ඉක්මනින් ප්‍රගතියක් නොලැබුනහොත්, යුක්රේන සාම සාකච්ඡා නවතා දමන බව ට්‍රම්ප් කියයි

Date:

සටහන: සශිකලා මධුෂාණි
අප්‍රේල් 19; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව හෝ යුක්රේනය සාම ගිවිසුමකට එළඹීම සම්බන්ධයෙන් ඉක්මන් හා යහපත් ප්‍රතිචාර නොදක්වන්නේ නම් එක්සත් ජනපදය මැදිහත්කරුවකු වශයෙන් කටයුතු කිරීම නවතා දමන බව ජනාධිපති ට්‍රම්ප් ප්‍රකශ කර තිබේ.

එක්සත් ජනපද ජනාධිපතිවරයා මේ බව ඊයේ(18)දිනයේදී ඕවල් කාර්යාලයේදී වාර්තාකරුවන්ට ප්‍රකාශ කළ අතර දින කිහිපයක් ඇතුළත ප්‍රගතියේ පැහැදිලි සලකුණු නොමැති නම් එක්සත් ජනපදය සාකච්ඡා අත්හරින බවට එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ පැරිසියේ දී යුරෝපා නායකයන් හමුවී අනතුරු ඇඟවීමෙන් සුළු මොහොතකට පසු ට්‍රම්ප් මේ බව ප්‍රකශ කර තිබිණ.

ජනාධිපති ට්‍රම්ප් බලයට පත්වීමෙන් අනතුරුව පැය 24ක් ඇතුලත යුක්රේන යුද්ධය නිමා කරන බව සිය මැතිවරණ වේදිකාවේ ප්‍රකශ කළමුත් රුසියාව හා යුක්රේනය අතර මතභේද හේතුවෙන් අපි සති සහ මාස ගණනක් අඛණ්ඩව මෙම උත්සාහය දිගටම කරගෙන නොයන බව ප්‍රකශ කළ රුබියෝ වැඩිදුරටත් සඳහන් කර තිබුණේ, එක්සත් ජනපදයට අවධානය යොමු කිරීමට වෙනත් ප්‍රමුඛතා ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උතුරේ ඉඩම් අක්කර 5941ක් රජයට පවරා ගැනීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් !

උතුරු පළාතේ පිහිටි, හිමිකම් ප්‍රකාශ කර නොමැති ඉඩම් අක්කර...

වැසි තත්වයේ වෙනසක් – අද (28) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජුනි 28) දිනයේදී බස්නාහිර, සබරගමුව...

ශානි අබේසේකර යළි CID අධ්‍යක්ෂ තනතුරට ?

ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා...