මහ සද්දෙට ඇහෙනවා දැන් නිස්සද්දකම !

Date:

ආයෙ එන්නෙ නැති බව කියද්දිත්
ඔබේ මූණෙ තිබ්බ යම් මදහසක්
දොර රාමුවට පිට දීගෙන,
ගෙතිල්ලෙන් ලෙහුණ
කෙස් කැරැල්ලක් දබරැඟිල්ලෙ පටලවගෙන
ඉබාගාතේ එහෙ මෙහෙට කරකව කව
කවියක් වාගෙ.

මම හිටියෙ මෙතන,
ඔබේ දිහා බලාගෙන
වාඩිවෙලා.
රත්තරන් පාටට ඉර
ඔබේ ගෙලේ යාන්තමට තැවරිලා.
“ඔය කිව්වට හෙට එන්න”
මම කීවෙ කොඳුරලා.’

.
.
.

ඒත්
ඒක වුණේ එහෙම නෙවෙයි නෙ!

කඩිමුඩියෙ ඔබ ගත්ත අත් බෑගය
පනාවෙන් කීස් කීස් ගා පීරා එකතු කළා කෙස් වැටිය.
“යන්ඩ ඕන – ආයෙ එන්නේ නෑ” කිව්වා
ඉන් පස්සෙ ගිඩි ගිඩියෙ
පඩිපෙලේ දිව්වා ඔබේ පා
හඬ
ඔබ ගියා!
කඩිමුඩි ටැක්සියක.

ඉන් පස්සෙ නිස්සද්දකම.

ඊට මොහොතකට පෙර අපි රණ්ඩු වුණා.
රණ්ඩුව ඔබෙ වුණා
මම නිස්සද්ද වුණා.
නිස්සද්දකම බෝ වුණා.
මගෙන් ඔබට-
ඔබෙන් හුළඟට-
ගහට කොළට –
ඊට පස්ස ඝන වුණා වායුව!

හුස්ම හිර කරන ගාණට ඝනකම
නිස්සද්දතාවය අතරෙයි,
ඔබ ගත්තෙ අත් බෑගය.

ඊට පස්සෙ නිස්සදයි ලෝකයම.
දැන් මට මහ සද්දෙට ඇහෙනවා
නිස්සද්දකම!
අපරාදේ රණ්ඩු වෙන්න තිබ්බේ
අපි දෙන්නට.

~ සඳිනි ප්‍රාර්ථනා තෙන්නකෝන්

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝක කුසලානය පෙනි පෙනී අතපත්තු අත්පත් කර ගත් ජය

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 18, කොළඹ LNW: කැරිබියන් කාන්තා ප්‍රිමියර් ලීග් සූරතාවලියේ ජයග්‍රහණය...

බස්නාගොඩ ජලාශය සහ පානීය ජල ව්‍යාපෘතිය අද ජනතා අයිතියට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 18, කොළඹ LNW : අද(18) දින ගම්පහ දිස්ත්‍රික්කයේ...

ශ්‍රී ලංකාව අවසන් හතරට ස්ථීරයි – ගැටළුව ඇත්තේ ප්‍රතිවාදියාගෙයි

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 18, කොළඹ LNW: මේ වන විට පැවත්වෙන ආසියානු කුසලාන...

බෝතලයකින් පහරදී පුද්ගලයෙකු දියේ ගිල්වා ඝාතනය කිරීමක් ගැන පොලිස් විමර්ශන!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 18, කොළඹ LNW : පුද්ගලයෙකු දියේ ගිල්වා ඝාතනය...