මිශ්‍ර ධාවනයේ පෙරට යාමට ඇති බාධාව

Date:

නිශ්මං රණසිංහ මැයි 13, කොළඹ LNW:

අරුණ දර්ශනගේ ආබාධය නිසා ලෝක සූරතා සහය දිවීමේ තරගාවලියේ මීටර් 400 මිශ්‍ර සහය දිවීමේ තරගයේ පළමු වටයෙන් ඉවත් වුණත්,ශ්‍රී ලංකාවට පරාජිතයන්ගේ වටයේදී නැවත ජපානයේ පැවත්වෙන මලල ක්‍රීඩා ලෝක සූරතාවලියට සුදුසුකම් ලැබීසට අවස්ථාව තිබුණා.


ඒ පිළිබඳ සටහන → https://sinhala.lankanewsweb.net/05/10/163663/
එහෙත් එම අවස්ථාව අහිමි වෙමින් ශ්‍රී ලංකාවට සිඳු වුණේ පරාජිත වටයන් නියෝජනය කළ තමන් සහභාගි වූ තරගයේ අවසාන ස්ථානයට පත් වීමටත්;සමස්ත සහභාගි වූ කණ්ඩායම් 13 අතර 13 වන තැනට පත්වීමටත් සිඳු වූ නිසා ජපන් සහභාගීත්වය සම්බන්ධයෙන් පැවති සිහින බොඳ වුණා.එහෙත් මේ තරගාවලිය හරහා තේරෙන කණ්ඩායම් 14 ට අමතරව ලෝකයේ පෙළ වේගවත් පෙළ ගැස්ම අනුව තේරීමට අවස්ථාවක් තිබෙනවා.මේ තරගයේ අවසන් ස්ථානය හිමි වුවත් එය ශ්‍රී ලංකා මිශ්‍ර සහය දිවීමේ කණ්ඩායමේ කාලීන හොඳම දක්ෂතාවය හැටියටද සඳහන් වුණා.(විනාඩි 03:20.61)
මේ තරගයේදී ඒ ඒ මීටර් 400 සඳහා පළමු ධාවකයාගේ සිටි සිව්වන ධාවකයා දක්වා ගත කළ කාලය පහත දැක්වෙනවා.


කාලිංග කුමාරගේ 46.43
නදීශා රාමනායක 53.38
සදෙව් රාජකරුණා 47.12
නිශේන්ද්‍රා ප්‍රනාන්දු 53.68
පහත ඇති ප්‍රතිපල හරහා ශ්‍රී ලංකාව සමඟ ධාවනය කළ අනිත් රටවල්වල ධාවකයන් දැක් වූ දක්ෂතා ද දැක්වෙන අතර ඒ අනුව ශ්‍රී ලංකාවේ කාන්තා මිටර් 400 ධාවනය ඉහළ මට්ටමක නැති වීම ගැන ද අවබෝධයක් ලබා ගැනීමට හැකියාව ලැබෙනු ඇත.ඒ නිසා එම ඉසව්ව නියෝජනය කරන ක්‍රීඩිකාවන්ට ජාත්‍යන්තර තරග අවස්ථා අහිමි කරවීමෙන් තොරව වැඩි අවධානයකින් තෝරා ගැනීම් සහ පුහුණුවීම් කරන ක්‍රමවේදවලට පිවිසිය යුතුය.ා
https://bit.ly/3YDmpYg

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ධවල මන්දිරයේ නවතම තීරණය: ශ්‍රී ලංකාවටත් බලපායි!

රෂිකා හෙන්නායක ජූනි 28, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වැඩසටහන් 24කට...

ඒකාබද්ධ ග්‍රාම සංවර්ධන වැඩසටහන මාතලෙන් ඇරඹේ!

කොළඹ LNW:ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යංශයට...

ඊශ්‍රායල ගැටුමෙන් මියගිය හමුදා නායකයින් සඳහා ඉරානය රාජ්‍ය අවමංගල්‍ය උත්සවයක් පවත්වයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 28; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායලය විසින් එල්ල...

කොළඹ වරාය සහ කොළඹ නගරයම අවධානමක – NPP ආණ්ඩුව ඉන්දියාව එක්ක හොර ගිවිසුමක් අත්සන් කරලා! (VIDEO)

කොළඹ LNW:කොළඹ ඩොක්යාඩ් සමාගමේ 51%ක අයිතිය ඉන්දියාවේ පැසගන් ෂිප්ඩොක්...