත් ලකුණු 33 ට උත්සාහක දිණුම් පහක් ඇතුළත්ව තිබුණා.චමෝද් මුතුනායක,ඔමල්ක ගුණරත්න සුබ්රි දොරේ සහ මනිල්ක රුබේරු එම උත්සාහක දිණුම් වාර්තා කළ අතර ඉන් යුගලයකම අයිතිය ඔමල්කට හිමි වන අතර අන් ක්‍රීඩකයින් එක් උත්සාහක දිණුම බැඟින් වාර්තා කළා.සුබ්රි දොරේ එම උත්සාහක දිණුම් පහෙන් හතරකම ප්‍රවර්ථන සාර්ථකව නිමා කරන්නට සමත් වුණා.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනාධිපති ට්‍රම්ප්ගේ වියදම් පනත් කෙටුම්පත රිපබ්ලිකන් සෙනෙට් සභිකයන් සම්මත කරයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 29; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

Yingluck Shinawatra ට එරෙහිව ජනතාව වීදි බසී!

රෂිකා හෙන්නායක ජූනි 29, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): බැංකොක් නුවරදී ...

සුමනේ කියන විට කඳු නැමිලද බිමට, කන්දක් පදින්නේ ඔහු පල්ලම ලෙසට

නිශ්මං රණසිංහ ජුනි 29, කොළඹ LNW: ඒ එම් සුමනවීර යනු...