ජනමතයට කන් දෙන්න, නැත්නම් ජනතාවගේ ප්‍රතිචාරය භයානක වෙන්න පුලුවන් – මහ නාහිමිවරු අවධාරණය කරති

Date:

අර්බුද ගණනාවකට මුහුණ දී සිටින රටේ ජනතාව ආණ්ඩුවට එරෙහිව දැඩි විරෝධය පළ කරමින් සිටියද ජනතා ගැටලු විසඳීමට පක්ෂ විපක්ෂ කිසිදු දේශපාලනඥයෙකුට සාධනීය විසඳුමක් ලබාදීමට නොහැකි වී ඇති බව ත්‍රෛනිකායික මහ නාහිමිවරුන් අවධාරණය කරනවා.

රට මෙතරම් භයානක තත්වයකට පත්ව තිබියදී ඇතැම් මහජන නියෝජයන්ගේ ක්‍රියාකලාපය ඉතා අවිචාරවත් බවයි මහ නාහිමිවරුන් ඒ්කාබද්ධ ලිපියක් හරහා පෙන්වා දෙන්නේ.

ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ඇතුළු පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු මන්ත්‍රීවරුන් වෙත මෙම ලිපිය යොමු කර තිබෙනවා.

පටු දේශපාලන අරමුණුවලට ගොදුරු වී කිසිවෙකු බලයට ගෙනඒමට හෝ බලයෙන් පහ කිරීමට මහා සංඝරත්නය අපේක්ෂා නොකරන බවත්, කෙසේ නමුත් බාධක, කම්කටොලු රැසකින් පීඩා විඳිමින් සිටින සාමාන්‍ය ජනතාව වෙනුවෙන් පෙනී සිටින බවත් අදාල ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට සහය පළකරමින් අද කොළඹදී වැඩසටහනක්! (PHOTOS)

කොළඹ LNW:ඉරානයට සහය පළකරමින් අද (11) කොළඹ ඉරාන තානාපති...

කැනඩාවේ පාසලක සහ නිවසක සිදු වූ වෙඩි තැබීම්වලින් දස දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර කැනඩාවේ ටම්බ්ලර්...

සුනිල්ට විහිළු කරන්න එපා කියලා සුගත්ට කියන්න බැරිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ ළඟදි අපූරු කතාවක්...

යුක්රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් එකම පවුලේ පියෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව සහ යුක්රේනය...