ජනමතයට කන් දෙන්න, නැත්නම් ජනතාවගේ ප්‍රතිචාරය භයානක වෙන්න පුලුවන් – මහ නාහිමිවරු අවධාරණය කරති

0
1138

අර්බුද ගණනාවකට මුහුණ දී සිටින රටේ ජනතාව ආණ්ඩුවට එරෙහිව දැඩි විරෝධය පළ කරමින් සිටියද ජනතා ගැටලු විසඳීමට පක්ෂ විපක්ෂ කිසිදු දේශපාලනඥයෙකුට සාධනීය විසඳුමක් ලබාදීමට නොහැකි වී ඇති බව ත්‍රෛනිකායික මහ නාහිමිවරුන් අවධාරණය කරනවා.

රට මෙතරම් භයානක තත්වයකට පත්ව තිබියදී ඇතැම් මහජන නියෝජයන්ගේ ක්‍රියාකලාපය ඉතා අවිචාරවත් බවයි මහ නාහිමිවරුන් ඒ්කාබද්ධ ලිපියක් හරහා පෙන්වා දෙන්නේ.

ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ඇතුළු පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු මන්ත්‍රීවරුන් වෙත මෙම ලිපිය යොමු කර තිබෙනවා.

පටු දේශපාලන අරමුණුවලට ගොදුරු වී කිසිවෙකු බලයට ගෙනඒමට හෝ බලයෙන් පහ කිරීමට මහා සංඝරත්නය අපේක්ෂා නොකරන බවත්, කෙසේ නමුත් බාධක, කම්කටොලු රැසකින් පීඩා විඳිමින් සිටින සාමාන්‍ය ජනතාව වෙනුවෙන් පෙනී සිටින බවත් අදාල ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ.

UN