ජූලියන් නගරය ආසන්නව රික්ටර් මාපක 5.2 ක භූමිකම්පාවක් සහ කුඩා පසු කම්පන කිහිපයක්!

රෂිකා හෙන්නායක අප්‍රේල් 15,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

දකුණු කැලිෆෝනියාවේ සැන් ඩියාගෝ ප්‍රදේශයේ ජූලියන් නගරය ආසන්නව රික්ටර් මාපක 5.2 ක භූමිකම්පාවක් සහ කුඩා පසු කම්පන කිහිපයක් ඇති වී තිබෙන බව වාර්තා වේ.

ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනයට අනුව, භූමිකම්පාව  එරට වේලාවෙන් පෙ.ව. 10:08 ට සිදු වූ අතර එහි අපකේන්ද්‍රය සැන් ඩියාගෝ ප්‍රාන්තයේ ජූලියන් සිට සැතපුම් තුනක් පමණ දකුණින් පොළොව මට්ටමේ සිට කිලෝමීටර් 13.4ක ගැඹුරින් සටහන්වී ඇති බව, එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය නිලධාරීන් සඳහන් කර ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ , එහි ප්‍රබලත්වය දකුණු කැලිෆෝනියාවේ ඔරේන්ජ් සහ මෙක්සිකෝවටත්, උතුරින් ලොස් ඇන්ජලීස් ප්‍රාන්තය දක්වා සැතපුම් 120 ක් පමණ දුරටත් දැනී තිබුන බවයි.

එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනයට අනුව භූ කම්පනයෙන් පසුව පසු කම්පන කිහිපයක් ඇති වි තිබෙන අතර, හානි හෝ තුවාල පිළිබඳ ක්ෂණික වාර්තා නොමැත.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ , දකුණු කැලිෆෝනියාවේ වසරකට භූමිකම්පා 10,000ක් පමණ ඇතිවන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි – අද (17) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (සැප්තැම්බර් 17) දිනයේදී බස්නාහිර, සබරගමුව...

මට්ටක්කුලියේ බිහිසුණු රිය අනතුරකින් තිදෙනෙක් මරුට. තවත් 8 දෙනෙකුට තුවාල !

මට්ටක්කුලිය, රාස්සමූණකන්ද ප්‍රදේශයේදී අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථයක්...

ඩොලරයේ අගයේ හදිසි වෙනසක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකා රුපියලේ හදිසි අවප්‍රමාණය වීමක්...

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...