පානදුරේ වෙඩිතැබීමක්. එක් අයෙකු මරුට !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

පානදුර, හිරණ ප්‍රදේශයේ සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

මෙහිදී තවත් පුද්ගලයකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බව සඳහන්.

පානදුර, හිරණ, බටහිර මාලමුල්ල ප්‍රදේශයේ නිවසක පැවති සාදයක් අතරතුරදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සිදුකර පළාගොස් ඇති බවයි පොලීසිය පවසන්නේ.

වෙඩිවැදීමෙන් මියගොස් ඇත්තේ බටහිර මාලමුල්ල ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි අයෙකි. තුවාල ලබා ඇති පුද්ගලයා ද එම ප්‍රදේශයේම පදිංචි 20 හැවිරිදි අයෙකු බව සඳහන්.

වෙඩිතැබීම සඳහා T56 වර්ගයේ ගිනිඅවියක් යොදාගෙන ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුපිරි අට 30 සහ 31 තුරඟ තරග පිටියට

නිශ්මං රණසිංහ ජනවාරි 28, කොළඹ LNW: චැම්පියන්ස් ලීග් ජාතික පාපන්දු...

තවමත් ආලෝකයක් නොලද ජනවාරියේ “Who is Lasantha” ජනගත වෙයි! (PHOTOS)

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යවේදීන් මුහුණපා ඇති සියලු ආකාරයේ අපරාධයන්ට...

හිටපු ජනපති රනිල්ට එරෙහි නඩුව අද යළි කැඳවයි

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව...

පවන් දුර්මත බිඳියි – සහයට කෙනෙක් සිටියානම් ඓතිහාසික ජයකට යාමට තිබුණු ඉණිමක් දියත් කරයි

නිශ්මං රණසිංහ ජනවාරි 28, කොළඹ LNW: ඉතිහාසයේ එක් කලෙක ශ්‍රී...