සටහන – රුවන් නෙළුගොල්ල
ශ්‍රී ලංකා රුපියලේ හදිසි අවප්‍රමාණය වීමක් ඊයේ (16) වාර්තා වී තිබේ.
ඒ අනුව ඊයේ දිනයේ දී ඩොලරයේ ගැනුම් මිල රු. 324.80 සිට රු. 326.31ක් දක්වා ත්, විකුණුම් මිල රු. 333.84 සිට රු. 335.48ක් දක්වා ත් කැපීපෙනෙන ඉහළ යාමක් වාර්තා කර ඇත.
එසේම ඩොලරයේ මධ්‍ය අගය ද පෙරේදා (15) වාර්තා වූ රු. 329.03 සිට රු. 330.17ක් දක්වා ඊයේ දිනයේ දී ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනින් දැක්වේ.





