මගේ ධුර කාලය තුළ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට මම එකඟයි – ජනපති

Date:

තම ධුර කාලය තුළ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට තමන් එකඟ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (08) ප්‍රකාශ කර තිබේ.

ඒ අද පස්වරුවේ ශ්‍රී ලංකා නීතීඥ සංගමය සමග පැවති සාකච්ඡාවේදී ය.

රටේ පවතින ආර්ථික සහ දේශපාලන අර්බුදය විසඳීම සඳහා ශ්‍රී ලංකා නීතීඥ සංගමය යෝජනා 13කින් යුත් වැඩපිළිවෙලක් ඉදිරිපත් කර තිබුණු අතර අද ජනාධිපතිවරයා සමග ඔවුන් සාකච්ඡා කළේ ඒ සම්බන්ධයෙනි. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම එම යෝජනාවලියේ ප්‍රධානතම යෝජනාවකි.

ඒ අනුව ඊට එකඟතාව පළ කර ඇති ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ සෙසු පක්ෂ සමඟත් සාකච්ඡා කර ඉදිරි පියවර තමන්ට ඉක්මනින් දැනුම් දෙන්නැයි නීතීඥ සංගමයට ප්‍රකාශ කර ඇති අතර තමන් ඒ සඳහා ඕනෑම අවස්ථාවක සූදානම් බවත් පවසා ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

ශ්‍රී ලංකා නීතීඥ සංගමය අද දිනයේදී සමගි ජන බලවේගය සමඟත් ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීනව සිටින කුඩා පක්ෂ 11 සමඟත් සාකච්ඡා කර තිබුණු අතර මෙම අර්බුදය විසඳීම සඳහා සර්ව පාක්ෂික එකඟතාවක් වෙනුවෙන් සත්කාරක පාර්ශ්වය ලෙස කටයුතු කරන්නේ ඔවුන් විසිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

6 ශ්‍රේණිය මොඩියුල අවුල : NIE අධ්යක්ෂ ජනරාල්වරිය තාවකාලිකව ඉල්ලා අස්වෙයි

ජාතික අධ්‍යාපන ආයතනයේ (NIE) අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය මංජුලා විතානපතිරණ...

පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් – අද (02) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ...

ලාෆ්ස් ගෑස් මිල ඉහළට

සටහන - රුවන් නෙළුගොල්ල 2026 ජනවාරි 01 වනදා සිට ක්‍රියාත්මක...

වසරේ පළමු දවසේම වෙඩිතැබීමක් – එක් අයෙකු මරුට. දෙදෙනෙකු රෝහලට !

සටහන - රුවන් නෙළුගොල්ල නවගමුව, කොරතොට මැණිකාගාර පාර ප්‍රදේශයේදී ඊයේ...