සුරාබදු දෙපාර්තමේන්තුවෙන් අපරාධ වැටලීම් 1320ක්!

Date:

රෂිකා හෙන්නායක අප්‍රේල් 15 කොළඹ LNW :

ශ්‍රි ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව විසින්, සිංහල හා හින්දු අලුත් අවුරුදු සමය තුලදී දිපව්‍යාප්තව (2025.04.03 – 2025.04.12)  දක්වා සුරාබදු අපරාධ වැටලීම් 1320ක් සිදු කර පුද්ගලයින් 1320 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව සඳහන් වේ.

ශ්‍රි ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියේ,  මෙම වැටලීම සඳහා සුරාබදු ස්ථාන 58කින්, විශේෂ මෙහෙයුම් ඒකක 05කින් සහ මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය මගින් සුරාබදු නිළධාරීන් 900කට ආසන්න ප්‍රමාණයක් දායක වී තිබෙන බවයි.

  
ශ්‍රි ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව මගින් 2025 අප්‍රේල් මස 03 වැනි දින සිට 2025 අප්‍රේල් මස 17 වන දින දක්වා නීති විරෝධී මත්පැන් හා මත්ද්‍රව්‍ය දිවයින පුරා ව්‍යාප්තවීම වීම වැලැක්වීම සහ සුරාබදු ආදායම ආරක්ෂා කරගැනීමද සමාජ ආරක්ෂණය තහවුරුකිරීමද අරමුණු කරගනිමින් මෙම විශේෂ වැටලීම් වැඩසටහන ක්‍රියාත්මක කර තිබෙන බව පැවසේ. 

වැඩිම වැටලීම් ප්‍රමාණයක් සිදුකර ඇත්තේ මහජනතාව විසින් කෙටි දුරකථන අංක 1913 මගින් සුරාබදු මෙහෙයුම් මැදිරිය වෙත යොමු කරන ලද පැමිණිලි මත වන අතර ඒ සඳහා තොරතුරු ලබාදුන් මහජනතාවට ග්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ ස්තූතිය පුද කර  සිටී.

සුරා, මත්ද්‍රව්‍ය හා දුම්කොල අපරාධ වලක්වාලමින් සාර්ථක වැටලීම් සිදු කිරීම සදහා  1913 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ මෙන්ම 011 2 877 688 අංකයට ෆැක්ස් මගින් ද, [email protected]  විද්‍යුත් තැපෑල මගින් ද පැමිණිලි ඉදිරියටත් සුරාබදු දෙපාර්තමේන්තුව වෙත යොමු කරන මෙන් සුරාබදු කොමසාරිස් ජනරාල් යූ. එල්. උදය කුමාර පෙරේරා මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටී. 

සුරාබදු නිලධාරීන් විසින් (2025.04.03 – 2025.04.12)  දක්වා සිදු කරන ලද සාර්ථක වැටලීම් පිලිබද වර්ගීකරණය පහත පරිදි වේ‍.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයෙන් පිටුවහල් කරන ලද ඇෆ්ගන් ජාතිකයන් ගමන් ගත් බස් රථයක් අනතුරට ලක් වීමෙන් 71දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයෙන් පිටුවහල් කරන...

මදුරාවතී නම් තරු රටාව – භාෂාව මිටින් ගෙන හොම්බට අනින කවි

සාදය සූදානම් කරපු චන්දරේට යන්නම් කියපු ලූලා ඇලෙන් පැනලා...

ශ්‍රී ලාංකිකයින් 10,000 කට තායිලන්තයේ රැකියා අවස්ථා. එරට කැබිනට් අනුමැතියත් ලැබෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 10,000ක් රැකියා සඳහා...