අශෝබන ලෙස හමුදා නිලධාරියෙකුට බැණවැදුණු පොලිස් නිලධාරියා ගැන විමර්ශන!

Date:

රෂිකා හෙන්නායක

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ, පොලිස් නිලධාරියෙකු විසින් යුද හමුදා නිලධාරියෙකුට බැනවදින දර්ශන පෙළක් ඇතුළත් වීඩියෝ පටයක් සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පතිතුමාගේ නියෝග මත විමර්ශනයක් ආරම්භ කර තිබෙන බව පැවසේ. 

පොලීසිය පැවසුවේ, ඒ අනුව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ උපදෙස් මත මහනුවර දිස්ත්‍රික් භාර පොලිස් අධිකාරිවරයා විසින් මේ වන විට ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන බවයි .

පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් පැවසුවේ,  අදාළ විමර්ශනයේදී අනාවරණය වන කරුණු අනුව එම පොලිස් නිලධාරියාට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවයි.

මේ අතර සමාජමාධ්‍ය තුළ සංසරණය වූ එම වීඩියෝපටය සම්බන්ධයෙන් යුද හමුදාව මගින්ද විමර්ශනයක් ආරම්භ කර තිබෙන බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මන්ත්‍රී වරප්‍රසාදවලට මුවා වෙමින් ටෙන්ඩර් නොකළ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ගැන මුජිබර් කී කතාව බොරුවක් !

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පසුගිය...

ලංකාවේ උපන් තාරකා විද්‍යාඥයෙකු කැල්ටෙක් හී ඉතිහාසගත නායකත්වයට

ඕවින්දි විෂ්මිකා ජනවාරි 09, කොළඹ (LNW): කැල්ටෙක් හි සභාපති ලෙස...

Farah Khan ඔබට සුබ උපන්දිනක්!

රෂිකා හෙන්නායක ජනවාරි 09 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇත්තටම කවුද...