අපි තමයි හොඳටම ප්‍රශ්න ගැන කතා කළේ – දෙරණේ ඩිල්කා විරෝධතාකරුවන්ගෙන් ගේම ඉල්ලයි

Date:

දෙරණ මාධ්‍ය ආයතනයේ ප්‍රසිද්ධ නිවේදිකාවක් වන ඩිල්කා සමන්මලී මහත්මිය උද්ඝෝෂණ සහ විරෝධතාකරන ජනතාව සම්බන්ධයෙන් චෝදනාත්මක අදහස් දැක්වීමක් සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකර තිබේ.

විරෝධතාකරුවන් තමන් වැනි මාධ්‍යවේදීන්ට අභියෝග කිරීම හාස්‍යයට කාරණයක් බවයි ඇය සඳහන් කර ඇත්තේ.

අදාළ ෆේස්බුක් සටහන පහතින් දැක්වේ.

ජනතාවගේ ප්‍රශ්න ගැන කතාකිරීම කෙසේවෙතත් අද ජනතාව මුහුණ පා සිටින ප්‍රශ්න ගණනාවක් කරා මේ රට තල්ලු කිරීමේ නිර්මාතෘවරුන් අතර ඉදිරියෙන්ම සිටින්නේ දෙරණ මාධ්‍ය ජාලයයි. සදාචාරාත්මක සීමා සියල්ල කඩමින්, ජනතාව අමු අමුවේ රවටමින්, හැකි සියලු මිත්‍යාවන් ජනගත කරමින් ඔවුන් ඒ සඳහා දැඩි වෙහෙසක් ගත් අයුරු ජනතාවට අමතක නැත. ඒ සම්බන්ධයෙන් ජනතාවගෙන් ප්‍රසිද්ධියේම චෝදනා එල්ල වෙමින් පවතින අතර දෙරණ හිමිකරු දිලිත් ජයවීර මහතාගේ මුහුණටමත් පසුගිය දිනක මාධ්‍යවේදියෙකු විසින් එම චෝදනාව නඟා තිබෙනුත් දිලිත් ජයවීර මහතා ඊට පිළිතුරු නොදී ඉවත්ව යන ආකාරයත් දැකගැනීමට ලැබිණි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කමිටු වාර්තාව!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 01, කොළඹ LNW : නොවැම්බර් 30 දින...

හදිසිය යොදාවත් බඩු මිල පාලනය කරන්න !

උපාලි කොළඹගේ කොළඹ LNW:ආපදාවට පත්වූවන්ට සහන සැලසීම රජය හා නිලධාරි...

අර්බුදය ජය ගැනීම සඳහා සහාය වීම සඳහා සන් සියම් සමූහය ඇමරිකානු ඩොලර් 200,000 ක මුදලක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 01, කොළඹ LNW:  වත්මන් අර්බුදය ජය ගැනීම...

සමඟිය ආණ්ඩුවට අපරාධ නඩු දාන්න සැරසෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණික තත්ත්වය මත ඇති වූ ආපදාවන්...