වෙසක් පොහොය වෙනුවෙන් විපක්ෂ නායක කාර්යාලය සංවිධානය කළ ධර්ම දේශනය (VIDEO)

සෑම පුන් පොහෝ දිනකම විපක්ෂ නායක කාර්යාලය විසින් සංවිධානය කරනු ලබන ධර්ම දේශනා මාලාවේ තවත් එක් ධර්ම දේශනාවක් මෙවර අති උතුම් වෙසක් පුන් පොහෝ දිනය නිමිති කර ගෙන පන්නිපිටිය මාලපල්ල ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේ දී සිදු කරන ලදී.

මෙවර ධර්ම දේශනාව මාතර හිත්තැටිය රජමහා විහාරය, මාතර කාලිදාස පාර ශ්‍රී ආරිය ජෝතිෂ්‍යාරාමය, පිළියන්දල මඩපාත සිරි කස්සප ධර්මායතනය මාලපල්ල ශ්‍රී සුදර්ශනාරාමය යන සිවි මහා විහාරාධිපති මාතර හම්බන්තොට දෙදිසාවෙි ප්‍රධාන සංඝනායක ආචාර්ය අග්‍රහැරේ කස්සප නායක හිමියන්ගේ අනුශාසනා පරිදි මාලපල්ලේ ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේ විහාරාධිකාරී පුජ්‍ය මැදගම මහින්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් සිදු කරනු ලැබිණි.

මේ අවස්ථාවට සැදැහැති බෞද්ධ ජනතාව විශාල පිරිසක් එක්ව සිටියහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අනුරාධපුර රැලියේදී විමල් කළ ප්‍රකාශයක් ගැන CCIB විමර්ශනයක්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පසුගිය 12 වනදා අනුරාධපුරයේ...

‘සිංහල සිනමාවේ අසහාය රංගන පෞර්ශය’ ජෝ අබේවික්‍රම මතකාවර්ජන

සටහන: සශිකලා මධුෂාණී සිංහල සිනමාවේ එදා මේදා තුළ බිහි වූ...

(BREAKING)2019 පාස්කු ඉරිදා ප්‍රහාර නඩුව: 15ක් වැරදිකරුවන් වෙයි, 9 දෙනෙකු නිදහස්!

රෂිකා හෙන්නායක 2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට කුමන්ත්‍රණය කිරීම...

අභියාචනාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකු පත් කිරීමට ජනාධිපති නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට!

කොළඹ LNW:මහාධිකරණ විනිසුරුවරුන් වන නවරත්න මාරසිංහ සහ මංජුල තිලකරත්න...