ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ්ගේ පළමු සංචාරය මැදපෙරදිගට

Date:

සටහන: සශිකලා මධුෂාණි
මැයි 13; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දිනතුනක මැදපෙරදිග සංචාරයක නියැලෙන බව වාර්තා වේ.

ඒ අනුව ජනාධිපතිවරයා අද(13)දින සෞදි අරාබියට පැමිණීමට නියමිත වන අතර ඉන් අනතුරුව කටාර් හා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ද යාමට නියමිතය.

මේ සම්බන්ධයෙන් ධවල මන්දිරය නිවේදනය කර තිබුණේ, මෙම සංචාරය ජනාධිපතිවරයාගේ දෙවන පදවි ප්‍රාප්තියේ පළමු සංචාරය වන බවත්, මෙය මැද පෙරදිගට ඓතිහාසික නැවත පැමිණීමක්වනු ඇති බවත්, මෙම සංචාරය මඟින් සබඳතා ශක්තිමත් කිරීම අපේක්ෂා කරන බවත්ය.

සෞදි ඔටුන්න හිමි කුමරු මොහොමඩ් බින් සල්මාන් අල්-සවුඩ් රියාද් හි කිං කාලිඩ් ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමින එක්සත් ජනපද ජනාධිපතිවරයා පිළිගැනීමට නියමිත වන අතර මොහොමඩ් බින් සල්මාන්ගෙන් ඇමරිකානු කර්මාන්තයේ ඩොලර් ට්‍රිලියන 1 ක ආයෝජනයක් ලබා ගැනීමට බලාපොරොත්තු වේ .

පසුගියදා එයාර් ෆෝස් වන් ජනාධිපති ගුවන් යානයක් ලෙස භාවිතා කිරීමට අදහස් කරන සුඛෝපභෝගී ජම්බෝ ජෙට් යානයක් ලබා ගැනීම සඳහා ධවල මන්දිරය කටාර් රාජකීය පවුල සමඟ සාකච්ඡා කරමින් සිටි අතර කටාර් වෙතින් ඩොලර් මිලියන 400 ක ජෙට් යානයක් පිළිගැනීමේ සැලසුම් ට්‍රම්ප් විසින් සාකච්ජා කරනු ඇත.

මිට අමතරව එක්සත් ජනපද ජනාධිපතිවරයා සිය මැද පෙරදිග සංචාරය තුලදී ගාසා සටන් විරාමයක් සහ සෞදි අරාබිය-ඊශ්‍රායලය සාමාන්‍යකරණ සාකච්ඡා ඇතුළු කලාපීය ගැටළු සඳහා රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීම් සිදු කිරීම කෙරෙහි අවධානය යොමු කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව තීනියාවල පාලිත හිමි ගොනු කළ මූලික අයිතිවාසිකම් නඩුව ඉවතට!

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව තීනියාවල පාලිත හිමි ගොනු කළ මූලික අයිතිවාසිකම් නඩුව ඉවතට!

විපක්ෂ මන්ත්‍රී රසමානික්කම්ගෙන් විපක්ෂයට විරෝධය – නම් කියලම කියයි

කොළඹ LNW:ත්‍රීකුණාමලය ශ්‍රී සම්බුද්ධජයන්ති බෝධිරාජ විහාරය සම්බන්ධයෙන් මතු වූ...

හක්මන සමූපකාර ඡන්දයෙනුත් මාලිමාව උඩින්ම පරදී !

හක්මන විවිධ සේවා සමූපාකාර සමිතියේ නිලවරණයෙන් ද ජාතික ජන...