නිශ්මං රණසිංහ අප්‍රේල් 19 කොළඹ LNW :
යොවුන් ආසියානු ක්‍රීඩා උළෙල නිමාවට පත් වුණේ ඉතිහාසයේ අන් කවරදාකටවත් වැඩිය යහපත් ප්‍රතිපල ලද උළෙලක් හැටියටය.ඒ පදක්කම් වැඩි ප්‍රමාණයක් දිනා ගනිමින්ය.එම පදක්කම් ප්‍රමාණය වැඩි කර ගැනීමට තවත් තිබුණු ඉඩ තරගාවලියට ශ්‍රී ලංකාව වෙනුවෙන් සහභාගි වූ නිලධාරි මණ්ඩලයේ වගකීම පැහැර හැරිය කා අතින් හෝ මඟ හැරිණ.ඒත් ඒ වරද මඟ හැර නොයා ඊට අදාළව යම් ක්‍රියාමාර්ගයක් ගැනීම වැදගත් බව අපි යළි යළිත් කියන්නෙමු.
තරගාවලිය අවසානයේ ශ්‍රී ලංකාව පදක්කම් සටහනේ සිටියේ නවවන තැනය.මඟ හැරුණු කාන්තා 1500 ඉසව්වේ රන් සහ රිදී පදක්කම් ශ්‍රී ලංකාවට හිමි වූ බව සිතන්න.එවිට මේ ස්ථානය තදින් වෙනස් වන්නේය.ස්ථානය තීරණය කරන පළමු සාධකය වන රන් පදක්කම් ප්‍රමාණයෙන් ශ්‍රී ලංකාවට ඇත්තේ එකකි.එයට නිදුකි හෝ අයේෂා විසින් රන් පදක්කමක් එකතු කළ බව සිතන්න.එවිට ශ්‍රී ලංකාවේ රන් පදක්කම් ප්‍රමාණය 2 ක් වන්නේය.
රන් පදක්කම් දෙක ලැබූ කණ්ඩායම් හතරක් දැකිය හැකිය.වඩාත්ම වැදගත් අපට රන් පදක්කම් දෙකක් තිබුණානම් අප අසල්වැසි බලවතා ඉන්දියාව පසු කර පදක්කම් සටහනේ අටවැන්නා වීමට කිසිම බාධාවක් නැති වීමය.එම කාරණය ගැන ද අවධානය යොමු කර පදක්කම් දෙකේ රටවල් වූ එක්සත් අරාබි එමීර්,කටාර්,හොංකොං චයිනා සහ උසබෙකිස්තානය සමඟ ලංකාවේ රන් පදක්කම් ප්‍රමාණය සම වන්නේය.එහිදී නිදුකි හෝ අයේෂා රන් පදක්කම සහ රිදී පදක්කම යන පදක්කම් දෙකම බෙදා ගත් බව සිතන්න;…
එවි ශ්‍රී ලංකාව දිනා තිබෙන රිදී පදක්කම් ප්‍රමාණයද 4 ක් වන්නේය.ඒ නිසා කාන්තා මීටර් 1500 ඉසව්වේ රන් සහ රිදී පදක්කම් දෙකම ශ්‍රී ලංකාව දිනුවානම් මෙම ක්‍රීඩා උළෙල නිමාවන විට ශ්‍රී ලංකාව මුල් පහ අතර රැඳෙන්නට තිබිණ.මේ තත්ත්වය රන් පදක්කම් දෙක රිදී පදක්කම් 4 ලෙස ශ්‍රී ලංකාවේ පදක්කම් ප්‍රමාණය උපකල්පනය කර පදක්කම් ලැයිස්ත්ව බැලූ විට මේ කාරණය අවබෝධ කර ගත හැකිය.
එහෙත් තරග වැදීමට ප්‍රථම ඇති දත්ත සමඟ පමණක් ඉහත ආකාරයේ නිගමනයකට පිවිසීම අසාධාරණ වන්නටද හැකිය.තරගය තුළ සිඳු විය හැකි බලපෑම් සමග සිතූ ආකාරයට පළමු සහ දෙවන තැන නිදුකි සහ අයේෂා පළමුවැන්නිය සහ දෙවැන්නිය ලෙස සිතිය හැකි තර්කය දුබල එකක් වන්නටද හැකිය.මෙම තරගාවලියේ දී පිරිමි මිටර් 800 ඉසව්වද පිරිමි උස පැනීමේ ඉසව්වද ඔවුන් දක්වන ලද දක්ෂතා සමග ශ්‍රී ලංකාවට හිමි වන්නට තිබුණ රන් පදක්කම් ලෙස උප කල්පනය කළ හැකිය.එහෙත් එය එසේ නොවිණ.එසේ නොවුණා යැයි කියා අප අත ඇති දත්ත සළකා නිදුකි සහ අයේෂාගේ ජයග්‍රහණ ගැන කරන සාධාරණ උපකල්පනය නොසළකා ඉන්නට බැරි හේතුව වන්නේ එයින් ශ්‍රී ලංකාවට හිමිවීමට තිබුණු ඉහළ ස්ථානයේ වැදගත්කම මෙන්ම එයින් එම වරදට අදාළ අයව නිවැරදි කර සැළකීමට හේතුවක් නිර්මාණය වීම නිසාය.ඒ ආකාරයට වරද නිදහස් කිරීමට නොහැකි දෙයක් වන්නේ එයින් සිඳු වූ වරද ලෙස අප දකින කාරණය ක්‍රීඩිකාවන් දෙනෛකුට අසාධාරණයක් කළ එක්ක පමණක් නොව රටටද අසාධාරණයක් කළ හැකි දෙයක් ලෙස නිගමණයකට ඒමට හැකි දත්ත මත උපකල්පනය කිරීමට හැකි බැවින්ය.
කෙසේ වුව මේ වරද නිසා ශ්‍රී ලංකාවේ එකම රන් පදක්කම්ලාභිණිය ලෙස තරුශි අභිෂේකා කිරුළු දරන්නට සමත් වූවාය.ඒ නිසා ඇයට මේ තරගාවලියේ සම කළ හැකි අයෙකු මුණ නොගැසෙන අතර ඉන් නොනැවතී ඇය දිල්කි නෙහාරා,සංසලා හිමාෂනි සහ ධනංජනා ප්‍රනාන්දු සමඟ මෙඩ්ලි සහය තරගයේ රිදී පදක්කමද ශ්‍රී ලංකාවට දිනා දෙන්නට සමත් වූවාය.තරුශි මෙන්ම ශ්‍රී ලංකානට ධනංජනා ප්‍රනාන්දු ද රිදී පදක්කම් දෙකක් දිනා දෙන්නට දායක වූවාය.ඒ කාන්තා මීටර් 100 රිදී පදක්කමද ඇය දිනූ නිසාය.මෙඩ්ලි ඉසව්වට අමතරව දිල්කි ද කාන්තා තුන් පිම්ම ඉසව්වේ ලෝකඩ පදක්කම දිනුවාය.මේ මෙඩ්ලි රිදී පදක්කම වැඩාත්ම වැදගත් වන්නේ එය නව බාලිකා යොවුන් වාර්තාවක් ලෙස සටහන් වන අන්දමෙන් විනාඩි 2:14.25 ට නිමා කළ බැවින්ය.
ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉතිරි රිදී පදක්කම දිනා දුන්නේ මෙම තරගාවලියේ ශ්‍රී ලංකාවේ පදක්කම් දිනා ගැනීම ආරම්භ කළ ජනිත් ලක්ෂාන් ජෙන්කින්ස් ය.ලෝකඩ පදක්කම් හතර සඳහා එකතු වන්නේ ඩිල්කි නෙහාරාට අමතරව පිරිමි මීටර් 1500 ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා දුන් ලහිරු අචින්තය.එසේම සවිඳු අවිශ්ක සහ පවන නිත්‍ය සම්පත් ද මේ තරගාවලියේ ලෝකඩ පදක්කම් හිමිකරුවෝ බවට පත් වූහ.
මේ සියල්ලගේ දායකත්වය ඇතුව ආසියානු යොවුන් මලල ක්‍රීඩා සූරතාවලියේ දී ශ්‍රී ලංකාව දිනූ වැඩිම පදක්කම් ප්‍රමාණය ලෙස මේ ක්‍රීඩා උළෙල ඉතිහාසයට එකතු වන්නේ පදක්කම් එකතුව හැටියට ගත් විට 2022 දී පදක්කම් පහක් එකතු කර ගත් අවස්ථාව අභිබවා යමින්ය.එහිදී ශ්‍රී ලංකාවට රිදී පදක්කම් තුනක් සහ ලෝකඩ පදක්කම් දෙකක් හිමිව ඇත.ශ්‍රී ලංකාව මෙම පදක්කම් සටහනට එකතු වන පළමු මොහොත වන 2015 දී ශ්‍රී ලංකාව මීට පෙර රන් පදක්කමක් දිනා ඇති අතර එවර ඊට අමතරව රිදී පදක්කම් තුනක් ද දිනා ගෙන ඇත.ඒ මෙවර තරුශි දිනන තෙක් ශ්‍රී ලංකාවට හිමිව තිබුණු එකම රන් පදක්කම වන්නේය.
මීට වසර 10 ට පෙර එම රන් පදක්කම දිනා ගත්තේ යමානි දුලාංජලී ය.එහිදී රිදී පදක්කම් තුන දිනා ගත් ක්‍රීඩකයින් වන්නේ දර්ශන රාජපක්ෂ (මීටර් 400 කඩුලු),රොෂාන් ධම්මික (උස පැනීම) සහ චමල් කුමාරසිරි තුන් පිම්මය.යමානි මීටර් 400 කඩුලු ඉසව්ව වෙනුවෙන් එම රන් පදක්කම දිනා ගත් අතර ඇයගේ පුහුණුකරු වූ අනුර බණ්ඩාර යටතේම මෙවරත් මීටර් 400 කඩුලු ඉසව්වට ක්‍රීඩිකාවක රැදී සිටීම අවධානය යොමු කළ යුතු කරුණක්ය.සංසලා හිමාෂනී එම ඉසව්වේ අවසාන තරගයේදී පය පැකිලී නොවැටෙන්නට ඇය ද පදක්කමක හිමිකාරියක වන්නට බොහෝ දුරට ඉඩ තිබුණාය.
තවත් වැදගත් කරුණක් වන්නේ මේ ජයග්‍රාහකයින් ක්‍රීඩාවේ දක්ෂතා සමඟ රටට පලදායි විදිහට මෙහෙයවීමට වැඩ පිළිවෙලක් ඇති කිරිමය.පෙනෙන මානයක එවැන්නක් නැත.යමානි මේ වන විටත් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවක ලෙස ක්‍රීඩාවේ රැදී සිටිය යුතුව තිබුණ ද,ඇයට ධාවන පථයේ සෙසු ක්‍රීඩිකාවන් පරයා දුවන්නට ඇති හැකියාවට විරුද්ධ අතට ඇයගේ ආර්ථික තරගයේ ඇය පසුපසට වැටීම නැවතීම වෙනුවෙන් ක්‍රීඩා ගුරුවරියක ලෙස සේවයට එක් වී ක්‍රිඩාවෙන් ඉවත් වුණාය.
එහි රිදී පදක්කම දිනූ රොෂාන් ධම්මික පමණක් පසුව මීටර් 110 කඩුලු ඉසව්වට පිවිස එහි ජාතික වාර්තාවද තබන්නට සමත් වුව ද,ඔහු අධ්‍යාපනික වශයෙන් සරසවි අධ්‍යාපනය ලැබුවද,ජාතික වාර්තාලාභියෙකුට සුදුසු පරිදි පුහුණුවීම් සමඟ අධ්‍යාපනයට අවශ්‍යය පසුබිම සැකසීම කෙරෙහි සරසවි අධ්‍යාපනය තුළ පුද්ගලයෙකුගේ වටිනාකම අනුව වෙනස් වීමේ හෝ විශේෂත්වයක් දැක්වීමේ ඉඩක් නැති නිසා ඔහු මේ වන විට සිටින්නේ යම් පසුබැස්මකට ලක්ව ය.ඒ අධ්‍යාපන තරගය ජය ගැනීමට සාමාන්‍ය විද්‍යාර්ථියෙකුට මෙන්ම සමානව සැළකෙන ක්‍රමයක් විශ්ව විද්‍යාලය තුළ ඇති නිසාය.
කෙසේ වුව ද මේ ජයග්‍රහණ අනාගතයට වටිනා ඒවාය.ඒ අනාගත වටිනාකම තේරුම් ගැනීම වැදගත්ය.හොඳම දේ හෙටට වන්නේ අද අත්දැකීම් අඩුකම නිසා ජයග්‍රහණවල සිඳු වූ අඩුවද මකා ගෙන මේ පරම්පරාව නැගිටින්නට දෙන උපකාර සහ ආධාර මතය.
