කාශ්මීරයේ දිගින් දිගටම පිපිරීම් ගණනාවක්

Date:

සටහන: සශිකලා මධුෂාණි
මැයි 10; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ පරිපාලනය යටතේ පවතින කාශ්මීරයේ විශාලතම නගරය වන ශ්‍රීනගර්, ජම්මු හා උදම්පූර් ඇතුළු ඉන්දියානු නගර කිහිපයක ද ඇතුළුව විශාල පිපිරීම් ගණනාවක් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.

මේ සම්බන්ධයෙන් අගමැති මුහම්මද් ෂෙබාස් ෂරීෆ් ඔහුගේ කාර්යාලය නිකුත් කළ නිවේදනයක සඳහන් කර තිබුණේ,’ බැනියන් අල්-මාර්සස් මෙහෙයුමේ’ කොටසක් ලෙස ඉන්දියාවට එරෙහිව ප්‍රහාර දියත් කළ බවත්, ඉන්දියාව විසින් ඉස්ලාමාබාද් අගනුවරට ආසන්නව පිහිටි ප්‍රධාන හමුදා කඳවුරු වෙත මිසයිල දියත් කිරීමට පළිගැනීමක් ලෙස ඉන්දියාවට එරෙහිව මෙම මෙහෙයුමක් දියත් කළ බවත්ය.

ඒ අනුව යමින් පකිස්ථාන හයිපර්සොනික් මිසයිල මගින් S-300 මිසයිල මඟින් ඉන්දියානු උදම්පූර් ගුවන් කඳවුරේ S-300 මිසයිල පද්දතිය විනාශ කර ඇති අතර ඉන් සිදුව ඇති පාඩුව ඇමරිකානු ඩොලර් බිලියන 1.5ක් වශයෙන් ගණන් බලා තිබේ.

මිට පතිචාර වශයෙන් කර්නල් සොෆියා කුරේෂි මාධ්‍ය වෙත සඳහන් කර තිබුණේ, මිට සුළු මොහොතකට පෙර ඉන්දීය හමුදාව විසින් පකිස්ථානයේ රේඩාර් ඒකක සහ පතොරම් ගබඩා ඇතුළු හමුදා ස්ථාන අටකට ඩ්‍රෝන යානා, දිගු දුර අවි සහ ප්‍රහාරක ජෙට් යානා භාවිතා කරමින් පහර දී ඇති අතර පාකිස්තානය විසින් ඉන්දියාවේ රට තුළ ස්ථාන 26 කට ඇතුළු වීමට ගත් උත්සාහයන් උදාසීන කළ බවයි.

මේ වන විට ඉන්දියාව සහ පකිස්ථානය අතර ආතතීන් අඛණ්ඩව උත්සන්න වෙමින් පවතින බැවින්, අගමැති නරේන්ද්‍ර මෝදි කල්‍යාන් මාර්ග් හි ඔහුගේ නිවසේදී ආරක්ෂක සේවා තුනේම ප්‍රධානීන් වන එන්එස්ඒ අජිත් ඩෝවාල්, සීඩීඑස් ජෙනරාල් අනිල් චෞහාන් සහ ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං සමඟ සාකච්ජා පවත්වමින් ඉදිරි ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවද වාර්තා කෙරේ,

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට සහය පළකරමින් අද කොළඹදී වැඩසටහනක්! (PHOTOS)

කොළඹ LNW:ඉරානයට සහය පළකරමින් අද (11) කොළඹ ඉරාන තානාපති...

කැනඩාවේ පාසලක සහ නිවසක සිදු වූ වෙඩි තැබීම්වලින් දස දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර කැනඩාවේ ටම්බ්ලර්...

සුනිල්ට විහිළු කරන්න එපා කියලා සුගත්ට කියන්න බැරිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ ළඟදි අපූරු කතාවක්...

යුක්රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් එකම පවුලේ පියෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව සහ යුක්රේනය...