අලුත් අවුරුද්දට සුබ පතන්න ගිය ඇමති හේවගේට අකරතැබ්බයක් !

වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා සිය ෆේස්බුක් පිටුවේ වීඩියෝවක් පළ කරමින් ජනතාවට සිංහල – දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් සුබ පැතුම් එකතු කර තිබේ.

මෙතෙක් කලක් අලුත් අවුරුදු උදා වුවත් ඒවා ජනතාවට සුබ නොවූ බවත් මෙවර ඊට වෙනස් ලෙස අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් පුනරුද යුගයක් ආරම්භ කර ඇති නිසා අලුත් අවුරුද්ද ජනතාවට සුබ වී ඇති බවත් ඒ මහතා සිය අලුත් අවුරුදු පණිවිඩයෙන් ප්‍රකාශ කර ඇත.

ඩොලර් සංචිත, තරු හතේ හෝටල්, වාහන මිල ගණන් යනාදී දේවල් ගැන විවිධ අසත්‍ය ප්‍රකාශ සිදුකිරීම හේතුවෙන් සමාජ මාධ්‍ය තුළ ආන්දෝලනයට ලක්ව සිටින හේවගේ මහතාගේ එම සුබ පැතුමට ජනතාව ද අපූරු ප්‍රතිචාර දක්වමින් තිබෙනු දැකිය හැකිය.

එසේම අලුත් අවුරුද්ද වෙනුවෙන් තවත් පෝස්ට්ටුවක් ඒ මහතා පළකර ඇති අතර ඊට ද ජනතාවගෙන් ඉහළ ප්‍රතිචාර ලැබෙමින් පවතී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ නව හෘද රෝග ඒකක ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ!

කොළඹ LNW:නැගෙනහිර පළාතේ ජනතාවට එකම ස්ථානයකින් පුළුල් සහ නවීන...