ඉස්සරහට පොහොර සහනාධාරය නෙවෙයි අපි දෙන්නේ. ආයෙ පොහොර සල්ලි ලැබුණේ නෑ කියලා කෑගහන්න එපා – ඇමති නාමල්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ඉදිරියේදී ආණ්ඩුව විසින් ලබාදෙන්නේ පොහොර සහනාධාරයක් නොව වගා සහනාධාරයක් බවත් එය ලබාදෙන්නේ ද අදියර දෙකක් යටතේ බවත් කෘෂිකර්ම හා පශූ සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසයි.

“දැන් ඉස්සරහට අපි පොහොර සහනාධාරය නෙවෙයි දෙන්නේ. අපි වගාවට සහනාධාරයක් දෙන්නේ. හෙක්ටයාර් දෙකක් තියෙන කෙනෙකුට රුපියල් 50,000ක් දෙනවා. හෙක්ටයාර් එකක් තියෙන කෙනෙකුට 25,000ක් දෙනවා. ඒකත් අපි දෙන්නේ අදියර දෙක්කින්. පළවෙනි අදියරේ දෙනවා රුපියල් 15,000 ක්. දෙවැනි අදියරේ දෙනවා 10,000 ක්. ඒ සල්ලිවලින් ට්‍රැක්ටර් ගාස්තු ගෙව්වාට කමක් නැත, බූතයා ගාස්තු ගෙව්වාට කමක් නැත, නියර රහින්න බඳින්න යොදාගත්තාට කමක් නැත. පොහොර ලබාගැනීම සඳහාත් අනෙකුත් තෙල් බෙහෙත් ලබාගැනීම සඳහාත් යොදාගත්තාට කමක් නැත. අර බඩවැටියට ගිහිල්ලා බන්ට් එක පාමුලට ගිහිල්ලා අර පල්ලෙහා නියර පාමුල හුඹහට මුවාවෙලා පැකට් එකක් අරගෙන මුල්ල කඩලා කොච්චි කරලක් හපලා කටේ හලාගන්න වැඩේ කරන්න එපා. ඒ නිසා පොහොර සල්ලි හම්බුණෙ නෑ, කවද්ද යකෝ පොහොර ගන්නෙ කියලා කෑගහන්න එපා”

නාමල් කරුණාරත්න නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (අප්‍රේල් 19) මාවතගම ප්‍රදේශයේ පැවති මැතිවරණ ප්‍රචාරක රැස්වීමක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එක්සත් ජනපදය විසින් සපයන ලද දිගු දුර මිසයිල රුසියාවට එරෙහිව භාවිතා නොකළ යුතු බවට පෙන්ටගනය නිවේදනය කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 24: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාවේ ඉලක්ක වෙත...

සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනයට කාර්ය සාධක බලකායක්. වසර දෙකක ඉලක්කයක්!

කොළඹ LNW:සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය වෙනුවෙන් ජනාධිපති කාර්යය සාධක බලකායක්...

තැපැල් වෘත්තීය සමිති ක්‍රියාත්මක කළ වැඩවර්ජනය අවසන්!

රෂිකා හෙන්නායක අගෝස්තු 24, කොළඹ LNW: අද (24) අමාත්‍යවරයා සමග...

පකිස්ථාන විදේශ අමාත්‍යවරයා සහ බංග්ලාදේශ නිලධාරීන් අතර සාකච්ඡා

රෂිකා හෙන්නායක අගෝස්තු 24, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පකිස්ථාන විදේශ අමාත්‍යවරයා...