දැරියක් පැහැරගෙන යාමට උත්සාහ කළේ යැයි සැකපිට අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයා රදවා ප්‍රශ්න කිරීමට අවසර!

Date:

රෂිකා හෙන්නායක

කොළඹ ප්‍රසිද්ධ පාසලක් අසලදී දැරියක් පැහැරගෙන යාමට උත්සාහ කළේ යැයි සැකපිට අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයා පොලිසිය භාරයේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද අවසර ලබා දී ඇත.   

ඒ, කුරුඳුවත්ත පොලීසිය මගින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.

කුරුඳුවත්ත පොලීසිය අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් මෙම සැකකරුට අදාළ විමර්ශන කටයුතු අවසන් කර නොමැති බව සඳහන් කළේය.

එහිදී පොලීසිය අධිකරණයට දැනුම් දුන්නේ සැකකරුගෙන් තවදුරටත් ප්‍රශ්න කළ යුතුව ඇති බවයි.

ඒ අනුව සැකකරු පැය 72ක කාලයක් පොලීසිය භාරයේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර දුන් මහේස්ත්‍රාත්වරිය විමර්ශනවල ප්‍රගතිය ඉදිරියේදී අධිකරණයට වාර්තා කරන ලෙසත් නියෝග කළ බව වාර්තා වේ.

විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෙම සැකකරු කොළඹ, බ්ලූ මැන්ඩල් ප්‍රදේශයේ පදිංචිකරුවකු වන බවයි.

අදාළ දැරිය පැහැරගෙන ගොස් තර්ජනය කර කප්පම් ලබා ගැනීමේ අරමුණින් සැකකරු එම ක්‍රියාව සිදුකර ඇති බවද විමර්ශනවලදී අනාවරණය වී ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හොංකොංහි ධනපතියකු වන ජිමී ලායිට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): හොංකොංහි...

අපි විශ්වාස කරනවා රිය අනතුර වෙද්දී රන්වල මන්ත්‍රීතුමා බීමතින් හිටියේ නැහැ කියලා – ඇමති නලින්ද

රිය අනතුර සිදුවන අවස්ථාවේදී අශෝක රන්වල මන්ත්‍රීවරයා බීමතින් නොසිටියේ...

ජනාධිපති ට්‍රම්ප් BBCයෙන් ඩොලර් බිලියන පහක් ඉල්ලා නඩු පවරයි ?

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත්...

සමස්තයක් ලෙස වසරේ පළමු මාස නවයේ ආර්ථික වර්ධන වේගය 5% ක්

තුන්වන කාර්තුව තුළ ශ්‍රී ලංකා ආර්ථිකය 5.4%ක වර්ධන වේගයක්...