තීරුබදු ප්‍රතිපත්ති සංශෝධනය පිළිබඳ චීන-ඇමරිකා ඒකාබද්ධ ප්‍රකාශය නිකුත් කෙරේ!

කොළඹ LNW:චීන-ඇමරිකා ජිනීවා ආර්ථික හා වෙළඳ සාකච්ඡාවේ ඒකාබද්ධ ප්‍රකාශය නිකුත් කර තිබෙනවා.තිරසර, දිගුකාලීන සහ අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක ද්විපාර්ශ්වික ආර්ථික හා වෙළඳ සබඳතාවයක වැදගත්කම හඳුනා ගනිමින් චීනය සහ ඇමරිකාව මැයි 14 වැනිදා පහත ක්‍රියාමාර්ග අවලංගු කිරීමට එකඟත්වය පළ කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව පසුගිය අප්‍රේල් 8 සහ 9 වැනිදා පළ කළ අංක 14259 සහ අංක 14266 විධායක නියෝගවල සඳහන් පරිදි චීන භාණ්ඩ සඳහා 91% ක තීරුබදු ඉවත් කිරීමට ඇමරිකාව තීරණය කර තිබෙනවා. පසුගිය අප්‍රේල් 2 වැනිදා පළ කළ අංක 14257 නියෝගයට අනුව චීන භාණ්ඩ සඳහා 34% ක අන්‍යෝන්‍ය තීරුබදු සංශෝධනය කර, ඉන් 24% ක තීරුබදු දින 90කට අත්හිටුවීමට ද ඇමරිකාව පියවර ගෙන ඇති බව වාර්තා වනවා.

ඒ සමග ම, ඇමරිකාවේ භාණ්ඩ සඳහා වන 91% ක තීරුබදු අවලංගු කිරීමට චීනය ද පියවර ගෙන ඇති අතර ඇමරිකාවේ භාණ්ඩ සඳහා 34% ක අන්‍යෝන්‍ය තීරුබදුවලින් 24%ක් දින 90කට අත්හිටුවීමට ද චීනය තීරණය කර තිබෙනවා.

ඉහත ක්‍රියාමාර්ගවලින් පසුව ද දෙපාර්ශ්වය ආර්ථික හා වෙළඳ සබඳතා පිළිබඳ සාකච්ඡා අඛණ්ඩව පැවැත්වීමට යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම ද විශේෂත්වයක්.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘සිංහල සිනමාවේ අසහාය රංගන පෞර්ශය’ ජෝ අබේවික්‍රම මතකාවර්ජන

සටහන: සශිකලා මධුෂාණී සිංහල සිනමාවේ එදා මේදා තුළ බිහි වූ...

(BREAKING)2019 පාස්කු ඉරිදා ප්‍රහාර නඩුව: 15ක් වැරදිකරුවන් වෙයි, 9 දෙනෙකු නිදහස්!

රෂිකා හෙන්නායක 2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට කුමන්ත්‍රණය කිරීම...

අභියාචනාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකු පත් කිරීමට ජනාධිපති නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට!

කොළඹ LNW:මහාධිකරණ විනිසුරුවරුන් වන නවරත්න මාරසිංහ සහ මංජුල තිලකරත්න...

ජේ.ආර් පවා වරද්ද ගත්ත තැන – දැලි පිහියෙන් කිරි කන්න වුණොත්?

කොළඹ LNW:නීතිය,යුක්තිය සහ දේශපාලනය යනු කිසිලෙසකින්වත් විච්ජේදනය කළ හැකි...