මට්ටක්කුලියේ බිහිසුණු රිය අනතුරකින් තිදෙනෙක් මරුට. තවත් 8 දෙනෙකුට තුවාල !

මට්ටක්කුලිය, රාස්සමූණකන්ද ප්‍රදේශයේදී අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථයක් ත්‍රීරෝද රථ සහ යතුරුපැදි කිහිපයක ගැටීමෙන් ඊයේ (16) රාත්‍රියේ සිදුවූ බිහිසුණු අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 64ක පුද්ගලයන් දෙදෙනෙකු සහ 44 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. ඔවුන් ග්‍රෑන්ඩ්පාස්, කොළඹ 15 සහ වත්තල යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව සඳහන්.

මෙම අනතුරින් තුවාල ලැබූ තවත් පුද්ගලයින් 8 දෙනෙකු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බවත් වාර්තා විය.

අධික වේගයෙන් ධාවනය වූ මෙම මෝටර් රථය මාර්ගයේ තිබූ ත්‍රීරෝද රථ 3ක් සහ යතුරුපැදි 4ක් එකපෙළට අනතුරට ලක්කර තිබිණි.

අනතුර සිදුකළ මෝටර් රථයේ රියදුරු මේ වනවිට පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් මට්ටක්කුලිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩොලරයේ අගයේ හදිසි වෙනසක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකා රුපියලේ හදිසි අවප්‍රමාණය වීමක්...

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...