පුටින් සහ සෙලෙන්ස්කි අතර පෞද්ගලික හමුවේ බලාපොරොත්තුව !

Date:

රෂිකා හෙන්නායක

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සහ යුක්‍රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි අතර පෞද්ගලික හමුවක් සිදු වීමට නියමිතව තිබෙන බව වාර්තා වේ. ඒ මැයි 15 වන දින ඉස්තාන්බුල්හිදී වේ.

දිගුකාලීන සාමයක් යථා තත්ත්වයට පත් කර ගැනීම සඳහා රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් යුක්‍රේනය සමඟ සෘජු සාකච්ඡා යෝජනා කර තිබෙන අතර, එම යෝජනාවට ප්‍රතිචාර වශයෙන් වොලොඩිමියර් සෙලෙන්ස්කි පවසා ඇත්තේ රුසියාව යුද්ධය අවසන් කිරීම සලකා බැලීම ධනාත්මක ලකුණක් බවත් යුක්‍රේනය සාකච්ඡා සඳහා එකඟ වන්නේ දින 30ක කොන්දේසි විරහිත සටන් විරාමයකට අත්සන් කළහොත් පමණක් බවත්ය. 
 

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් යුක්‍රේන ජනාධිපතිවරයාට බලපෑම් කිරීමෙන් පසු දෙරට අතර සාකච්ජා සඳහා යුක්‍රේනය එකඟතාව පල කර ඇති බව වාර්තා වන අතර, එහිදී ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් යුක්‍රේනයෙන් ඉල්ලා සිටියේ පූර්ව කොන්දේසි නොමැතිව සාම සාකච්ඡා සඳහා එකඟ වන ලෙසයි.  රුසියානු ජනධිපතිවරයා තුර්කියට එනතුරු තමන් බලා සිටින බවද යුක්‍රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි ප්‍රකාශ කර තිබෙන බව වාර්තා වේ.
 

රුසියාව සහ යුක්‍රේනය අතර යුද්ධය ආරම්භ කිරීමෙන් පසු දෙරට අතර නායකයින්ගේ පළමු හමුව මෙය වනු ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.


 

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රජයේ ඉහළ ආයතනවල මුල් බැසගත් ලොක්කන්ට වෙන්න යනදේ..

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ LNW : අද (10) පැවැති...

ශ්‍රී ලංකාව සහ UAE, ක්‍රීඩාව ගැන අවබෝධතා ගිවිසුමකට එකඟ වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 10, කොළඹ LNW: ඩුබායි හි පැවැති 2026...

ඉරානයේ තවත් උත්සාහයක් ..

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ ඉහළම ආරක්ෂක...