ඉන්දියාවට එරෙහිව ත්‍රස්ත ප්‍රහරයක් එල්ල වුවහොත් පෙරළා පලිගන්නා බවට මොදීගෙන් පොරොන්දු

Date:

සටහන: සශිකලා මධුෂාණි
මැයි 13; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): න්‍යෂ්ටික අවිවලින් සන්නද්ධ ඉන්දු – පාකිස්ථාන් සටන් විරාමයෙන් අනතුරුව නවදිල්ලියේදී ජාතිය අමතමින් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මොදී සඳහන් කර තිබුණේ, මිලිටරි ක්‍රියාකාරකම් සඳහා මෙය විරාමයක් වන බවත්, නැවත රටට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වුවහොත් පෙරලා පලිගන්නා බවත්ය.

මෙහිදී අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබුණේ, කාශ්මීරයේ පහල්ගම් ප්‍රහාරයෙන් හින්දුන් 25 දෙනෙකු හා නේපාල් ජාතිකයකු මිය යාමට පලිගැනීමක් වශයෙන් ඉන්දියාව ත්‍රස්ත ඉලක්ක තෝරාගන්නා විට පකිස්ථානය ඉන්දියාවට පහර දීම තෝරාගත් බවත්, තමා න්‍යෂ්ටික බියවැද්දීම් නොයිවසන බවත්, පාකිස්ථානයේ ක්‍රියාකාරකම් තමා නිරීක්ෂණය කරමින් සිටින බවත්ය.

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සෙනසුරාදා(10) දෙරට අතර සටන් විරාමය ප්‍රකාශයට පත් කළ අතර, දශක ගණනාවකට පසු පළමු වරට න්‍යෂ්ටික සන්නද්ධ රටවල් දෙක සම්පූර්ණ යුද්ධයකට යොමු වෙමින් පවතින බවට ඇති බිය නතර කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බලය බබලවන ඔස්ට්‍රේලියානු ආග්‍රාණ්ඩුකාරවරිය

නිශ්මං රණසිංහ අගෝස්තු 13, කොළඹ LNW: අපට නුහුරු බලය ඉදිරියේ සරල...

ලංකාවේ බොක්සිංවල මේ මොහොතේ වටිනාම දේ මිහිරාන් රැක ගැනීමය.

නිශ්මං රණසිංහ අගෝස්තු 13, කොළඹ LNW: ජාතික ක්‍රීඩා සභාවේ සභාපතිවරයා සහ...

දෙස් විදෙස් සංචාරක ආකර්ෂණ සහිත රාත්‍රී වෙළඳ පොලක් මහනුවර දී!

කොළඹ LNW:සංචාරක ආරක්ෂණය සහිත රාත්‍රී වෙළඳ පොලක් මහනුවර නගරය...

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයෙන් රතු එළි!

රෂිකා හෙන්නායක අගෝස්තු 13 කොළඹ LNW : අද දිනය...