ඉස්සරහට පොහොර සහනාධාරය නෙවෙයි අපි දෙන්නේ. ආයෙ පොහොර සල්ලි ලැබුණේ නෑ කියලා කෑගහන්න එපා – ඇමති නාමල්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ඉදිරියේදී ආණ්ඩුව විසින් ලබාදෙන්නේ පොහොර සහනාධාරයක් නොව වගා සහනාධාරයක් බවත් එය ලබාදෙන්නේ ද අදියර දෙකක් යටතේ බවත් කෘෂිකර්ම හා පශූ සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසයි.

“දැන් ඉස්සරහට අපි පොහොර සහනාධාරය නෙවෙයි දෙන්නේ. අපි වගාවට සහනාධාරයක් දෙන්නේ. හෙක්ටයාර් දෙකක් තියෙන කෙනෙකුට රුපියල් 50,000ක් දෙනවා. හෙක්ටයාර් එකක් තියෙන කෙනෙකුට 25,000ක් දෙනවා. ඒකත් අපි දෙන්නේ අදියර දෙක්කින්. පළවෙනි අදියරේ දෙනවා රුපියල් 15,000 ක්. දෙවැනි අදියරේ දෙනවා 10,000 ක්. ඒ සල්ලිවලින් ට්‍රැක්ටර් ගාස්තු ගෙව්වාට කමක් නැත, බූතයා ගාස්තු ගෙව්වාට කමක් නැත, නියර රහින්න බඳින්න යොදාගත්තාට කමක් නැත. පොහොර ලබාගැනීම සඳහාත් අනෙකුත් තෙල් බෙහෙත් ලබාගැනීම සඳහාත් යොදාගත්තාට කමක් නැත. අර බඩවැටියට ගිහිල්ලා බන්ට් එක පාමුලට ගිහිල්ලා අර පල්ලෙහා නියර පාමුල හුඹහට මුවාවෙලා පැකට් එකක් අරගෙන මුල්ල කඩලා කොච්චි කරලක් හපලා කටේ හලාගන්න වැඩේ කරන්න එපා. ඒ නිසා පොහොර සල්ලි හම්බුණෙ නෑ, කවද්ද යකෝ පොහොර ගන්නෙ කියලා කෑගහන්න එපා”

නාමල් කරුණාරත්න නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (අප්‍රේල් 19) මාවතගම ප්‍රදේශයේ පැවති මැතිවරණ ප්‍රචාරක රැස්වීමක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුනිල්ට විහිළු කරන්න එපා කියලා සුගත්ට කියන්න බැරිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ ළඟදි අපූරු කතාවක්...

යුක්රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් එකම පවුලේ පියෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව සහ යුක්රේනය...

අමරකීර්ති ඝාතනයේ බෙදුනු නඩු තීන්දුව – සභාපති විනිසුරු සියලු විත්තිකරුවන් නිදොස්කොට නිදහස් කරලා

පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියාව...

Wanderlust Wednesday: සිංදු කියන මාලුවන්ගේ කසුකුසුව සොයා යන මඩකලපු සවාරිය! Discovering the Cultural Tapestry of Batticaloa Heritage District, Sri Lanka 🇱🇰

සටහන – පුලී පෙබරවාරි 11, LNW (කොළඹ): Batticaloa (දෙමළ: මට්ටක්කලප්පු; සිංහල:...