ඇමති නලින්ගේ බිලියන් ඩොලර් කතාව අමූලික බොරුවක් බවට ඇමති නලින්ද සංඛ්‍යාලේඛන ඉදිරිපත් කරයි !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ජාතික ජන බලවේගයේ ආණ්ඩුව පිහිටුවන මොහොත වනවිට ශ්‍රී ලංකා මහබැංකුව සතුව ඇමරිකානු ඩොලර් මිලියන 20 ක්වත් සංචිත නොතිබුණු බවත් තම ආණ්ඩුවට එම සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 6190ක් දක්වා ඉහළට ගෙන ඒමට මාස හතරක් තුළ හැකිවුණු බවටත් වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා සිදුකර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් අද (අප්‍රේල් 08) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් විසින් ප්‍රශ්න කරනු ලැබිණි.

එහිදී කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ඊට පිළිතුරු දුන්නේ මෙසේ ය.

“ශ්‍රී ලංකා මහබැංකුව සතුව තියෙන නිල සංචිත වත්කම් ප්‍රමාණය මම කියන්නම් මේ වෙලාවේ.

2024 සැප්තැම්බර් – ඩොලර් බිලියන 5.99
2024 ඔක්තෝබර් – ඩොලර් බිලියන 6.47
2024 නොවැම්බර් – ඩොලර් බිලියන 6.45
2024 දෙසැම්බර් – ඩොලර් බිලියන 6.12
2025 ජනවාරි – ඩොලර් බිලියන 6.06
2025 පෙබරවාරි – ඩොලර් බිලියන 6.08
2025 මාර්තු – ඩොලර් බිලියන 6.51

ඒක නිසා මේ තමයි මහබැංකුව විසින් නිල වශයෙන් ඉදිරිපත් කරපු සංඛ්‍යාලේඛන. ඔතනදී වරදක් වෙලා තිබෙනවා නම් මේ සංඛ්‍යාලේඛන පිළිගන්න කියලා මම කියනවා”

මේ අනුව නලින් හේවගේ නියෝජ්‍ය අමාත්‍යවරයා කළ ප්‍රකාශය අමූලික බොරුවක් බව කැබිනට් ප්‍රකාශකවරයා විසින් තහවුරු කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසරේ සංචාරක ඉලක්කය ගිලිහී යන ලකුණු !

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ දත්ත අනුව, නොවැම්බර් 12...

රට භීතියට පත් කරන කාටෙල් සාමාජිකයන්ට එරෙහිව දැඩි පියවර ගන්නා ලෙස ඉල්ලමින් ජනතාව මෙක්සිකානු රජයට එරෙහිව විදී බසියි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ජනාධිපති ක්ලෝඩියා...

එක්සත් රාජධානිය සරණාගතයින් වෙනුවෙන් ගත් දැඩි තීරණය!

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් රාජධානිය විසින්...