මහින්ද රැකගන්න හෙට අරලියගහ මන්දිරයේ පස්සා දොරෙන් එන්න කියලා …. !!

Date:

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාව රැකගැනීම සඳහා හෙට (09) දිනයේදී අරලිගහ මන්දිරයට අති විශාල සෙනඟක් ගෙන්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සැලසුම් කර තිබේ.

ඒ අනුව එම පක්ෂයේ සෑම ප්‍රාදේශීය සභා නියෝජිතයෙකුටම හැකිතාක් සෙනඟ බස් රථවල පුරවාගෙන පැමිණෙන ලෙස තරයේ දැනුම් දී ඇති බව සඳහන්.

එමෙන්ම එසේ පැමිණෙන පිරිස් අරලියගහ මන්දිරයේ පසුපස පිවිසුමෙන් රැගෙන එන ලෙසත් ඔවුන්ට දැනුම් දී ඇති බව වාර්තා විය. මහින්ද රාජපක්ෂ මහතාට ඉල්ලා අස්වෙන ලෙස බලකරමින් ජනතාව අරලියගහ මන්දිරය ඉදිරිපිට උද්ඝෝෂණවල නිරත වන නිසා ඔවුන්ව හමු නොවීමට මෙසේ පසුපස ගේට්ටුවෙන් පැමිණෙන්නැයි පොහොට්ටු පාක්ෂිකයින්ට දැනුම් දී ඇති බවයි ආරංචිමාර්ග ප්‍රකාශ කළේ.

පහළින් දැක්වෙන්නේ අග්‍රාමාත්‍යවරයාට පක්ෂපාතී පොහොට්ටු නියෝජිතයින් ඒ මහතාව ඊයේ (07) හමුවූ අවස්ථාවේ ඇතිවූ තත්වයයි …

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරානය මත අත තබා නිව්යෝක් ඉතිහාසයේ ප්‍රථම මුස්ලිම් නගරාධිපතිවරයා දිවුරුම් දේ

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ස්විට්සර්ලන්තයේ අලුත් අවුරුදු උදාවත් සමඟ ඇති වූ ගින්නක් හේතුවෙන් විශාල පිරිසක් ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ඓතිහාසික දළදා සමිඳුන් වැඳ උදා වූ නව වසරට ආශීර්වාද ලබා ගත් ජනපති අනුර!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) පෙරවරුවේ ඓතිහාසික...

පාසල් දරුවන්ට නොමිලයේ පාවහන් ගන්න අවස්ථාවක්!

කොළඹ LNW:දැනට පාසල් ළමුන් 250 ට අඩු පාසල් සඳහා...