පොලිසිය ඊයේ රාත්‍රියේ විරෝධතාකරුවකුට තිරිසන් ලෙස පහරදෙන වීඩියෝවක් එළියට …

Date:

ඊයේ (06) රාත්‍රියේ පාර්ලිමේන්තුව ආසන්නයේ උද්ඝෝෂණයෙහි නිරත වූ පුද්ගලයෙකුට පොලිසිය විසින් ඉතාමත්ම අමානුෂික ලෙස බිම පෙරළාගෙන වටකරගෙන පා පහරදෙන ආකාරය දැක්වෙන වීඩීයෝවක් සමාජ මාධ්‍ය ජාල තුළ සංසරණය වෙමින් තිබේ.

ඊයේ රාත්‍රියේ පාර්ලිමේන්තුව අවට පැවති විරෝධතාවන්ට පොලිසිය ඉතාමත්ම දරුණු ලෙස කඳුළු ගෑස් ප්‍රහාර සහ පහරදීම් සිදුකර තිබුණු අතර ප්‍රදේශවාසීන්ටත් ඔවුන්ගේ කුඩා දරුවන්ටත් එම ප්‍රහාරවලින් බලපෑම් සිදුව තිබිණි.

පොලිසිය ඊයේ දිනයේදී අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ සිසුන්ට එල්ල කළ කඳුළු ගෑස් ප්‍රහාරයත්, එම සිසුන් වෙනුවෙන් ප්‍රදේශවාසීන් රැගෙනවිත් තිබුණු ආහාරවලට එල්ල කළ ජල ප්‍රහාරයත්, පාර්ලිමේන්තුව අවට ප්‍රදේශවල නිවැසියන්ටත් හානිවන ආකාරයෙන් එල්ල කළ කඳුළු ගෑස් ප්‍රහාරත් අනුව පොලිසිය කෙරෙහි ඉතාම දැඩි විවේචන සමාජයෙන් එල්ල වෙමින් පවතී.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කථානායක ජගත්ට එරෙහි පැමිණිල්ල විභාග කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම තීරණය කරයි

සටහන - රුවන් නෙළුගොල්ල කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව ලැබී...

ශීත ඔලිම්පික් උළෙලෙන් දිස්වූයේ සාතන් වන්දනාවක් ද? “පස්කොන් තරුවේ” ඇත්ත කතාව මෙන්න!

ශීත ඔලිම්පික් උළෙලෙන් දිස්වූයේ සාතන් වන්දනාවක් ද? “පස්කොන් තරුවේ” ඇත්ත කතාව මෙන්න!

අපෙන් ඈත් වෙලා ගිය බොහෝ පිරිසක් දැන් අපිට එකතු වෙමින් ඉන්නවා -නාමල්

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW : මේ රටේ වෛද්‍යවරුන්ට...

රුසියා හමුදා බුද්ධි අංශ ජෙනරාල්වරයාට වෙඩි තැබීමේ සිදුවීමට අදාළව තිදෙනෙකු අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 08, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගියදා රුසියාවේ හමුදා...