ඉන්දියාව හා පකිස්ථානය අතර වෙඩි හුවමාරුවක්; පළිගන්නා බවට පකිස්ථානය පොරොන්දු වේ

Date:

සටහන: සශිකලා මධුෂාණි
අප්‍රේල් 25; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): මතභේදාත්මක කාශ්මීරයේ පාලන රේඛාව හරහා ඊයේ(24)දිනයේදී පාකිස්තානයේ සහ ඉන්දියාවේ හමුදා අතර වෙඩි හුවමාරුවක් සිදුව ඇති බව වාර්තා වේ.

ඒ අනුව පකිස්ථානුවන් මුලින්ම එල්ල කළ වෙඩි ප්‍රහාර වලට ඉන්දියාව පෙරලා ප්‍රතිචාර දක්වා ඇති අතර වෙඩි හුවමාරුවෙන් කිසිදු හානියක් වාර්තා නොවේ.

ජම්මු සහ කාශ්මීරයේ පහල්ගම් හි හිදී පසුගිය 23 වන දින දේශීය සංචාරකයන් ඉලක්ක කරගනිමින් සිදු වූ මාරාන්තික වෙඩි තැබීමෙන් 26 දෙනෙකු මිය යාමෙන් අනතුරුව මෙම වෙඩි තැබීම සිදුව තිබේ.

පකිස්ථානය පදනම් කරගත් ලෂ්කාර්-ඊ-තායිබා සන්නද්ධ කණ්ඩායම ප්‍රහාරයේ වගකීම භාර ගැනීමත් සමඟ ඉන්දියාව සියලුම පකිස්තනුවන්ට සිය රටෙන් පිටවන ලෙස පැය 48ක කාලයක් ලබා දුන් අතර වසර හයක් පැරණි ජල ගිවිසුමද අත්හිටුවා ඇති අතර අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මොදී සඳහන් කර තිබුණේ, ත්‍රස්තවාදීන් පෘථිවියේ කෙළවර දක්වා දඩයම් කරන බවයි.

මෙත් සමඟ පකිස්ථානය ඉන්දියාවට එරෙහිව පළිගැනීමේ රාජ්‍ය තාන්ත්‍රික පියවර මාලාවක් ප්‍රකාශයට පත් කර ඇති අතර කාශ්මීර ප්‍රහාරයට ඉස්ලාමාබාද් සම්බන්ධ බවට ඉන්දීය රජයේ ප්‍රකාශයන්ට සහාය දැක්වීමට සාක්ෂි ඉල්ලා තිබේ. පකිස්ථාන අගමැති ෂෙබාස් ෂරීෆ් මේ සම්බන්ධයෙන් සඳහන් කර තිබුණේ, ඉන්දියාව විසින් ගනු ලැබූ තීරණ ඒකපාර්ශ්වික, අසාධාරණ, දේශපාලනික වශයෙන් අභිප්‍රේරිත, අතිශයින්ම වගකීම් විරහිත සහ නීතිමය සුදුසුකම් නොමැති බවයි.

කෙසේ නමුත් එක්සත් ජාතීන්ගේ සංවිධානය දෙපාර්ශවයෙන්ම ඉල්ලා ඇත්තේ සංයමයෙන් කටයුතු කරන ලෙසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මදුරාවතී නම් තරු රටාව – භාෂාව මිටින් ගෙන හොම්බට අනින කවි

සාදය සූදානම් කරපු චන්දරේට යන්නම් කියපු ලූලා ඇලෙන් පැනලා...

ශ්‍රී ලාංකිකයින් 10,000 කට තායිලන්තයේ රැකියා අවස්ථා. එරට කැබිනට් අනුමැතියත් ලැබෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 10,000ක් රැකියා සඳහා...

තුසිත හල්ලොලුව රිමාන්ඩ්. වෙඩිතැබිල්ල තුසිතගේම වැඩක් බව පොලීසිය උසාවියට කියයි !

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු විධායක අධ්‍යක්ෂවරයකු මෙන්ම හිටපු ජනාධිපති...

Tasty Tuesdays: කටට රහට හැදෙන කොත්තු රොටියේ රස රහස (The Story of Sri Lanka’s Beloved Koththu Roti)

සෑම අඟහරුවාදා දිනකම “Tasty Tuesdays” තුළින් ඔබට ආහාර පාන,...