නීතීඥ සංගමයේ යෝජනාව අනුව අර්බුදය විසඳීමට සජබ එකඟවෙයි !

0
2049

රටේ පවතින වත්මන් ආර්ථික සහ දේශපාලන අර්බුදය විසඳීම සඳහා ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ඉදිරිපත් කර ඇති යෝජනාව පිළිගෙන ඒ අනුව කටයුතු කිරීමට සමගි ජන බලවේගය එකඟ වී තිබේ.

අද (07) පස්වරුවේ පැවති එම පක්ෂයේ විශේෂ සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා විසින් ප්‍රකාශයට පත්කරන ලදී.

ඒ අනුව විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යළි බලාත්මක කිරීම ඇතුළු වැඩපිළිවෙලක් සඳහා එකතු වීමටත් එහි වගකීම් දැරීමටත් සජිත් ප්‍රේමදාස ඇතුළු සමගි ජන බලවේගය එකඟ වූ බවයි එම ස්ථාවරය පැහැදිලි කරමින් එම පක්ෂයේ විධායක නිලධාරී අජිත් පී. පෙරේරා මහතා සඳහන් කළේ.

RN