විනිසුරු ශෂී මහේන්ද්‍රන්ට අපහාස කිරීම : සමාජ මාධ්‍ය ගිණුම් 6ක තොරතුරු ගන්න අධිකරණ නියෝගයක් !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

අභියාචනාධිකරණයට හා අභියාචනාධිකරණ විනිසුරු බාලේන්ද්‍රන් ශෂි මහේන්ද්‍රන් මහතාට අපහාසයක් වන ආකාරයේ අසත්‍ය පුවත් ප්‍රචාරය කළ සමාජ මාධ්‍ය ගිණුම් හයක තොරතුරු ලබා ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අන්තර්ජාල ආවේක්ෂණ හා බුද්ධි ඒකකයට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය අවසර ලබාදී තිබේ.

ඒ, විනිසුරු බාලේන්ද්‍රන් ශෂී මහෙන්ද්‍රන් මහතා සිදුකළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන සඳහා එම සමාජ මාධ්‍ය ජාලාවලට ප්‍රශ්න නමයක් යොමු කර ඊට අදාලව පිළිතුරු ලබාගැනීම සඳහා අවසර ලබාදෙන ලෙසට එම බුද්ධි ඒකකය ඊයේ (අප්‍රේල් 28) කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව ය.

අභියාචනාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා CIDයට පැමිණිලි කරමින් සඳහන් කර ඇත්තේ ජෝසප් පරරාජසිංහම් මන්ත්‍රීවරයා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව පිල්ලෙයාන් යන අයට විරුද්ධව පැවරූ නඩු කටයුත්තෙන් පිල්ලෙයාන් නිදහස් කර ඇති බවට සඳහන් කරමින් අභියාචනාධිකරණයට හා තමාට අපහාසයක් වන ආකාරයට එම සමාජ මාධ්‍ය ජාලා ගිණුම්වල අසත්‍ය තොරතුරු පළ කර ඇති බවත් ඒ සඳහා තමාගේ රාජකාරී නිල ඇඳුම් සහිත ඡායාරූපද පළ කර ඇති බවත් ය. එහෙත් එම නඩු කටයුත්ත කිසි දිනෙක තමන් හමුවේ කැඳවිමක් කර විභාග නොවූ බවත් විනිසුරුවරයා ප්‍රකාශ කර තිබේ. මීට අමතරව තම පෞද්ගලික ජීවිතය සම්බන්ධයෙන්ද එම සමාජය මාධ්‍ය ජාලා හරහා අසත්‍ය තොරතුරු පළ කර ඇති බැවින් ඒ සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් සිදු කරන ලෙසට අභයාචනාධිකරණ විනිසුරුවරයා CIDයෙන් ඉල්ලා ඇත.

විමර්ශන නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඊයේ දිනයේදී ප්‍රකාශ කළේ විනිසුරුවරයාගේ පැමිණිල්ල අනුව තමන් කළ මූලික විමර්ශනයේදී අදාළ සමාජය මාධ්‍ය ජාල ඔස්සේ පලකර තිබෙන අසත්‍ය පුවත් හේතුවෙන් සමස්ත අධිකරණ පද්ධතියම හෑල්ලුවට ලක් කරමින් ජනතාවට අධිකරණය කෙරෙහි විශ්වාසය පළුදු කිරීමට උත්සාහ දරා ඇති බවක් පෙනෙන්නට තිබෙන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යුද්ධමය තත්ත්වය හමුවේ ආනයනය කරන ඉන්ධනවල මිල ගණන්වලට කුමක් වේවිද?

රෂිකා හෙන්නායක ජූනි 22, කොළඹ LNW : ඊශ්‍රායල සහ ඉරාන...

තායිලන්තයේ දවසේ අස්වැන්න රන් දෙකයි රිදී එකයි – මධුෂානිගෙන් හොඳම දක්ෂතාවය

නිශ්මං රණසිංහ ජුනි 22, කොළඹ LNW: තායිලන්ත තාමාසාට් සරසවි ක්‍රීඩාංගණය...

ඇමෙරිකාවෙන් ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථාන වලට ප්‍රහාර.!

අශෝක ජයතුංග ජූනි 22 වොෂින්ටන් LNW : 🍎ඇමෙරිකාව ඇතුලෙන්ම ඊට විරෝධය...

ජනතාවගේ ජනවරම අවජාතක කළා නම් සුජාත පුත්තු උපදිනවා කියලා හිතන්න එපා – ඇමති TB

ජාතික ජන බලවේගය ප්‍රාදේශීය සභාවල බලය පිහිටුවා ඇත්තේ පොහොට්ටුව,...