කංකං බූරු,සිං සිං⁣ඤෝරූ!

Date:

උපාලි කොළඹගේ

කොළඹ LNW: “උඹල අපි කියන දේ අහනවද? එහෙනං දුවලා දුවල ගිහිල්ලා නගර සභා ප්‍රාදේශීය සභා පිහිටු වීමට ආධාර කරපල්ලා “

මේ වෙලාවේ කළ යුත්ත මේවෙලාවේ කළ යුතුය. එසේ නොකර බල තන්හාවෙන් ආවේශ වී දේශපාලන පොර පිටිය තුළ ඩෙගා නැටීම රටටත් අහිතකරය. තමුන් නැහැලාගේ පක්ෂ වලටත් අහිතකරය. ප්‍රථමයෙන්ම පැවති පළාත් පාලන මැතිවරණය ආණ්ඩු පෙරලන හා රටේ බලය අල්ලන මැතිවරණයක් නොවන බව තේරුම් ගත යුතුය. මෙය ගමට මහජන නියෝජිතයකු පත්කර ගැනීමේ අවස්ථාවක් බව තේරුම් ගත යුතුය. එසේ නැතිව ආණ්ඩුව පෙරලීමේ මහඟු අවස්ථාවක් ලෙස තේරුම් ගැනීමය වරද? විපක්ෂයක කාර්ය බලයේ සිටින ආණ්ඩුව පෙරලා ආණ්ඩු බලය ලබා ගැනීම බව පරම සත්‍යයකි. ඒ පිළිබඳව කිසිදු වාදයක් නැත. එය ප්‍රජාතන්ත්‍රවාදයේ හොඳ නරක දෙකම ගැබ්වූ කාරණාවකි.

නමුත් ඊට නිසි කාලය පැමිණිය යුතුය. පස්මහ බැලුම් බැලිය යුතුය. ජනතාව විසින්ම විපක්ෂය එතැනට තල්ලු කරන තෙක් ඉවසා සිටිය යුතුය. එසේ නැතිව කිසිදු දුර දිග බැලීමක් නැතිව දේශපාලන සංදර්ශන පැවැත්වීම විපක්ෂයට ඡන්දය දුන් ජනතාවට කරන අසාධාරණය. හොඳයි විපක්ෂයේ “හොරා පොලිස් ” කණ්ඩායම් එකතුවී යන්තම් නගර සභා හා ප්‍රාදේශීය සභා සොච්චමක බලය ගත්තා යැයි සිතමු. එය ද රටේ පළාත් පාලන බලයෙන් අරික් කාලක් වනු ඇතැයි අනුමාන කළ හැකිය. කිසිසේත්ම එය කැපී පෙනෙන ජයග්‍රහණයක් නම් නොවන්නේය. අනිවාර්යයෙන්ම අපේ රටෙි කාලකණ්ණි ප්‍රජාතන්ත්‍රවාදයට අනුව එම ප්‍රදේශවල අහිංසක ජනයා දෙවන පන්තියේ පුරවැසියන් වනු නොඅනුමානය. මෙයයි සත්‍යය. මෙම තත්ත්වය විපක්ෂයේ මහ ටිකිරි මොළයට නමි කෙහොමවත් තේරෙන්නේ නැත.

අනෙක තමන් විසින්ම හොරුන් ලෙස හැඳින් වූ පක්ෂ සමග එකට හිට ගැනීමට යෑමෙන් විපක්ෂයේ මහ පක්ෂ වලට සිදුවන හානිය බරපතලය. ආයිත් කටින් නම් හොරු ගැන කතා කිරීමට හැකි වන්නේ නැත. සජබයේ දිස්ත්‍රික් සංවිධායක වරයා ඉල්ලාඅස්වී ඇත්තේද මේ නිසාය. එමෙන්ම ජනතාවට ද පළාත් පාලන අංශයේ හෝ ඉක්මන් මැතිවරණ අවශ්‍ය නැත. ජනතාව සිටිනුයේ මැතිවරණ වලින් හෙම්බත් වීය. මෙම තත්ත්වය තේරුම් ගැනීමට නොහැකිව ඇත්තේ දේශපාලන උන සන්නිපාත කාරයන්ටය. දායාසිරි ජයසේකර වැනි දේශපාලන මොඩ චූන් කාරයන්ට නම් මෙය ආසික් අවස්ථාවකි.

එමෙන්ම අමාරු වෙන් ජය ගත් විපක්ෂයේ සභිකයන්ටද මෙය නොසිතූ අකුණු සැරයක් වනු නියති. එම පක්ෂ කැඩී යෑමටද මෙම තත්ත්වය හේතු විය හැක.

මාලිමා ආණ්ඩුවට පළාත් පාලන මැතිවරණයේදී පසුබෑමක් සිදුවූ බව සත්‍යයකි. එහෙත් ඔවුන් ඉවත් කිරීමට හෝ ඊට මුල් ගල තැබීමට මෙය සුදුසු අවස්ථාව නොවන බව මගේ අදහසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

reFocus සම්මාන උළෙල මෙවරත් විශ්මයජනක ඡායාරූපකරණයට නිසි වටිනාකමක් ලබා දෙයි!

සටහන – පුලී දෙසැම්බර් 26, කොළඹ (LNW):  reFocus සම්මාන උළෙල...

විද්‍යාඥයින්ගේ ඇස් උඩ යවමින්, චන්ද්‍රිකාවක් විසින් සුනාමියක් සජීවීව ග්‍රහණය කර ගනී!

සටහන – පුලී දෙසැම්බර් 26, කොළඹ (LNW):  ප්‍රථම වතාවට, අභ්‍යවකාශයේ...

පාට හතරකින් හැඩ වෙන කාන්තා ක්‍රිකට්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 26, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් කාන්තා...

හිටපු ඇමති ඩග්ලස් දේවානන්දා CID අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල ඊපීඩීපී පක්ෂයේ නායක, හිටපු අමාත්‍ය ඩග්ලස්...