මට්ටක්කුලියේ බිහිසුණු රිය අනතුරකින් තිදෙනෙක් මරුට. තවත් 8 දෙනෙකුට තුවාල !

මට්ටක්කුලිය, රාස්සමූණකන්ද ප්‍රදේශයේදී අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථයක් ත්‍රීරෝද රථ සහ යතුරුපැදි කිහිපයක ගැටීමෙන් ඊයේ (16) රාත්‍රියේ සිදුවූ බිහිසුණු අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 64ක පුද්ගලයන් දෙදෙනෙකු සහ 44 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. ඔවුන් ග්‍රෑන්ඩ්පාස්, කොළඹ 15 සහ වත්තල යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව සඳහන්.

මෙම අනතුරින් තුවාල ලැබූ තවත් පුද්ගලයින් 8 දෙනෙකු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බවත් වාර්තා විය.

අධික වේගයෙන් ධාවනය වූ මෙම මෝටර් රථය මාර්ගයේ තිබූ ත්‍රීරෝද රථ 3ක් සහ යතුරුපැදි 4ක් එකපෙළට අනතුරට ලක්කර තිබිණි.

අනතුර සිදුකළ මෝටර් රථයේ රියදුරු මේ වනවිට පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් මට්ටක්කුලිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුව සේවාව අලුත් වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශය...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 6වන වෙළුම 2026 නොවැම්බර් කලාපය නිබ්බුතා නූන සා මාතා,...

පොහොට්ටුවේ ගමින් ගමට රැස්වීම් හෙට කොළඹින් ඇරඹේ!

කොළඹ LNW:ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී...

හම්බන්තොට වරායේදී අකුණු සැර වැදීමෙන් වාහන 11කට හානි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW: හම්බන්තොට වරාය පරිශ්‍රයේ පිහිටි...