කට නිසා හැදෙන භයානක ලෙඩ!

Date:

රෂිකා හෙන්නායක අප්‍රේල් 10 කොළඹ LNW :

කොලෙස්ටරෝල් කියන්නේ ශරීරයට අත්‍යවශ්‍ය මේද වර්ගයක් , බොහෝ දෙනෙකුට මේ වනවිට තියෙන සෞඛ්‍ය ගැටළුවක් තමයි කොලෙස්ටරෝල් කියන්නේ. නමුත් බොහෝ දෙනා මේ රෝග තත්ත්වය ගැන හරියටම කරුණු දන්නේ නැහැ. අප පරිභෝජනය කරන ආහාර වලින් වගේම අපගේ ශරීරයෙනුත් කොලෙස්ටරෝල් නිපදවනවා.

නමුත් මේ කොලෙස්ටරෝල් කියන මේද වර්ගය  ප්‍රමාණයට වඩා නිෂ්පාදනය වුනොත් ඒවා අපේ ශරීරයේ රුධිර නාල වල තැන්පත් වෙනවා. මේ විදිහට කොලෙස්ටරෝල් රුධිර නාලවල තැන්පත් වීමේදී රුධිර නාල සිහින් වනවා. ඉන් පසුව ශරීරයේ අවයව වලට රුධිරය සපයන එක ක්‍රමයෙන් අඩාල වෙන්නට පටන් ගන්නවා. ඒ ආකාරයට සිහින් වී තිබෙන රුධිර නාලයක ලේ කැටියක් තැන්පත් වුවහොත් ඒ අවයවයට රුධිරය සැපයීම සම්පූර්ණයෙන්ම නතර වීමේ හැකියාවත් තියෙනවා.

මේ ආකාරයට හෘදයට රුධිරය සපයන රුධිර නාලයක ලේ කැටියක් සිරවීමක් සිද්ධ වුනොත් තමයි හෘදයාබාධයක් ඇතිවීම සිදුවන්නේ.ඒ වගේම මේ ආකාරයට මොළයට රුධිරය සැපයීම නතර වුවහොත් අංශභාගය වැනි තත්ත්වයන් පවා ඇති වන්නට පුළුවන්.

කරපිංචා කැඳ 

කරපිංචා ආහාරයට එකතු කර ගැනීම අපි එදිනෙදා සාමාන්‍යයෙන් සිදු කරන දෙයක්. කරපිංචා වල ප්‍රතිඔක්සිකාරක බහුල වන අතර ශරීරයේ බොහොමයක් රෝග වලට එරෙහිව සටන් කිරීමේ හැකියාව කරපිංචා වලට තියෙනවා.කරපිංචා කොළ විටමින් A, B, C සහ E වැනි අත්‍යවශ්‍ය විටමින් වලින් පොහොසත් වන අතර කැල්සියම් , යකඩ සහ තන්තුද කරපිංචා වල අඩංගු වනවා. ඒවා සමස්ත සෞඛ්‍ය වැඩි දියුණු කිරීමට , ප්‍රතිශක්තිකරන පද්ධතිය වැඩි දියුණු කිරීමට, නීරෝගී සමක් ලබා ගැනීමට සහ අස්ථි පද්ධතිය ශක්තිමත් කිරීමට උපකාරී වනවා.

බඩ පිපීම ,මළ බද්ධය සහ අජීරණය වැනි පොදු ආහාර ජීර්ණ ගැටලු සමනය කිරීමටත් කරපිංචා කොළ භාවිතා කරන්නට පුළුවන්.දිනපතා කරපිංචා ආහාරයට ගැනීම හෘද සෞඛ්‍යයට ප්‍රයෝජනවත් වන අතර ඒවා නරක කොලෙස්ටරෝල් (LDL) මට්ටම අඩු කිරීමට සහ හොඳ කොලෙස්ටරෝල් (HDL) ප්‍රවර්ධනය කරමින් හෘද රෝග අවදානම අඩු කරයි. කරපිංචා වල ඇති ප්‍රතිඔක්සිකාරක රුධිර වාහිනී වලට හානි කළ හැකි ඔක්සිකාරක ආතතිය වැළැක්වීමට ද උපකාරී වනවා.කරපිංචා කැඳ සතියකට වරක් හෝ දෙවරක් පානය කිරීම මගින් කොලෙස්ටරෝල් බොහෝ දුරට මගහරවා ගැනීමට ඔබට හැකියාව ලැබෙනවා.

ව්‍යායාම කිරීම, ක්ෂණික ආහාර සහ තෙල් අධික ආහාර ගැනීමෙන් වැළකීමත් ඔබ සිදු කළ යුතුයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

09 වැනි චීන-දකුණු ආසියානු ප්‍රදර්ශනය අවසන්!

කොළඹ LNW:දින 06ක් පුරා පැවති 09 වැනි චීන-දකුණු ආසියානු...

පාර හදාගන්නත් දේශපාලකයින් පසුපස ගිය යුගය අවසන්! (VIDEO)

කොළඹ LNW:ගම තුළ වැඩ කරගැනීම සඳහා දේශපාලකයින් පසු පස...

හොරණ – කොළඹ මාර්ග අංක 120 පෞද්ගලික බස් රථ වර්ජනයක්!

රෂිකා හෙන්නායක ජූනි 25, කොළඹ LNW : අද (25) දින...

කොළඹ විශ්වවිද්‍යාලය ශිෂ්‍ය වීර දිනය සමරයි!

කොළඹ LNW: නිදහස් අධ්‍යාපනය මෙන්ම නිදහස් සෞඛ්‍ය රැකගැනීම වෙනුවෙන්...