තීරුබදු ප්‍රතිපත්ති සංශෝධනය පිළිබඳ චීන-ඇමරිකා ඒකාබද්ධ ප්‍රකාශය නිකුත් කෙරේ!

Date:

කොළඹ LNW:චීන-ඇමරිකා ජිනීවා ආර්ථික හා වෙළඳ සාකච්ඡාවේ ඒකාබද්ධ ප්‍රකාශය නිකුත් කර තිබෙනවා.තිරසර, දිගුකාලීන සහ අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක ද්විපාර්ශ්වික ආර්ථික හා වෙළඳ සබඳතාවයක වැදගත්කම හඳුනා ගනිමින් චීනය සහ ඇමරිකාව මැයි 14 වැනිදා පහත ක්‍රියාමාර්ග අවලංගු කිරීමට එකඟත්වය පළ කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව පසුගිය අප්‍රේල් 8 සහ 9 වැනිදා පළ කළ අංක 14259 සහ අංක 14266 විධායක නියෝගවල සඳහන් පරිදි චීන භාණ්ඩ සඳහා 91% ක තීරුබදු ඉවත් කිරීමට ඇමරිකාව තීරණය කර තිබෙනවා. පසුගිය අප්‍රේල් 2 වැනිදා පළ කළ අංක 14257 නියෝගයට අනුව චීන භාණ්ඩ සඳහා 34% ක අන්‍යෝන්‍ය තීරුබදු සංශෝධනය කර, ඉන් 24% ක තීරුබදු දින 90කට අත්හිටුවීමට ද ඇමරිකාව පියවර ගෙන ඇති බව වාර්තා වනවා.

ඒ සමග ම, ඇමරිකාවේ භාණ්ඩ සඳහා වන 91% ක තීරුබදු අවලංගු කිරීමට චීනය ද පියවර ගෙන ඇති අතර ඇමරිකාවේ භාණ්ඩ සඳහා 34% ක අන්‍යෝන්‍ය තීරුබදුවලින් 24%ක් දින 90කට අත්හිටුවීමට ද චීනය තීරණය කර තිබෙනවා.

ඉහත ක්‍රියාමාර්ගවලින් පසුව ද දෙපාර්ශ්වය ආර්ථික හා වෙළඳ සබඳතා පිළිබඳ සාකච්ඡා අඛණ්ඩව පැවැත්වීමට යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම ද විශේෂත්වයක්.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලන්ඩන් ව්‍යාපාරිකයෙකුගෙන් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රු. මිලියන 10ක පරිත්‍යාගක්!

"දිට්වා" සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට...

ව්‍යාපාරිකයකුට වෙඩිතැබීමට පැමිණි සිව්දෙනෙක් අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල මට්ටක්කුලිය, කදිරානවත්ත පාලම අසලදී ව්‍යාපාරිකයෙකු වෙඩිතබා...

9 දා බැරිවෙච්චි අයට, 11 දා FREE.

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන්...

දිල්රංගගේ රංගයට තිරය වසන්න එපා!

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: මීටර් 200 ධාවන පථයක...