රථ ගාය නිසා දේශබන්දුට තවත් බරපතළ නඩුවක් වැටෙයි. මාතරින් ලැබුණු නියෝගය මෙන්න !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

වැලිගම W15 හෝටලයට වෙඩිතැබීමේ සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාරගතව සිට අප්‍රේල් 10 වනදා ඇප මත නිදහස්ව මාතර මහේස්ත්‍රාත් අධිකරණ භූමියෙන් පිටව යන අවස්ථාවේදී අධිකරණය ලබාදී තිබූ නියෝගයක් කඩකිරීම හරහා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අධිකරණයට අපහාස කර ඇති බව මාතර මහේස්ත්‍රාත් අධිකරණය අද (අප්‍රේල් 25) ප්‍රකාශ කළේය.

ඒ අනුව, මුල් අවස්ථාවේදී අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් නඩු පැවරීමට මහේස්ත්‍රාත් අධිකරණයට බලයක් නොමැති නිසා දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ නඩු පවරන ලෙසයි මාතර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත්තේ.

පසුගිය අප්‍රේල් 10 වනදා ඇප ලැබුණු දේශබන්දු තෙන්නකෝන්ට විශේෂ ආරක්ෂාවක් යටතේ තම මෝටර් රථය අධිකරණ භූමිය තුළටම ගෙන්වා ගෙන පිටව යාමට අවසර ලබාදෙන ලෙස ඔහුගේ නීතීඥවරයා අධිකරණයෙන් ඉල්ලා තිබුණු නමුත් මහේස්ත්‍රාත්වරයා ඊට අවසර ලබාදී තිබුණේ නැත. එසේවෙතත් අධිකරණ භූමිය තුළට ගෙන්වා ගත් සුඛෝපභෝගී මෝටර් රථයකින් දේශබන්දු තෙන්නකෝන් පිටව යන ආකාරය මාධ්‍ය වාර්තා කර තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වෛද්‍ය ගල්ලන්ගොඩ සිහි කරමින් පැසිපන්දු තරගාවලියක්

නිශ්මං රණසිංහ අගෝස්තු 27, කොළඹ LNW: වෛද්‍ය ජනක ගල්ලන්ගොඩ අනුස්මරණ කුසලානය...

ටිරෝන් ද සිල්වා කුසලානය 10 වන වරටත් කැවිලියර්ස් සතු වෙයි

නිශ්මං රණසිංහ අගෝස්තු 27, කොළඹ LNW: “ටිරෝන් ද සිල්වා” අභියෝගතා කුසලානය...

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ 2026 පූර්ව අයවැය සාකච්ඡාව ජනපති ප්‍රධානත්වයෙන්!

ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට කර්මාන්ත අංශයේ දායකත්වය ඉහළ නංවා...