කොළඹ LNW:සියලු ප්‍රජාතන්ත්‍ර විරෝධී හා දේශපාලනික ත්‍රස්තවාදයන්ට උඩගෙඩි දුන් ක්‍රියාදාමයන්ගෙන් රට පිරිසිදුකිරීමට ක්‍රියාකාරී වන ලෙස ජනාධිපතිවරයාගෙන් තවදුරටත් ඉල්ලා සිටින බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පැවසූහ.
උන්වහන්සේ මේ බව කියාසිටියේ අද (21) පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයින් සිහිකරමින් කොච්චිකඩේ ශාන්ත අන්තෝනි මුනිදුන්ගේ සිද්ධස්ථානයේ පැවති ප්‍රධාන අනුස්මරණ දේවමෙහෙය අමතමිනි.
ජනාධිපතිවරයා පසුගිය 2024 ඔක්තෝම්බර් 06 වැනිදා කටුවාපිටිය දේවස්ථානයේදී පැවසූ ආකාරයට කාලයේ වැලි තලාවෙන් සැඟවී යාමට ඉඩ නොදී පාස්කු ප්‍රහාරයේ සත්‍ය පසුබිම සොයා එයට වගකිව යුතු සියලු දෙන නිතිය හමුවට පමුණුවනු ඇතැයි බලාපොරොත්තු වන බවද අගරදගුරුතුමන් සඳහන් කළහ.
මේ අතර පාස්කු යුක්තිය වෙනුවෙන් ක්‍රියාත්මක පසුබිම තුළ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීම් කිහිපයක්ද සිදුකරන ලදී.
”අතිගරු ජනාධිපතිතුමන් ඉතා උනන්දුවෙන් මේ කටයුත්තට අත ගසා ඇතත් එය මෙහෙයවීමට උසස් නිලධාරීන් කණ්ඩායමකට පවරා ඇතත් පවතින නීති පද්ධතිය හා එය ක්‍රියාවට නැංවීමට භාර ඇතැම් නිලධාරීන්ගේ මන්දගාමී පැවැත්ම ඉදිරියේ ඒ කටයුතු විවිධ බාධක මධ්‍යයේ සිදුවන තත්ත්වයකට පත්වී ඇත. ජනතාව වසින් පවතින රජයට අවශ්‍ය තුනෙන් දෙකක බලය ලබාදුන්නේ අවශ්‍ය ලෙස ව්‍යවස්ථාමය හා නෛතික වෙනස්කම් කරමින් ශ්‍රී ලංකා දේශය ලෙයින් තෙත්කළ ඇතැම් දේශපාලනික හා දාමරික බලවේග එළිදරව් කරමින් මිනිස් ඝාතන,අතුරුදහන් කිරීම්,සුදුවෑන්,වදකාගාර,පාතාල ක්‍රියාකාරකම්,පෞද්ගලික හමුදා ආදිය තුළින් ඉතිහාසයට කළු පැල්ලමක් එක්කළ අය හඳුනා ගෙන ඒ අය නීතිය හමුවට ගෙන එන්නට ඉක්මණින් ක්‍රියාකරනු ඇතැයි සිතමිනි. පාස්කු ප්‍රහාරය ඒ දීර්ඝ කඳුළු කතාවේ තවත් එක පරිච්චේදයකි. දැනට පවතින නීති රීති යුක්තිය ඉටුකර රට පිරිසිදු කිරීමට නොසෑහේ නම් කළ යුත්තේ ඒ නීති රීති වෙනස්කිරීමට ධෛර්යවන්ත වීමයි. ඒ සඳහා මේ පවතින රජයට සහය දැක්වූ බව පැහැදිලිය. ඒ අනුව අපි අතිගරු ජන්ධිපතිතුමන්ගෙන් ඉල්ලා සිටින්නේ සිදුවූ සියලු ප්‍රජාතන්ත්‍ර විරෝධී හා දේශපනලිකව ත්‍රස්තවාදයට උඩගෙඩි දුන් ක්‍රියාදාමයන්ට අප සමාජය පිරිසිදු කිරීමට ක්‍රියාකාරී වන ලෙසයි. අතිගරු ජනාධිපතිතුමනි මේ ප්‍රහාරය අහිංසකයන්ගේ ලේ හැලීම ඔබතුමන්ගේ 2024 ඔක්තෝම්බර් 06 වැනි දින මීගමුව කටුවාපිටියේදී පොරොන්දු වූ ලෙසම කාලයේ වැලිතලාවට යටවන්නට ඉඩ නොදී මෙහි සත්‍ය පසුබිම සොයා එයට සම්බන්ධ සියලු පුද්ගලයින් නීතිය හමුවට ගෙන එනු ඇතැයි අපගේ ඒකායන බලාපොරොත්තුවයි. පැතුමයි. ඒ සඳහා මා ඔබතුමන් වෙත යොමුකරන පහත සඳහන් ඉල්ලීම් ගැන ඔබතුමන් අවධානය යොමුකරනු ඇතැයි සිතමි
1දැනට පාර්ලිමේන්තු පුස්තකාලයට පමණක් ලබාදී ඇති පාස්කු ප්‍රාහරය පිළිබඳ ජනක් ද සිල්වා විනිසුරුතුමන්ගේ සභාපතිත්වයෙන් යුත් ජනාධිපති කොමිෂන් සභාවෙන් ඉදිරිපත් කළ වාර්තාව පාර්ලිමේන්තුවට හැකි ඉක්මණින් ඉදිරිපත් කර ජනගත කිරීම.
- පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන සිදුවන වැඩිදුර විමර්ශන නිරීක්ෂණය කිරීමට සහ නඩු පැවරීමට පූර්ණ බලතල සහිත ස්වාධින අධිචෝදක කාර්යාලයක් ස්ථාපිත කිරීමට කටයුතු කිරීම.
- මෙම ප්‍රහාරය පිටුපස ක්‍රියාත්මක වූ සියලුම බලවේග කවරේදැයි සොයා බලා එහි සත්‍ය රටට හෙළිදරව් කර ඒ සඳහා ක්‍රියාත්මක වූ චුදිතයින් සියලු දෙන තරාතිරම නොබලා නීතිය ඉදිරියට ගෙන ඒමට කටයුතු කිරීම
- 2019 සප්ත්ම්බර් 21 වැනිදා පත්කරන ලද ජාන්ධිපති කොමිෂන් සභා වාර්තාව නිර්දේශ කළ සියලු යෝජනා ක්‍රියාත්මක කිරීමට කටයුතු කිරීම.
05.හමුදා බුද්ධි අංශය සහ සහරාන් හෂීම් නමැති ත්‍රස්තවාදී නායකයා අතර තිබුණු සම්බන්ධතා සහ ඒ පිළිබඳව එංගලන්තයේ තිබුණු චැනල් 4 නාලිකාව මඟින් ඉදිරිපත් කළ වැඩසටහන ගැන පුර්ණ පරීක්ෂණයක් දියත්කර එහි ප්‍රධාන සාක්ෂියක් මෙහෙයවූ අසාද් මවුලානා කී දෙය ගැඹුරුවිමර්ශනයට ලකස්කිරිම, ඒ සඳහා පසුගිය රජය ඉදිරිපත් කළ ඉමාම් කමිටුව් ඉදිරිපත් කළ වාර්තාව අප කිසිසේත් පිළි නොගන්නේ එම වැඩසටහනේ ප්‍රධාන චරිතයවූ අසාද් මවුලානා නමැති අයාගෙන කිසිදු ප්‍රශ්න කිරීමක් සිදුනොකර ඒ පිළිබඳව නිගමනවලට පැමිණීම එය ප්‍රෝඩකාරී දේශපාලන අවශ්‍යතාවක් පිරිමසා ගැනීමට කරන ලද අස්බැන්දුමක් පමණක් වූ නිසාය.
- එම ප්‍රහාරය සිදු වීමට තුඩු දුන් සියලුම රහස් කුමන්ත්‍රණ පිටුපස තිබූ අවනීතියේ සංස්කෘතිය හා එයට උඩගෙඩි දෙන පාර රාජ්‍ය මේ රටින් ඉවත් කිරීමට අවශ්‍ය නීති රීති සම්පාදනය කිර රටතුළ නීතිගරුක භාවය හා සංහිඳියාව හා විනය ආරක්ෂා කරමින් ජනතාවගේ මානව හිමිකම් සුරැකීමට හා ශක්තිමත් කිරීමට කටයුතු කිරීම.
07.රට තුළ දේශපාලන බලය ඇති අය පුරවැසියාගේ සේවකයෝ මිස ඔවුන්ගේ පාලකයෝ නොවන බව තමන් පත්කළ නොකළ සියලුම පුරවැසියන් රැකබලා ගනිමින් සමාජය තුළ දැහැමි බව හා සාමය ඇතිකරලීමට,කිසිදා මේවන ප්‍රචණ්ඩකාරී දෙයක නැවත ඇති නොවන්නට නව සංස්කෘතියක් වෙත අප රට මෙහෙයවීම
ඒ අනුව පිරිසිදු රටක් ඇතිකරගැනීම වෙනුවෙන් සියලු දෙනා කැපවෙමු යනුවෙන් අගරදගුරු හිමිපාණන් වැඩිදුරටත් අවධාරණය කළහ.
ආශිකා බ්‍රාහ්මණ
