තහනම් කාලයේදී යෝෂිත BMW ගෙන්වා ඇති බවට කෝපා කමිටුවේදී ඇදුණු කතාව බොරුවක් ?

Date:

මෙරටට වාහන ආනයනය කිරීම තහනම් කර තිබුණු සමයේදී (2020 – 2024) යෝෂිත රාජපක්ෂ සහ චානුක රත්වත්තේ විසින් BMW මෝටර් රථ දෙකක් මෙරටට ගෙන්වා රේගුවෙන් නිදහස් කරගෙන ඇති බවක් පසුගියදා පාර්ලිමේන්තුවේ පැවති රාජ්‍ය ගිණුම් කාරක සභාවේ (කෝපා කමිටුව) රැස්වීමකදී ප්‍රකාශ වී තිබිණි.

ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් එදින මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන් ප්‍රශ්න කළ අතර එහිදී ඉහත කී මෝටර් රථ දෙක සම්බන්ධයෙන් ද විමසනු දක්නට ලැබිණි.

2021.06.20 වනදා යෝෂිත රාජපක්ෂ සහ චානුක රත්වත්තේ විසින් BMW මෝටර් රථ දෙකක් රේගුවෙන් නිදහස් කරගෙන ලියාපදිංචි කර ඇති බවත් පසුව එම වාහන වෙනත් අය වෙත පවරා ඇති බවත් එහිදී කියැවිණි. එසේම එම වාහන දෙකේ ලියාපදිංචි අංක ද ලබාදිය හැකි බව පවසමින් CAB 7373 සහ CAB 7171 යන අංක ද සඳහන් කරන ලදී.

කෙසේවෙතත් මෙම ලියාපදිංචි අංකවලට අනුව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි පරීක්ෂා කර බැලීමේදී පෙනී යන්නේ එම අංක දෙකට BMW වර්ගයේ වාහන දෙකක් ඇතත් ඒවා 2013 වසරේ නිෂ්පාදිත වාහන වන අතර ශ්‍රී ලංකාවට ගෙන්වා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර ඇත්තේ 2014 වසරේදී බවකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාසල් දරුවන්ට නොමිලයේ පාවහන් ගන්න අවස්ථාවක්!

කොළඹ LNW:දැනට පාසල් ළමුන් 250 ට අඩු පාසල් සඳහා...

ගංගාරාම විහාරය අන්තර්ජාතික සංචාරක හා සංස්කෘතික මධ්‍යස්ථානයක් බවට පත්වෙන ලකුණු!

රෂිකා හෙන්නායක ජනවාරි 01, කොළඹ LNW : ගංගාරාම විහාරය අන්තර්ජාතික...

කැරට්-නාස් කාරයොන්ට සීමා නොවුණු ශීත කලාව!

සටහන – පුලී ජනවාරි 01, කොළඹ (LNW): හිම වැටෙන්නට පටන් ගන්නා...

බස් රථ ධාවනය නොවූ මාර්ග 40ක අද සිට බස් සේවා ඇරඹේ!

කොළඹ LNW:පුනරුදයට මග වැඩපිළිවෙල යටතේ ග්‍රාමීය ප්‍රදේශවල ජීවන තත්ත්වය...