ක්‍රීඩකයෝ සත්කාරකයන්ට එරෙහිව ප්‍රථම ජය ලබති – ක්‍රීඩිකාවෝ උසබෙකිස්තානය සමඟ සම වෙති

Date:

නිශ්මං රණසිංහ අප්‍රේල් 22 කොළඹ LNW :

ඉන්දුනීසියාවේ පැවත්වෙන ආසියානු හොකී සම්මේලන පිරිමි සහ කාන්තා තරගාවලිය නියෝජනය කරන ශ්‍රී ලංකා කණ්ඩායම් දෙකම ඊයේ දිනය යහපත් ප්‍රතිපලදායක දවසක් බවට පත් කර ගන්නට සමත් විය.ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම සත්කාරක ඉන්දුනීසියාවට එරෙහිව ගෝල 2-1 ක ජයක් ලබා ගැනීමට සමත් විය.කාන්තා කණ්ඩායම උසබෙකිස්තානය සමඟ වූ තරගය නිමා කළේ 2-2 ක් ලෙස ජය පරාජයකින් තොරවය.

සත්කාරක ඉන්දුනීසියාවට එරෙහිව පැවති තරගයේ පළමු තාක්ෂණික විවේකය එළැඹෙන විටත් ශ්‍රී ලංකාවට එරෙහිව ගෝලයක් රැස් කරමින් තරගයේ පෙරමුණ ගන්නට ඉන්දුනීසියාව සමත්ව සිටියේය.තරගය ආරම්භ කර පස්වන විනාඩියේදී ප්‍රාස්ට්යෝ අල්ෆන්ඩි විසින් ලබා ගත් ගෝලය නිසා පසු නොබෑ ශ්‍රී ලාංකේය කණ්ඩායම සිය ආරක්ෂක බල මුළු තර කරන අතරේ කළ ආක්‍රමණය නිසා තරගයේ 27 වන විනාඩියේදී ගෝල සංඛ්‍යාව සම කර ගැනීමට සමත් විය.ඒ සදරුවන් බටුවිට විසින් ලබා ගත් ගෝලයකින්ය.ඒ අනුව පළමු අර්ධය නිමාවේ 1-0 ක් ලෙස ඉදිරියෙන් සිටි ශ්‍රී ලංකාව දෙවන අර්ධයේ 53 වන විනාඩිය ගෙවෙද්දී සිය දෙවන ගෝලය වාර්තා කර ගන්නට සමත් විය.එහිදී එම ගෝලය වාර්තා කළේ ඩේමියන් කරුණාමුණිගේ ය.

කාන්තා තරගයේදී උසබෙකිස්තානය පළමු අර්ධයේ සියළු ගෞරවවලට හිමිකම් කීවේය.ඔවුන් එම තරගයේ දී ලබා ගත් ගෝල දෙකම පළමු අර්ධය නිමා වන්නට පෙර රැස් කර ගන්නට සමත් වී උන්නේය.ඒ අනුව පළමු අර්ධය නිමාවේ උසබෙකිස්තානය 2-0 ක් ලෙස ඉදිරියෙන් සිටියේය.
එහෙත් දෙවන අර්ධය සියතට ගත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ උසබෙකිස්තානයට යාමට නියමිතව තිබුණු ජය වළක්වාලූහ.තරගයේ 38 වන විනාඩිය නිමවෙද්දී ඉමේෂා විරබාහු ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු ගෝලය ලබා දුන්නාය.තරගය ජය පරාය නොවිසදුණු තරගයක් බවට පෙරළමින් දෙවන ගෝය වාර්තා කළේ නිපුනි එම් ප්‍රනාන්දු 50 වන විනාඩියේදී ය.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (03) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 03) දිනයේදී උතුරු, උතුරු-මැද,...

මධ්‍යම අධිවේගයේ ටෙන්ඩරයටත් වංගු ගහන සූදානමක් – ජාතික ඉදිකිරීම් සංගමය ජනපතිට ලියයි !

මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ තුන්වැනි අදියරේ දෙවැනි කොටසේ පැකේජ්...

කථානායකට එරෙහිව අල්ලස් කොමිසමට ඉදිරිපත් වුණු පැමිණිල්ලේ දූෂණ චෝදනා 8ක් !

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා විසින්...

කැලිෆෝර්නියා ප්‍රාන්තය WHOහි සාමාජිකත්වය ලබාගනියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 78 වසරක් පුරා...